රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් සහ වාර්තා වැඩසටහනක් ඉන්පුට් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රදර්ශනයට සුදුසුකම් ලබා තිබෙනවා.



ඒ සම්බන්ධයෙන් අතුල දිසානායක විසින් සිය මුහුණු පොතෙහි තැබූ සටහනක් පහතින්,

"ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර මැයි මස 09-13 පැවැත්වෙන INPUT Television Conference සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රංග බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ "Milk Rice" නාට්‍ය සහ "For the Disappeared You" යන වාර්තා වැඩසටහන රූපවාහිනී තේරී පත්වී ඇත.

එක් අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණ දෙකක් එකවර මෙම සම්මන්ත්‍රණයට තේරුණු පළමු අවස්ථාව මෙයයි.

2020 ඉන්පුට් රූපවාහිනි ප්‍රදර්ශනය සඳහා ද රංග බණ්ඩාරනායක ගේ රූපවාහිනී වැඩසටහනක් තේරී පත් වුණත් කොවිඩ් තත්වය නිසා එම වසරේ ඉන්පුට් ප්‍රදර්ශනය නොපැත්විණි.

Input TV – INPUT from around the world

මෙවර පැවැත්වෙන ඉන්පුට් රුපවාහිනී සම්මන්ත්‍රණයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රටවල් 33 ක නිර්මාණ 86 ක් තෝරාගෙන ඇත. මහජන සේවා රූපවාහිනී ආයතනවල රූපවාහිනී වැඩසටහන් නිර්මාණ කරණය ප්‍රශස්ථ තලයකට සංවර්ධනය කිරීමේ අදහසින් ඉන්පුට් රුපවාහිනී සම්මන්ත්‍රණය පැවැත්වේ.

වාර්ෂික ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ඉන්පුට් රූපවාහිනී සම්මාන්ත්‍රණයට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්වූයේ 2016 කැනඩාවේ කැල්ගරි නුවර පැවැති ඉන්පුට් සම්මන්ත්‍රණයත් සමගිනි.  

අනතුරුව මෙම සම්මන්ත්‍රණය ග්‍රීසියේ තෙසලුනිකි නගරයේ ( 2017) ඇමරිකාවේ බෲක්ලින් නගරයේ (2018) සහ තායිලන්තයේ බැංකොක් නුවර ( 2019) පැවැත්විණි. මෙම රූපවාහිනී සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනීසංස්ථාවේ නිර්මාණකරුවන් වූ අතුල පීරිස්, කංචන මාරසිංහ, මොහාන්ජි රංගනාථ සහ ෂිරාන් රත්නායක යන අයගේ නිර්මාණ තේරී පත්විය."

May be an image of 3 people, beard and text


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්