පුරාජේරුවක් නොවන සිහිපත් කිරීමක්

 

වසර ක්‍රිස්තු වර්ෂ 2000 ය. මාසය පෙබරවාරි ය. දින හරියට ම කියනවා නම් 01, 02 සහ 03 ය. තැන කොළඹ මහජන පුස්තකාලය යි. වැඩ සටහන නම්කර තිබුණේ ‘‘සිය වසක කවි දැක්ම’’ යන මැයෙනි.

 

මෙම වැඩසටහන පිළිබඳව මේ වන විටත් මතක ඇති අය අතර: ජනක මහබෙල්ලන (මේ වන ඔහු පාසල් ගුරුවරයෙකි), සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ (එවකට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි), කපිල ක්‍රිෂාන්ත, සංජය ඈපා සෙනවිරත්න සහ මේ වන විට නම සිහිපත් කිරීමට පවා අප්‍රසන්න පුද්ගලයෙක් ද සිටිති. මේ අතුරෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත හැර අන් සියලු දෙනා ම මා සමග එකම නවාතැනක සිටි මිතුරෝ වෙති. මීට අමතරව අදාළ වැඩසටහනට ඍජුව මැදිහත් නොවුණ ද සංජීව පුෂ්පකුමාර ද මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයී ය. ඔහු මෑත දිනක ද ඒ පිළිබඳව ආවර්ජනය කළේ ය.

 

How COVID 19 affecting the Sri Lankan music industry

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

 

වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ පිළිපන් මොහොතේ පළමුවෙන් ම අපි ඒ වෙනුවෙන් උපකාර පතා සිටියේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවියාගෙනි. මා සමග එම ගමනට එක් වූයේ ජනක මහබෙල්ලන සහ කපිල ක්‍රිශාන්ත ය. එවකට රත්න ශ්‍රී විජේසිංහ පදිංචිව සිටියේ ගාල්ල කොටුවේ ය. ඔහුගේ මග පෙන්වීම අනුව ගාල්ල ඉමදුව ප්‍රදේශයේ විසූ නන්ද පාඬිකෝරාල කවියා ද, මහමෝදර ප්‍රදේශයේ සහ එවකට සිමෙන්ති කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයේ විසූ කවියෙක් ද සම්මුඛ වුණෙමු. එම කවින් දෙදෙනා ද ඔවුන් සතුව තිබූ ඉතා දුර්ලබ කවි පොත් කිහිපයක් ම ප්‍රදර්ශනයට තැබීම සඳහා ලබා දුන්හ. ගාලු ගිය පළමු ගමනේ දී මතු නොව දෙවන ගමනේ දී ද (දෙවන ගමනේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ ද අපි සමග එක්විය) ඔහු  අපි සියලු දෙනාට ම නවාතැන් පහසුකම් සපයා දී ආහාරපානාදිය ද ලබා දුන්නේ ය. ගාල්ල ඉමදුව සිට කොළඹ පැමිණ එම දින තුන ම අපි සමග ගතකළේ ය. ඒ, ඔහු කවියට ආදරය කළ බැවින් සහ අපි කවිය වෙනුවෙන් කළ කැපවීම අවබෝධ කරගත් බැවිනි.

 

අදාළ වැඩසටහන දින තුනක් පුරා පැවැත්වූ අතර: පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ ප්‍රමුඛ බොහෝ කවි කිවිඳියෝ ආරම්භක උත්සවයට පැමිණීමෙන් ද, දේශන සඳහා සහභාගි වීමෙන් ද අපිට ඉමහත් සේ උපකාර කළහ. ඊට අමතරව එවකට පුධාන පුවත්පත්වල කවිපිටු සංස්කාරකවරු කිහිප පළක් මෙන් ම සංස්කාරකවරියන් කිහිප පළක් ද ඔවුන්ගේ සම්පත් දායකත්වය ලබා දුන්හ. එමෙන් ම දිවයිනේ ප්‍රසිද්ධ ම කවියෙකු අපේ ආරාධනය තඹයකට මායිම් නොකර එකදු දිනයක් හෝ නොපැණියේ ය. එය ද විශේෂත්වයකි.

 

රූපවාහිනී සංස්ථාව සහ බොහෝ මුද්‍රිත මාධ්‍යය ද ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නේ ය. එහි දී එවකට යුක්තිය පුවත්පතේ සේවය කළ සිතා රංජනී මා පිළිබද කිසිවක් ම නොදැන සිටිය ද අදාළ වැඩසටහන වෙනුවෙන් මා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඒ සඳහා පුවත්පතේ ඉඩ ලබා දුන් අතර ලංකාදීප පුවත්පතේ සමන්ත යහම්පත් ද, රාවය පුවත්පතේ කේ. ඩබ්ලියු. ජනරංජන ද විශාල සහයෝගයක් ලබා දුන්හ. මහින්ද කුමාර දළුපොතගේ මැදිහත්වීමෙන් අලෙවි කර මුදල් ගෙවීමේ පදනම මත කවිපොත් ලබා දුන්නේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ සිරිසුමන ගොඩගේ මහතා ය. එමෙන් ම එවකට සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් රුපියල් පන් දහසක මූල්‍ය අනුග්‍රයක් ද ලැබිණ.

 

වැඩසටහනේ ස්වරුපය වූයේ 1900 වසරේ සිට 2000 වසර දක්වා වූ සිය වසර තුළ ශ්‍රී ලාංකීය සිංහල කවියේ ගමන් මග සහ එකී ගමන් මග සාර්ථක කරගැනීමට දායක වූ කවි කිවිඳියන්ගේ දුර්ලබ කෘති සහ ඔවුන්ගේ ඡායාරූප, අත්පිටපත් යනාදිය ඇතුළත් ප්‍රදර්ශයක් පැවැත්වීම, සංයුක්ත කවි ප්‍රදර්ශනය කිරීම, තෙදින පුරා ම කවිය වෙනුවෙන් වෙන්වූ වැඩසටහන් දියත් කිරීම සහ කවි පොත් අලෙවිය යි.

 

‘‘කවි පොත් විතරක් විකුණන්නේ ඇයි...?’’, ‘‘අතින් කයිට් කරගන්න ද හදන්නෙ...?’’, වෙන පොත් වර්ගත් දාන්න’’ යැයි ඇතැම් හිත මිතුරන් කොතෙක් පැවසුව ද අපි තීරණය කළේ කවි පොත් පමණක් ම ප්‍රදර්ශනය කිරීම ය; අලෙවි කිරීම ය; කවිය වෙනුවෙන් කළ හැකි යම් මැදිහත්වීමක් කිරීම ය. ගොඩගේ ආයතනයෙන් ලබාගත් කාව්‍ය කාතිවලට අමතරව කර්තෘ ප්‍රකාශක ප්‍රකාශිකාවන්ට ද ඔවුන්ගේ පොත් අලෙවියට සහ ප්‍රදර්ශනයට තැබීමට අවස්ථාව උදා කර දුන්නේ ය. අදාළ තෙදින තුළ විශාල කවි පොත් ප්‍රමාණයක් අලෙවි කළ අතර ගොඩගේ ආයතනයෙන් ලබාගත් පොත්වල පමණක් ආදායම රුපියල් හතළිස්තුන්දහසක් පමණ විය. දිනපතාම සහභාගිවු මිතුරු මිතුරියන් වෙනුවෙන් දැරූ වියදම්, ශාලාව සඳහා දැරූ වියදම් මෙන් ම අනෙකුත් ප්‍රචාරාත්මක කටයුතු සඳහා දැරූ වියදම් සමග සසඳා බැලු විට ඇතැම් මිතුරතු මිතුරියන් පැවසූ පරිදි ම යම් මුදල් ප්‍රමාණයක්  පුද්ගලිකව ද වියදම් කිරීමට සිදුවිය. එහෙත් අපි සියලු දෙනා ම ඉතාමත් සංතෘප්තියට පත්වුහ. ඒ, කවිය වෙනුවෙන් යම් මැදැහත්වීමක් සිදුකරන්නට හැකි වීම සම්බන්ධයෙනි. එය මගේ මතු නොව යට සඳහන් කළ සියලු මිතුරු මිතුරියන්ගේ ජීවන ගමන් මගේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් යැයි පැවසුව ද එය නිවැරැදි ය.

මෙම සිදුවිම් පෙළ සිහිපත් කළේ පුද්ගලිකව මා පිළිබදව හෝ අදාළ වැඩසටහනට සහභාගි වූ කිසිවකු පිළිබඳ පුරාජේරු පැවසීමට හෝ අතීතකාමය නිසා නොවේ. එසේ නම් කුමකට ද යන්න දැන් මෙය කියවන ඔබ සිතනවා නොඅනුමාන ය. මේ සියල්ල පැවසුවේ  මීට විසි දෙවසරකට පෙර කළ එම කටයුත්ත ම ඊටත් වඩා දියුණු තත්ත්වයකින් පැවැත්වූ අවස්ථාවක් සිහිපත් කිරීම සහ ඒ වෙනුවෙන් ස්තුතිය පළ කිරිම සඳහා ය; ප්‍රණාමය පළ කිරීම සඳහා ය.

 

වර්තමාන කතාව

 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන නම ඇසු පමණින් ඔහු කවුද යන්න මෙරට සිංහල පාඨක ප්‍රජාව මතු නොව දමිළ පාඨක ප්‍රජාව ද හොඳින් හඳුනයි. ඔහු සාහිත්‍යකරණයේ නියැළෙනවාට අමතරව කාව්‍ය කෘති සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ‘‘සන්ථව ප්‍රකාශන’’ යන මැයෙන් ප්‍රකාශන ආයතනයක් ද ස්ථාපිත කළේ ය. එම ප්‍රකාශන ආයතනයට දස වසරක් පිරිම නිමිත්තෙන් පසුගිය 24, 25 සහ 26 යන තෙදින තුළ බොරැල්ල රාජගිරිය පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී කවි පොත් සල්පිලක් පැවැත්විය. එය නම් කර තිබුණේ ‘‘සන්ථව තැනතලාව’’ යන මැයෙනි.

santhawa 00

 

මෙය ද හුදු පොත් සල්පිලක් පමණක් ම නොව අපි 2000 වසරේ පැවැත්වූ ‘‘සිය වසක කවි දැක්ම’’ ප්‍රදර්ශනය ද අභිභ වූ කර්තව්‍යකි. මෙහි දී ද කාව්‍ය ප්‍රකාශන ආයතනවලට මතු නොව දිවයින පුරා විසිර සිටින ඕනෑම කවියකුට කිවිඳියකට තමන්ගේ පොත් ජනතාව අතරට ගෙන යාමට අවස්ථාව සලසා තිබිණ. එම දින තුන ඇතුළත: වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ ‘‘මල් සුවඳැති හිසරදයක්’’ සහ ජීවන්ති රත්නසේකරගේ ‘‘තවම පරණයි කොළඹ’’ කවි කාව්‍ය සංග්‍රහ දෙක ජනගත කළේ ය; අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘‘මුද්‍රණ යුගයේ කොළඹ කවිය’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වී ය.

 

book 1

 

පොත් සඳහා පරසිදු මරදාන ප්‍රදේශයේ පිහිටි ඇතැම් පොත් අලෙවිසල් විකුණා මුදල් ලබාගැනීමේ පදනම යටතේ හෝ කවි පොත් අලෙවියට බාර නොගන්නා වාතාවරණයක් තුළ අවම වශයෙන් තමන්ගේ කවි පොතක් කාව්‍ය රසික ප්‍රජාවට ප්‍රදර්ශනය කිරීම වුව ද කවියකුට කිවිඳියකට කෙතරම් අගනේ ද...? සම්මාන ලාභී කවියකු එම අවස්ථාව සලසා දීම කෙතරම් අගනේ ද...?

 

තැනිතලාවේ නිමිත්ත

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, Author at ආලෝචනා

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

 

සන්ථව නමින් 2012 වසරේ කාව්‍ය කෘති ප්‍රමුඛ කර ප්‍රකාශන ආයතනයක් ස්ථාපිත කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 2017 වසරේ දී තවත් නවමු කාර්යයක් ඇරඹි ය. ඒ, සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල ය. කවිය පසෙකට තල්ලු කර දමා තිබෙන, කාව්‍ය විචාරයක් පුවත් පතක පළ කරගැනීම පවා අපහසු වාතාවරණයක් තුළ සිය පුද්ගලික වියදමෙන් කාව්‍ය විචාර සම්මාන උළෙලක් පවත්වනවා යන්න බරපතළ මෙන් ම අභියෝගාත්මක කර්තව්‍යකි. නමුදු ඔහු 2017 වසරේ සිට මේ දක්වා එම අභියෝගය ජයගනිමින් සිටී. කාව්‍ය විචාරක විචාරිකාවන් වෙත සම්මාන සහ කුසලතා සහතික ලබාදීමෙන් පමණක් නොනැවතුණ මෙම වැඩසටහන එදා මෙදා තුර සෑම වසරක ම කවිය පිළිබඳ ලියැවුණ කෘතියක් ද පළ කළේ ය. දැන් අපි මඳක් ඒ අතීතයට එබී බලමු.

 

2017 වසරේ ප්‍රශස්ත ම විචාරය දර්ශිකා සෞම්‍යා ජයකොඩි

2018 වසරේ ප්‍රශස්ත ම විචාරය කල්ප එරන්ද

2019 වසරේ ප්‍රශස්ත ම විචාරය ධනුෂ්කා තිලකරත්න

2020 වසරේ ප්‍රශස්ත ම විචාරය දිනිති උත්පලා රණසිංහ

 

සූරිය සිහිබාහු

2021 වසරේ ප්‍රශස්ත ම විචාරය ජනක මහබෙල්ලන විසින් රචිත ‘‘මට සුපුරුදු මේ නගරය’’ කෘතිය පාදක කරගනිමින් ‘අසු වෙසින් දුවන ගොළුබෙලි මහබෙල්ලාන කවිය’ යන මැයෙන් විචාරය ලියූ සූරිය සිංහබාහු

 

(මෙම සියලු සම්මාන ලබා දෙන්නේ සම්මා උළෙල පවත්වන වසරට පෙර වසරේ නිකුත් වු කාව්‍ය සංග්‍රයක් වෙනුවෙන් රචිත විචාරයක් සඳහා ය. 2021 වසරේ නිකුත් වූ කවි පොත් අළලා කෙරෙන විචාර සම්මාන උළෙල ද මෙම වසර පැවැත්වීමට සුදානම් බව එහි සංවිධායක මඬුල්ල විසින් දන්වන ලදී)

2017 වසරේ සිට මේ දක්වා කවිය පිළිබඳ පළ වී ඇති කෘති සහ ඒවායේ කර්තෘවරු මතු සඳහන් වේ.

 

snth

 

1. 2017 - නව කවියේ කවිතාව සහ සාරාර්ථය - මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති

2. 2018 - කවි සාර දීපනී - තිඹිරියාගම බණ්ඩාර

3. 2019 - රසාර්ථ දීපනී - මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි

4. 2020 - විචාර සහසකර - සිසිර කුමාර මහගම

 

sujee

5. 2021 - මිණි දැදිරි - සුජීව සිරිමෙවන්

 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල: කවියෙකු ලෙස, නවකතාකරුවකු ලෙස සහ යොවුන් සාහිත්‍ය රචකයෙකු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් ඉක්බිති පසෙකට වී සිය නිර්මාණ කටයුතුවල යෙදීමෙන් පමණක් නොනැවතී කවිය වෙනුවෙන් කරන මෙම මැදිහත්වීම ප්‍රශස්ත ය. තව ද මෙය ඔහුට තනිවම කළ නොහැකි කාර්යයක් බව ද අපි අවබෝධ කරගත යුතු ය; ඒ පිළිබද කවියට ලැදි අපි සැවොම ඔහුට සහ මෙබඳු සද්කාර්ය සඳහා නිබඳව ම සහය දක්වන පිරිසක් සිටීනම් ඔවුන්ට ද ප්‍රණාමය පුද කළ යුතු ය.

 
 

jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/02/27 

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්