මෙරට විශ්ව විද්‍යාලයකින් ආරම්භ කරන ප්‍රථම රූපවාහිනී නාලිකාව වන වාපා ටෙලිවිෂන් නාලිකාව (Vapa Television) පෙබරවාරි 2 වැනිදා පෙරවරු 9.15ට සිය
විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.
ඒ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ ප්‍රධානත්වයෙනි.
වාපා ටෙලිවිෂන් නාලිකාව, Peo Tv නාලිකා 123 ඔස්සේ නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තබන මෙම නව පියවර විද්‍යාර්ථයින්ගේ අපේක්ෂා ඉටු කරගැනීමට මෙන්ම ආදී විද්‍යාර්ථයින් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන සැමට තම නිර්මාණ පර්යේෂණ නවෝත්පාදන ආදිය ජනගත කිරීම උදෙසා උපරිම දායකත්වයක් ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ඇත.
දේශීය රූපවාහිනී නාලිකා විසින් සෞන්දර්ය, කලාව හෝ ශාස්ත්‍රීය සංකථන සහ තදානුබද්ධ අත්දැකීම් කෙරෙහි හෝ නූතන සමාජ ප්‍රවේශය සඳහා වෙන් කරන ගුවන් කාලය සීමිත බැවින් අහිමි වූ අවස්ථා සහ සබඳතා යලි වර්ධනය කරගැනීමට සාර භූමියක් ලෙස වාපා ටෙලිවිෂන් නාලිකාව යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
ශික්ෂානන්දයේ නාලිකාව වීමේ අරමුණ පෙරදැරිව "ටෙලිවිෂන් ආලකමන්දාව" යන තේමා පාඨය අනුව නිර්මාණය කෙරුණු වාපා ටෙලිවිෂන් නාලිකාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චිගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip