මෙවර ජනාධිපතිවරණයේ කොම්පියුටර් ජිල්මාට් සිදුවුනාද?

යන්න මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතා සමග රාවය සිදුකළ විශේෂ සාකච්ඡාවේදී කරුණු මෙසේ අනාවරණය කර ඇත.

රාවය :
පසුගිය ජනාධිපතිවරණය පිළිබද ඔබේ නිරීක්ෂණ කවරාකාරද?

හූල්:
මගේ කනගාටුව වන්නේ මැතිවරණයට පෙර ඡන්දදායකයන් පෙළඹවීම ගැනයි. ඊට හේතු මොනවද කියා මා දන්නේ නැහැ. මුස්ලිම්වරු ඉලක්ක කරගැනීමක් සිදුව තිබෙනවා. ඇමති මණ්ඩලය තුළ මුස්ලිම් නියෝජනයක් අද දැක ගැනීමට හැකියාවක් නැහැ. මුස්ලිම්වරු තර්ජනයට ලක්ව තිබෙනවා. මුස්ලිම්වරු බහුලව සිටින ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශකිරීම පිළිබද හිතාමතාම වැරදි තොරතුරු ලබාදීම් සිදුව තිබෙනවා. එමගින් ඔවුන්ගේ ඡන්ද අඩු කිරීමක් අපේක්ෂා කරන්න ඇති. එම සිද්ධි ගැන කනගාටුව පළ කළ යුතුයි.

ඒත් සියලූම මුස්ලිම්වරු ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන් බවක් මා සිතන්නෙ නැහැ. එහෙම සිදු වුණා නම් මැතිවරණ ප්‍රතිඵල වෙනස් ආකාරයක් ගන්නවා. ඇයි එහෙම සිදුවුනේ කියා කියන්න මම දන්නෙ නැහැ. ඔවුන් රටේ පුරවැසියන් ලෙස සලකනු වෙනුවට ඔවුන් නුරුස්සමින් පැත්තකට දැමීමක් සිදුවුනේ ඇයි ?

 

රාවය :
මැතිවරණ කොමිසම අනියම් ආකාරයෙන් ගෝඨාභය රජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බවට දූෂමාන ආරංචි පැතිර යනවා. එය එසේ වුවා නම් මැතිවරණ කොමිසමේ නීති රීති මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය වීමක් බවට පත්වෙනවා.

හූල් :
ඔව්, බලවත් කිසිවෙකු අමනාප නොකිරිමේ රාජ්‍ය සේවක මානසිකත්වය නිසා අපි එක් පැත්තකට ඵලදායි ලෙස සහය දැක්වුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 බී (2) වගන්තිය මගින් පුරවැසිභාවය සහ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ ගැටලූ පිළිබදව සොයා බැලිමට (ඇත්ත වශයෙන්ම) භාවිතා කළ හැකි මැතිවරණ නීති බලාත්මක කිරීම සදහා පුළුල් බලයක් ලබා දෙනවා.

උසාවි සහයෝගය නොදක්වන්නේ නම්, මහජනතාව දැනුවත්කිරීම සදහා අපට සැමවිටම මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කළ හැකියි.

ජනාධිපතිවරයාට ඡන්දය ලබා නුදුන්නේ නම් ඔවුන්ට අලි සබ්‍රි විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ලද තර්ජන ගැන සොයා බැලීමට අපි අසමත් වුණා.

කොළඹ ඡන්දදායකයන් 2400 නිල ලේඛනවලින් මකා දැමීම සිදුව තිබියදි, සජිත් ප්‍රේමදාසට එරෙහිව නොහික්මුණු දේවල් පළ කළ කොළඹ දිසාපතිවරයා සහ තේරිම්භාර නිළධාරි සුනිල් කන්නන්ගරට එරෙහිව තිබු පැමිණිලි අපි යටපත් කළ අතර, එවැනි පෝස්ට් කිරිම් අහම්බ යැයි නිදහසට කරුනු ඉදිරිපත් කරමින් උදාසීනව සිටියා.

 

රාවය :
 මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කොම්පියුටර් ජිල්මාට් සිදුවුනාද ?

හූල් :
Text 35මම එහෙම කියන්නෙ නැහැ. අපි කොම්පියුටර් ගත කළ බව සත්‍යයක්. සභාපතිවරයාගේ සහෝදරයකු වන වසන්ත දේශප්‍රිය අමාත්‍යාංශයේ ඩිජිටල් විෂය පිළිබද කටයුතු කරන කෙනෙක්. ඒ නිසා සභාපතිවරයා ඔහු ආයතනයට ගෙනාවා. ඒ වගේම අප හරි හැටි නොදන්නා සමාගමක් වන ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඬේෂන් සමග ගිවිසුමකට එළඹ රෙකමදාරු කිරීම සහ ආයතනික ඩිජිටල් කටයුතු ශක්තිමත් කිරීමට එකග වීමක් සිදුවුනා. 

සෑම කටයුත්තක් කෙරෙහිම එම සමාගම හොද වෘත්තිය ආයතනයක්. ඒත් එවැනි ගිවිසුමකට එළැඹීමේදි මා සිතුවේ දෘශ්‍ය ප්‍රදර්ශනය සදහා මෘදුකාංගයක් සකස් කොට එය අප ආයතනය මගින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන කටයුත්තක් බවයි. එය සකස් කිරීමට ප්‍රමාදවීමට බලපාන ලද හේතුව කුමක් වුවත් මැතිවරණයට පෙර දිනයේදි මැතිවරණ කොමිසමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ එය ක්‍රියාත්මක නොකෙරෙන බවයි.

ඒත් ඔවුන් ක්‍රියාත්මක කළා. ඒ වගේම නිල වශයෙන් ඒ අංශ භාරව සිටියේ මමයි. ඒත් ඒ තුළ සිදුවන කවර දෙයක් ගැනවත් මා දැන සිටියේ නැහැ. මැතිවරණ දින රාත්‍රීයේ මැතිවරණ නියාමන කටයුතු සිදු කෙරෙන කාමරයේ බොහෝ ආගන්තුකයෝ සිටින අයුරු මා දැක්කා.

සාමාන්‍යයෙන් පිටස්තරයන්ට එම කාමරයට ඇතුළුවීමට ඉඩ දෙන්නෙ නැහැ. මගේ අනුදැනුමකින් තොරව කවුරුන් හෝ ඔවුන්ට ඊට ප්‍රවේශවීමේ බලපත්‍ර ලබා දී තිබුණා. එය යුක්ති සහගතද විය හැකියි. ඒ ගැන මට අදහසක් දැක්විය නොහැකියි. තර්කය වන්නේ කොමිසම විසින් දැනුවත්ව සිදු කළ යුතුයි. පිටස්තරයන් නියාමන මැදිරියට ඇතුල්වන බවක් මම දැනන් සිටියේ නැහැ.

නැවත වාරයක් එම මෘදුකාංගයේ අඩු පාඩුකම් දෙකක් සිදුවුනා. මම ඒ ගැන කියන්න ගියේ නැහැ. කාර්යාලීය සේවකයින් ඒ ගැන මා සමග කියා සිටි විට මා ඒ ගැන කතා කළා. මම ඒ ගැන කතාකරද්දිම එය නැවත යථා තත්ත්වයට පත්ව තිබුණා. නැවතත් එහි අයෝග්‍ය බවක් පෙනී ගියා. කොමිසම විසින් පාලනය කළ යුතු දේ පිටස්තරින් ගෙනෙන ලද ස්වේච්ඡුා පුද්ගලයින් අතට පත් කිරීමක් කෙරුනා. එය සිදුවුණේ පෙර කියන ලද සමාගමේ නිර්දේශ මතයි. ඊට වඩා යමක් කියන්න මම දන්නේ නැහැ.

Text 36ඒත් මැතිවරණයක් සාමාන්‍යයෙන් හසුරුවන්නේ වැටුප් ගෙවිම් ලබන සේවකයන් මගින්. එහෙත් සභාපතිවරයා කියා සිටින්නේ ඔවුන් රාජ්‍ය සේවකයන් බවයි. රජයේ සේවකයෝ සිය ගණන් සිටිනවා. උදාහරණයක් වශයෙන් සුනිල් කන්නන්ගර රාජ්‍ය සේවකයෙක්. එසේ වුවත් ඔහු ප්‍රේමදාස මහතා බුරුවෙකු ගේ පුත්‍රයකු බව හදුන්වමින් මුහුණු පොතේ දමා තිබෙනවා. ඔහු කොළඹ භාරව කටයුතු කරන්නේ කොහොමද. මිත්‍රකම මත ඔවුන් ගෙන්වා ගෙන තිබෙනවා.

 අපිට කොමිසම මිත්‍රත්වය මත පවත්වාගෙන යා නොහැකියි. අපිට නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සම්බන්ධයෙන් මම තනිවූ කෙනෙක් බවට පත්වූ බව මට හිතෙනවා. ප්‍රේමදාස මහතාවත් මේ ගැන විරෝධය දක්වා තිබුනේ නැහැ. ඊට හේතු මොනවද කියා මම දන්නෙ නැහැ. ඒ නිසා මමත් දැන් නිහඩව සිටිනවා.

 

රාවය :
එම සමාගම ගෝඨාභයවාදී ලෙස කටයුතු කළ බව ඔබ සිතනවාද ?

හූල් :
මම එහෙම හිතන්නේ නැහැ. ඒත් මම දන්නේ නැහැ. ඒක තමයි තර්කය. මම දන්නේ නැහැ කන්නන්ගර විසින් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මුහුණු පොතට දමන ලද ප්‍රකාශය ගැන සභාපතිවරයා කියා සිටියේ ඔහු විසින් අයිෆෝන් ( I phone) එකක් භාවිතා කරන නිසා වැරදීමකින් එය සිදුව තිබෙන බවයි. මට මුහුණු පොතක් තිබේනම් ඊට වැරදිමකින් යමක් ඇතුලූත් කළේ නම් ක්ෂණිකව එය ඉවත් කිරීමට කටයුතු කරනවා.

කන්නන්ගර විසින් සිදු කරන ලද වැරදි ක්‍රියා ගැන ප්‍රශ්න කිරීමක් සභාපතිවරයා විසින් සිදුකළේ නැහැ

නොවැ. 29 රාත්‍රීයේදි ජනාධිපතිවරණයට අදාල වාර්තාව එවා තිබුනා. එය ලියන ලද්දේ කවුරුන්දැයි කියා මම දන්නේ නැහැ. එය හුදෙක් අත්සන් කිරීම සදහා මා වෙත එවා තිබෙනවා. මැතිවරණ සමය තුළ සිය ගණන් ලියවිලි ලැබුණා. ඒවා කියවීමට අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. හුදු විශ්වාසය තබා වාර්තාව අත්සන් කිරීමක් මගෙන් අපේක්ෂා කරනවා.

පිටස්තරයෝ ඇතුළේ වැඩ කටයුතු කරද්දි මා වාර්තාවකට අත්සන් කරන්නෙ කොහොමද? මෙම වාර්තාවට අත්සන් කිරීමට මා කටයුතු කරන්නේ නැහැ. ඊට හේතුව ඒ ගැන කිසිවකු මා දැනුවත් කළේ නැහැ.

 

රාවය :
පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ නීති උල්ලංඝනය කරන ලද රාජ්‍ය ආයතන හයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. එම ආයතන හය මොනවාද? ඔබ කොමිසම මගින් එම ආයතන වලට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවාද ?

හූල් :
මෙය තමයි ගැටලූව. මා ඒ ගැන දන්නේ නැහැ.

 

රාවය :
ජනාධිපති අපේක්ෂකයන් සදහා ඉදිරිපත් වන පුද්ගලයන්ගේ ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා. වාර්තා වන අන්දමට පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 25 ක්ද ස්වාධීන අපේක්ෂකයකු ලක්ෂ 30 ක්ද වශයෙන් මුදල් තැන්පත් කිරීම අවශ්‍ය බව යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එමින් නීතියක් බවට පත් කරනු ලබන්නේ කවදාද?

හූල් :
Text 37එම ප්‍රශ්නයත් මට අලූත් ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා. ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇප මුදල් වැඩි කිරීමේ අවශ්‍යතාවය ගැන අප කතා කර එම ගැටලූවේ පැතිකඩ දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ ඇප මුදල වැඩි කළහොත් වීදියේ සිටින සාමාන්‍ය පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි වෙනවා. එම ඇප මුදල වැඩි නොකළහොත් සිදු වන්නේ සෑම කෙනාම විනාශකාරි මාර්ග අනුගමනය කරමින් තරගයට ඉදිරිපත් වෙනවා. මෙලෙස කියන්නන් වාලේ මේ ගැන ප්‍රකාශ කළ නොහැකියි. එසේ වුවද මේතරම් ලක්ෂ ගණනක මුදලක් ගැන මැතිවරණ කොමිෂන් සභාව තුළ සාකච්ඡුාවට ලක් කෙරුණේ නැහැ. මේවා සභාපතිවරයාගේ අදහස්.

 

රාවය :
ශ්‍රී ලාංකික පුරවැසියකුගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කිරීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර පැහැදිලි කළ හැකිද?

හූල් :
පියවරෙන් පියවර පැහැදිලි කිරීමක් කළ නොහැකියි. කිසියම් ශ්‍රී ලාංකිකයකුට ඇමෙරිකානු පුරවැසිභාවය අවලංගු කළ යුතු බවට ඇමෙරිකාවට ගොස් පැවසිය යුතුයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. ඒ සදහා බොහෝ ආයතන වෙත යොමු වීමට අවශ්‍ය කරනවා. අවසානයේදි අදාල පුරවැසියා පිළිබදව තොරතුරු ඇමෙරිකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඔහු විසින් ගෙවීමට නියමිත බදු තිබේදැයි පරික්ෂා කර බලා ඊට අදාල ලියවිලි ලබා ගත් පසු එය ගැසට් නිවේදනයක් මගින් පළ කරනවා. එය ඉතාම හෙමින් සිදුවන ක්‍රියාවලියක් බවට පත්වෙනවා.

 

රාවය :
ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඔබ සදහන් කළ ක්‍රමවේදය අනුගමනය කරමින් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන තිබේද ?

හූල් :
ඒ ගැන මට කිව නොහැකියි. ඒත් ඔහු ඔහුගේ ඇමෙරිකාවේ පුරවැසිභාවය අහෝසිකර තිබෙන බව විශ්වාස කරනවා.

(උපුටා ගැනීම : රාවය - සටහන ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු)

 

logo

 Apekshakaya

subscribeYT

නවතම පුවත්