ඉන්දියානු ලේඛිකා ගීතාංජලී ශ්‍රී, අන්තර්ජාතික බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දීය ජාතිකයා බවට ඊයේ (26) දිනයේ දී පත්විය.



ඇය විසින් ලියූ "Tomb of Sand", සිය ස්වාමියාගේ අභාවයෙන් දැඩි සේ චිත්ත පීඩාවට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක වටා ගෙතෙන්නෙකි.

 

අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුවට සුදුසුකම් ලැබූ පළමු හින්දු භාෂිත කෘතිය වන්නේ ද "Tomb of Sand" ය.

 

"මම කවදාවත් බුකර් ත්‍යාගය ගැන සිහින මැව්වේ නෑ, මට පුළුවන් වේවි යි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මොනතරම් විශාල ඇගයීමක් ද. මම පුදුමයටත්, නිහතමානී සතුටටත් පත්වෙනවා. මට මෙය ගෞරවයක්," යනුවෙන් ඇය පවසා සිටියා ය.

 

 124937246 gettyimages 1399441608 594x594 1

 

ජයග්‍රහණය වෙනුවෙන් ලද පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගය ගීතාංජලී සහ කෘතියේ පරිවර්තිකා ඩේසි රොක්වෙල් අතර සමසේ බෙදී යයි.



ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත ප්‍රබන්ධ කෘති 'අන්තර්ජාතික බුකර් ත්‍යාගයට සුදුසුකම් ලබයි.

2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ.

මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් ත්‍යාගය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 135 ක් බව සංවිධායකයෝ පවසති.

merlin 205101423 66d236cd 0861 4837 ba1b a8ee330e206a mobileMasterAt3x

 

"මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ" මෙවර කෙටි ලැයිස්තුවට සුදුසුකම් ලැබූ සෙසු ලේඛකයින් වන්නේ මියෙකෝ කවකමි, බෝරා චුන්, ජෝන් ෆොස්, ක්ලෝඩියා පිනෙරෝ සහ 2018 බුකර් ත්‍යාගයට හිමිකම් කියූ ඔල්ගා තොකර්චුක් ය.

 

(අවාරා)

 

 

 

සබැඳි පුවත් :

අන්තර්ජාතික බුකර් ත්‍යාගය 2021 : පළමු වරට ප්‍රංශ ලේඛකයෙක්ට

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්