( සිනෙරූ-යථාරූ : අරවින්ද ගේ සතියේ සිනමා විචාරය - මෙවර ලිපිය නැරඹුම්කාමය සහ ඇල්ගෝ- රිදම්ස්

සම්බන්ධව යි)




“කවුරුහරි මං දිහා හොරෙන් බලාගෙනද ඔය?

මට නිතර ම එහෙම දැනෙන්නනෙ ඇයි?
මම නිකං පුද්ගලික නෑ වගේනේ ? ....
ඇයි ඒ? ....       කියන්නකෝ! ...
මම මේ දකින්නේ හීනයක්ද කියල, ඔයාලා මට කියන්න!

එහෙමත් නැත්තං, මාව මතිභ්‍රමයකට අහුවෙලා ද?
මගේ සිතිවිලි භාහිර ලෝකයෙන් ගැලවිලා වෙන්වෙලා  
මගෙ ඇතුළෙ  ම  කැරකෙනවද?


ඔව්!!!
මගේ සිතිවිලි මං ඇතුළෙම කැරකෙනව වගේ!
සිතිවිලි මං ඇතුළෙ ම කැරකි කැරකි මාව ගොනාට අන්දනව වගේ ...
මට මෙහෙම වෙන එක මං ගත්තු තනි තීන්දුවක් ද ? ...


වෙන්න බෑ! ...
නැත්තං, මං දන්නැතුව කවුරුහරි ගත්තු තීන්දුවක් ද ?
ඇත්තට ම මං කාගෙහරි පදයට නටනවා ද?

එතකොට කෝ යථාව?

මේක මායාවක් නම්, යථාවත් කොහෙ හරි තියෙන්න ම එපැයි.
මේ මායාව ඉබේ ඇති වෙච්ච එකක්  ද?
කවුරුහරි මගේ අනුදැනුමක් නැතුව
 මං ඇතුළේ පැල කරපු මායාවක් ද මේ?  

මේ මායාව ගොඩනගංවපු එකක් නේ ද?
කවුද ගොඩනංවපු කෙනා?

එහෙමනං ෂුවර් එකට ම ඒ ගොඩනංවපු කෙනා යථාව තුළ ජීවත්වෙන කෙනෙක් වෙන්න එපැයි???? ....
අනික මායාවක ම ඉන්න කෙනෙක් කොහොමද,
අපිව අහුකරගන්න පුළුවං මායාවක් ම ගොඩනගන්නේ ...

ඉතිං මං මේ මායාව කොහොමහරි විසඳත්තොත්?...
එතකොට මොන විදිහකින් හරි අහුවෙන්න එපැයි මට යථාව ???? ...

ඇත්තට ම මේ දේවල් ගැන හොයන්නේ මං විතර ද?
අනික් අයටත් මට වෙන දේවල්මනෙ වෙන්නේ???? ....
එතකොට ඇයි, එයාල මේ හැමදෙයක් ම
සාමාන්‍ය විදිහට අරං ජීවත් වෙන්නේ?????....”




මේ සිතිවිලි දාමය දිහා බලන්න!


46A93C7200000578 0 image a 45 1511535762345

සයිබර් සිස්ටම් එකකින් හෙවත් සයිබර්-ව්‍යූහ-පද්ධතියකින් (Cyber-Structural-System) හිතක් ඇතුළ ඇතිකරන සිතිවිලි රටාවකින් (Thinking Model) ගැලවී යන්නට හදන නව-නූතන මනුස්සයෙක් (Neo-Modern Human being). මේ මනුස්සයා කාබනික සිරුරක්. ඒ වගේ ම තරමක් සබුද්ධික මනසක් හිමි භවයක්.

මේ මොනලොග් එකේ හැටියට එයා තරමක් හෝ සිස්ටම් එකනේ පිට පැනපු කෙනෙක් වෙන්න ඕනි. නැත්තං එයාට මේ වගේ සිස්ටම් එකෙන් පිට පැනල සිතන්න සහ සොයායන්න උවමනාවක් ඇතිවෙන්න හේතුවක් නැහැනේ.

නිවැරදි පිළිවෙලට කොම්පියයුටරයේ අකාබනික තාක්ෂණයෙන් හරියට ම ඩිජිටලි ප්‍රෝග්‍රෑම් වෙච්ච මනුස්ස සතෙකුට, ඔය වගේ සිස්ටම් එකෙන් පිට වෙනිං දේවල් හිතෙන්න විදිහක් ඇත්තෙ ම නෑ කියල තමයි මං මෙච්චර කල් හිතං හිටියෙ.

බලන්න, මැට්‍රික්ස් චිත්‍රපටයේ කථානායකයා වූ “මිස්ටර් ඇන්ඩර්සන්” දිහා.

why neo is the one in the matrix trilogy

එයා හොබී එකට වගේ ඩිජිටලි හදාගත්තු “නියෝ” කියන කල්පිත චරිතය විදිහට සයිබර් අවකාශය තුළ නීති-විරෝධීව සැරිසරනව සහ එයින් සුළු-ජාවාරමකුත් කරගෙන ධනය ද උපයනව.

සම්මත ජීවිතයේ අයිටී-කාරයෙක් විදිහක පාර-ජාතික සාමාගමක රැකියාව කරමින් ඉන්න ඇන්ඩර්සන්, ජීවිතයේ වෙහෙසකරභාවය සහ කලකිරීම නිසා, ආයාසකර ජීවිතයෙන් මිදුන ඉමක් සොයන්නට තියෙන මිනිස් සහජාසය නිසයි එහෙම කරන්නේ.

ඒත් පවතනි සයිබර්-සිස්ටම් එකට (මැට්‍රික්ස් එකට) විරුද්දව සයිබර් යුද්ධයක නියැලිලා ඉන්න “යථාව” නියෝජනය කරන මෝෆියස් කියන කළු ඇමරිකන් ජාතික නායකයෙකු විසින් මෙහෙයවන “යථා” තාක්ෂණයක් මත පදනම්ව නිපදවාගත්තු ක්‍රම-විරෝධී යාන්ත්‍රණයකින් සංවිධානය වුණු කැරලිකාර කණ්ඩායමක් විසින් මිස්ටර් ඇන්ඩර්සන් වෙත වෙනත් අකාරයක පණිවුඩයක් එවනවා.

කැරලිකාර කණ්ඩායම විසින් ඇන්ඩර්සන්ට කියන්නේ, “ඔයා ඔය හැබෑය කියල හිතන් ඉන්න මිස්ටර් ඇන්ඩර්සන් කියන චරිතය, මැට්‍රික්ස් එක හෙවත් ලොව පවතින ඇල්ගෝ-රිදමික සයිබර්-ව්‍යුහ-පද්ධතියක් විසින් දත්ත සහ තොරතරු මිලියන ගාණක් විශ්ලේෂණය කිරීම හරහා ඔයා තුළ ගොඩනංවන ලද ව්‍යාජ අනන්‍යතාවක් කියල යි. ඔයාගේ ඇත්ත අනන්‍යතාවය තියෙන්නේ නියෝ කියන ඔයාගෙ ඉවෙන් හෙවත් සහජාසයෙන් හොයන්න ගත්තු, ජීවිතය ඉල්ලා සිටින ඒ චරිතය තුළ” කියල යි.

5b5b2e78e22c5

මම ලක් රටේ ජනතාවගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි.

“මැට්‍රික්ස් චිත්‍රපටයේ නියෝව වගේ ඔයාලාවත් කවුරුහරි වෙනත් නොදත් පාර්ශවයක හෝ පාර්ශව කිහිපයක් විසින් නිරීක්ෂණයකට ලක්කරමින් පවතිනවද?

ඒකට මගේ උත්තරය ...

ඔව්!

එක පසෙකින් ඇමෙරි-යුරෝකරයෙන් සහ තව පසෙකින් චීනයෙන් එන මනුස්ස ආත්මයක් නැති කාබනික ඇල්ගෝ-රිදමයන් සියදහස් ගණනක්, මේ ගෙවෙන මොහොතේදීත් ඔයා දිහා බලාගෙනයි ඉන්නේ.

තමන්ගේ ඇල්ගෝ-රිදමය වෙත ඔයාව දිනාගන්න සහ ඒ තුළ කැරලිකාර නොකරවගන්න අනවරත උත්සහයක යි ඉන්නේ.

ඔයා ගැන සහ ඔයා ජීවත් වෙන ඔයාගෙ රට ගැන ඔයාටත් වඩා දැනුවත්ව යි ඉන්නේ.

 

ඒක තමයි ඔයාගේ පාලනයෙන් බැහැරව තියෙන නව-නූතන සිස්ටම් එක (Neo-Modern System). දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරල දුන්නොත් සිස්ටම් චේන්ජ් එකක් වෙනව කියල හිතන අරගලකාරීන්, කැරලිකාරීන් හෝ සටන්කාමීන් ඉන්නව නම්, ඒ ගැන දෙවරක් හිතන්න වෙනව නෙවිද?

 

ඔබ අන්තර්ජාලයට ගොඩවැදිය හැකි ලෝකයේ තියෙන පුංචි ම පුංචිම අයිෆෝනයක් අයිති කරගත් සැනින්, සයිබර් ව්‍යූහ-පද්ධතිය විසින් ඔයාවත් අයිති කරගන්නවා.

ඔයා ඔයාගේ ලැප්ටොප් යන්ත්‍රයෙන් හෝ වෙනත් පරිගණකමය මාර්ගයකින් අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච සැනින් ඔයාගෙ මනස සහ ශරීරය ගෝලීය සයිබර්-පද්ධතියක් එක්ක ව්‍යූහගත (Structured into a Global Cyber System) වෙනව.

“එතකොට අයිෆෝනයක් හෝ ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධවිය හැකි වෙනත් උපකරණයක් හෝ මිලදී නොගෙන සහ භාවිතා නොකොට ජීවත් වෙන්න පුළුවන් නේ” කියා කවුරුහරි විකල්පයක් කියාදෙන්න පුළුවන්.

ඔව්, ....

ලෝකයේ පරිවාර ජනයා බුහතරයකට තවමත් මේ පරිඝනක සහ අන්තර්ජාල පහසුකම් නැහැ තමයි. ඒත් ඒ අය තම ජීවනෝපාය උදෙසා ඒ පහසුකම් බූතක්ති විඳින කා ලඟ හරි සේවය කරනව හෝ රඳාපවතිනව. යම් අකාරයක හෝ වෘත්තිකයන් විදිහට හෝ රඳාපවතිනව.

ඉතිං ඒ සේවා(ශ්‍රමය) ලබාගන්නා ආයතන අයිතිකරු අනිවාර්‍යයෙන් ම ඉන්ටනේට් ජාලයට සම්බන්ධවයි ඉන්නේ. ඒ නිසා හැම පෘථිවි පුරවැසියෙක් ම තමන්ගෙ ජාතික රාජ්‍යයෙන් පරිභාහිරව ක්‍රියාත්මක වෙන ගෝලීය සිස්ටම් එකක පරපෝශිතයෝ.

කිසි කෙනෙකුට අන්තර්ජාලය මඟහැර ජීවත්වන්නට බැරිව ඇති හේතුව ඇබ්බැහියක් පමණක්ද?

නැත!

 

ප්‍රාග්ධනයේ (Capital) ගෘහනිර්මාන ශිල්පය වන ආර්ථිකය (Economy) ව්‍යුහ-සමස්තයක් (Structural System) විදිහට පද්ධතිගත වී පවතින්නේ සයිබර් අවකාශයක් තුළිනුයි. ඒ නිසා සයිබර් ලෝකයෙන් පරිබාහිර ප්‍රාග්ධන සහ ආර්ථික ක්‍රියාකාරකම් පවතිනවා නම් ඒ සියයට 15-20 අතර ප්‍රමාණයක් විතරයි. ඒකත් සයිබර් පද්ධතියට තුළට උරා ගැනීම ඉදිරි වසර 5-10 අතර කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.   

 

ඒ හින්ද ජාතික ආර්ථිකය හෝ ගමට යෑම කතා කරන අය ෆොසිල බවට පත්වීම දශකයක් තරම් සුළු කාලයක් පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ඉතිං ශ්‍රීලනිපය කැබලිතිකරණය වෙන්න පටන්ගෙන තියෙද්දීත් ගමේ සංස්කෘතිය මත රඳන්න කියල දේසනා දෙන අනුර කුමාර ප්‍රවේශමෙන්!

ඔව් ...

අපි ජීවත් වෙන්නේ තාක්ෂණය ඉහවහා ගිය අධිතාක්ෂණික යුගයක තමයි. ඉතින් ඉලෙක්ට්‍රොන්කි ඇස් කී දාහක් මා නොදැන මගේ ජීවිතය සහ ඔබ නොදැන ඔබේ ජීවිතය විමසා බලනවා ඇති ද? ඊට අමතරව ඇල්ගෝ-රිදමයන් කී දහසක් ඔබ ගැන ඔබටත් වඩා කරුණු එකතුකරගෙන විශ්ලේෂනත්  හමාරකොට ඇත්ද?

ඔබ නොදැන ඔබව කවුරුන්හෝ සංවිධානය කරමින් පවතිනවා නෙවිද?

මේ බලපැවැත්ම ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රයන් දෙකට පරිවාරයේ තියෙන දකුණු ආසියානු රටවල් (ඉන්දියාව හැරුණුකොට) වල ජීවත්වන බහුතර ජනයා වන අපට කොයිතරම් අවිඥානිකද?

අපේ පුද්ගලික ජීවිතයේ ඉඩ පොදු ලෝකයට මුළුමනින් විවර වෙලා ඉවරද?

මේ අප වටා ම කරකැවෙන්නේ කුමන නම් අරුම වූ මනෝභාවයක් ද?

මෙය නිරායාසීව පැන නගින හුදු ස්වභාවික මනෝභාවයක්ද?

නැතිනම් අනේක වූ සයිබර්-ව්‍යූහ මිලියන ගණනකින් සැදි අතිදැවැන්ත අකාබනික පද්ධතියක දැනුවත්භාවය මත පුද්ගලයෙකුගේ අනන්‍යතාව සහ ඒ පුද්ගලයාට හිමි ප්‍රාග්ධන ප්‍රමාණය අනුව සිදුවන කෘතිම ඉරණම සලකා මිනිසුන් තුළ ක්‍රමානුකූලව ගොඩනංවන ලද මනෝභාවයක්ද?

the matrix slave

පළමුවන මැට්‍රික්ස් චිත්‍රපටය තුළින් සිනමා-රූපිකව (Cinematic Metaphor) දැකගත් සේ, එකී තාක්ෂණ සංස්කෘතිය හෙළිදරව් කරන්නට පෙරාතුව, මිශ්‍ර පූර්ව-නූතන සහ නූතන දේශපාලනාර්ථික රාමුවක් තුළ සිටි අපි ගැන අප දැනසිටියේ, අන් අය දැනුම්වත් කළේ සහ විශ්වාස කළේ ව්‍යුහය (Structure) විදිහට යි.

ඒ කියන්නේ ලෝක-පද්ධතිය කුඩා ව්‍යූහ රොත්තකින් සැදි විධිමත් විශාල ව්‍යූහ-සමස්තයක් කොට සලකා ඒ සමස්ත ව්‍යූහය තුළ තමන්ට අදාළ කොටස පවත්වාගෙන යාම, සංවර්ධනය කිරීම සහ ඊට එරෙහිව යාම තමයි අප අතින් සිද්ධ වුණේ.

ඒත් මැට්‍රික්ස් චිත්‍රපටයෙන් පසුව කලින් සිස්ටම් එකෙන් අපට කියාදුන් නූතන ව්‍යූහය (Structure) ඉක්මවා ගිය නව-නූතන පසු-ව්‍යූහයක් (Post-Structure) ක්‍රියාන්විත වෙමින් පවති යි. එය නිල සිස්ටම් එකක් ලෙසින් ම ලොවපුරා ද ක්‍රියාත්මක වෙන්නට පටන් අරන් තිබෙයි.

මේ පසු-ව්‍යූහයේ ඇත්ත ස්වභාවය ජනගත කිරීමේ ලෝක-ව්‍යපෘතිය පෘථිවි ගෝලය පුරා දියත්කරන්නට දශකයකට පෙරාතුව මැට්‍රික්ස් සිනමාපටයෙන් සිදුකළේ, සිනමාව මාධ්‍යයක් කරගෙන එකී නව-නූතන පසු-ව්‍යූහය ගැන ඉඟියෙන් ජනයා දැනුම්වත් කිරීම විතරයි.

 

එදා බොහෝ අයගේ සවිඥානකත්වයට (Consciousnes) මැට්‍රික්ස් යනු හුදු ඇක්ෂන් ෆල්ම් එකක් විතර ය. නමුත් සැබෑ අරුතින් මැට්‍රික්ස් යනු අත්විඳින්නට නියමිත අපේ ම ඉදිරි අකාබනික අනාගතය ගැන ලබාදුන් පෙරනිමිත්තක්. දැන් එය තහවුරුවූ සිස්ටම් එකයි. ඉදින් ඒ කියාදුන් අනාගතය තමයි අපි මේ ගෙවන වර්තමානය.

 

එය එළිකරණ නව-නූතන මනෝ-විශ්ලේෂනයේ එක් කඩඉමක් මැට්‍රික්ස්. ඒ කියන්නේ මේ ගෙවෙන වර්තමානය පිළිබඳ පෙරතියා ලකුණු පලකළ අනාගතවාදී සංඥාර්ථයක් මැට්‍රික්ස්.

අලුතින් පැමිණෙන්නට තියෙන තාක්ෂණ-විද්‍යා-සංස්කෘතිය ගැන පෙර-දැනුම්වත් කිරීම් කර, ඊට පෙරහුරු කරවන්නට සිනමාව හෝ වෙනත් ඕනෑ ම මාධ්‍යයක් භාවිතයේ යෙදවීම සයිබර් සිස්ටම් එකේ ම කොටසක්.

මැට්‍රික්ස් සිනමාපටය අපට වින්දනවාදී නිමේෂයක් සපයා දෙන හෝරා 1-2ක් වුණාට, සිස්ටම් එකට ඒ සිනමාපටය නූතන කාබනික මනුෂ්‍යයාගේ කාබනික ජීවන රටාව, නව-නූතන අකාබනික තාක්ශණයට අනුගත ජීවන රටාවක් බවට පත්කරවීම සඳහා මානසිකව හුරුකරවන උපාය මාර්ගයක්.

 

මැටික්ස් චිත්‍රපටයේ මෙම කැරලිකාර සයිබර් කණ්ඩායමේ නායකයා විදිහට කළු ජාතිකයෙක් තොරාගැනීමත්, වීරයා වන නියෝ විදිහට නැගෙනහිර ආසියාතික පෙනුමක් (චීන ඇස් ඇති පෙනුමක්) සහිත ඇමෙරි වැසියෙක් තොරාගැනීමත්, ඇමෙරිකා එක්සත් ජනපද කෙන්ද්‍රයට විකල්ප නව-නූතන යුරෝ ධනේෂ්වර සයිබර් දේශපාලන පෙරමුණේ නායකයා විදිහට ප්‍රංශ ජාතිකයෙක් තොරා ගැනීමත්, ගෝලීය දේශපාලනාර්ථික දැක්මකින් සැලකූ කල හරි ම හැඟවුම්කරණීය අනාගත සංඳාර්ථවේද. 

 

ඒ කියන්නේ කාබනික-ජෛව-සිරුරක් ඇති මිනිසාගේ එදිනෙදා ජීවිතය අකාබනික පද්ධතියක මෙහෙයවීමට යටත් කරගතහැකි හැකියාවක් සහ ධාරිතාවක් නව-නූතන යාන්ත්‍රික ඩිජිටල් තාක්ෂණ උපකරණවලට තිබෙන බවත්, එම ධාරිතාව මුළුමනින් ක්‍රියාවට නැංවීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් බවත්, එය සිද්ධවෙන්නට පෙර මායිමේ ඉඳන් ලොවට ම කියා පෑමක් තමයි මැට්‍රික්ස් හරහා වෙලා තියෙන්නේ.

නමුත් බලන නරඹන්නාට මොකක්දෝ තමන් නොදන්න දෙයක් දැනගනු ලබමින් සිටිනවා වගේ හැඟීමක් හැරුණුකොට මේ පිටුපස ඇති සයිබර් දේශපාලනාර්ථිකය අහුවුණේ නැහැ.

එය දන්නේ පද්ධතිය හෙවත් (මැට්‍රික්ස් එක) ගෘහනිර්මාණය කළ ප්‍රභූන් (Elite) සහ අකාබනික ඇල්ගෝ-රිදමයන් විතරයි.

එතකොට මැට්‍රික්ස් අමුතු ඇක්ෂන් ෆිල්ම් එකක් කියා බලන එක ප්‍රේක්ෂකයාගේ සවිඥානය වූ අතර, එය පිටුපස ඇති යටිපෙළින් කියවෙන සයිබර් දේශපාලනාර්ථිකය නරඹන්නාගේ අවිඥානය හෙවත් නොදත් දේ බවට පත් වුණා.

අදටත් කොළඹින් සැතපුම් 20ක් එපිටට ගිය ගමන් බහුතර ජනයාට මේ යථාව අවිඥානිකයි. මේ ලංකාවට විතරක් නෙවෙයි, ඉන්දියාව හැරුණුකොට දකුණු ආසියානු රටවල් සියල්ලටම අදාළ ඇත්තක් ඒක. (ඉන්දියාවේ ද බොහෝ දුරස්තර ප්‍රදේශවල තත්වය ද මෙය වන නමුත්, ඉන්දියවේ රාජ්‍ය පද්ධතියට මෙය අවිඥානික නොවේ.)  

PHOTOGRAPHS TO BE USED SOLELY FOR ADVERTISING, PROMOTION, PUBLICITY OR REVIEWS OF THIS SPECIFIC MOTION PICTURE AND TO REMAIN THE PROPERTY OF THE STUDIO. NOT FOR SALE OR REDISTRIBUTION

90 දශකයේ නාගරික තාක්ෂණ ලෝලී තරුණ තරුණියෝ බහුතරයක් නරඹපු සිනමාපටිය මැට්‍රික්ස්. ඒ කාලෙ ලංකාවෙ වැඩිපුර තිබුණේ සීඩී තැටි. අද වගේ යූටියුබ් එකක් හෝ වෙනයම් අන්තර්ජාලමය ක්‍රම දියුණුවෙලා සහ ජනගතවෙලා තිබුණේ නෑ.  

ඉතින් මේ තරුණ උදවිය මැට්‍රික්ස් චිත්‍රපටියෙ පළමුවන එක ඉවර වෙලා දෙවෙනි කොටසක් එනකම්, නිකං පිස්සුවෙන් වගේ මඟ බලන් ඉන්න ස්වභාවයක් තමයි තිබුණෙ.

මේ තරුණ පරපුරේ උදවියගේ දෙමාපියන්ට එයාල තරුණව සිටි 70-80 දශකයේ කාලෙ චිත්‍රකතා පත්තර පිළිබඳව තිබුණෙත් මේ වගේ ම පිස්සු හැඟීමක්.  මට මතකයි, මම මැට්‍රික්ස් දෙවෙනි කොටසේ සීඩී එක මිලදී ගන්න ගිහයහම, කොළඹ ගාලුපාරේ හැම නගරයක ම ඔක්කොම සීඩී ඉවරවෙලා. කොළඹ ගාලුපාර කියන්නේ එදත් අදත් නව-නූතන ගෝලීය සියිබර් තාක්ෂණයට අදාළව ලාංකීය පන්නයේ කෙන්ද්‍රික තිප්පලක්.

එකල මැට්‍රික්ස් ගනයේ චිත්‍රපටවල ඊළඟ කොටස එනතුරු තරුණ පිරිස් මග බලන් ඉන්නට හේතුවක් තිබුණා. ඒ තමයි ඔවුන්ගේ කාබනික ජීවිතය කෙරෙහි අනාගතයේ දී බලපාන්නට නියමිත ඔවුන්ටත් අවිඥානික (නොදත්) අකාබනික තාක්ෂණ යථාර්තයක් සම්බන්ධයෙන් මැට්‍රික්ස් හරහා ඉඟියක් ලොව පුරා පතල කර, එය ජන අවිඥානයට කිඳා බැස්සවීමමේ සියුම් ගෝලීය සයිබර් ප්‍රචාරණාත්මක් උපායමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පැවතීම. එදා තරුණයින් ඊට කැමැත්තෙන් ම හසුවෙමිනුයි හිටියෙ.

 

මේ කිඳාබැස්සවීමේ ප්‍රභලත්වය අද ඉසෙඩ් ජෙනරේෂන් එකේ තරුණයින්ගේ ජීවන විලාසය දිහා බලපුවහම අහුවෙන්නට ඕනි. පළමුවන මැට්‍රික්ස් එකෙන් හදන තම නොදන්නා යථ තමන්ට ම අවිඥානිකව ප්‍රභලවීම තමයි ඊළඟ ෆිල්ම් එක පිටුපස හඹා යන්නට එන ඩ්‍රයිව් එක.

 

ඒ නිසා අපිට පැහැදිලි නිරීක්ෂණයක් සමීකරණය කර කිවය හැකි ය. එනම් එදා මැට්‍රික්ස් චිත්‍රපටය මේ ගෙවෙන නව-නූතන තාක්ෂණයට මුළ් තැන නොදුන්නාවූ සුළභ ප්‍රස්තුතයක් හෝ කතා සාරයක් වූයේ වී නම්, එය වටා මෙතරම් නාගරික තරුණ රැස්කෑමක් ඒ ගොණු වන්නේ නැත.

අදවනවිට මැට්‍රික්ස් චිත්‍රපටය කියන්නේ, ලොව නාගරික ප්‍රජාවන් බහුතරයකට අතර හොඳට හුරුපුරුදු එකක්. ඒත් මැට්‍රික්ස් එයාලගේ ජීවිතයේ කොටසක් හැටියට දැකීමේ දැනුම තවම පූර්ණ ලෙස එළිදරව් වෙලා නෑ.

 

මැට්‍රික්ස් වලින් කියන ඇල්ගෝ-රිදමික තත්වය තුළ හැම තාක්ෂණයක්  ම “මෙහෙයවන මිනිසෙක්” ඒ පිටුපස සැඟවී හෝ පැවතුනා. ඒක සයිබර් දේශපාලනයේ ආගමනය හා බැඳී පැවැතුන සිනමා සිත්තමක්.

 

sliver 199
නමුත් මැට්‍රික්ස් පිවිසෙන්නට ප්‍රථම දේශපාලන සන්දර්භයක් රහිතව, නැරඹුම්කාමය (Voyeurism) සහ ප්‍රදර්ශනකාමයට (exhibitionism) අදාළ පුද්ගලිකවාදීත්වය ප්‍රස්තුතය කරගනිමින් නිර්මාණය කළ ස්ලිවර් (Slyver) චිත්‍රපටිය ද “මනුෂ්‍ය මැදිහත්වීමක් සහිතව” අකාබනික තාක්ෂණය යොදාගැනීම විදහා පාන සිනමාපටයක්.


ගොඩනැගිල්ලක් ලෙස පවතින සමස්ත නිවාස පද්ධතියක දිවි ගෙවන ජනයාගේ පුද්ගලික ජීවිතය නරඹන නිවාස පද්ධතිය හිමිකරු වූ සෘංගාරකාමී තරුණයෙක් සහ ඔහුගේ නැරඹුම්කාමයේ ඉමට හසුවන වයස 35ක තරුණියක් අතර ප්‍රේම-ලිංගික සබඳතාවක් අනුව ගෙත්තම් කරගත් සිනමා රූපරාමු පෙළගැස්මක් ස්ලිවර්.

 

මැට්‍රික්ස් සහ සිලිවර් චිත්‍රපටවල හුවාදක්වන කාබනික නායකත්වයක් යටතේ පැවතුන අකාබනික තාක්ෂණ ක්‍රියාවලියත්, අද පවතින අකාබනික ඇල්ගෝ-රිදමික වල නායකත්වය යටතට පත්වෙමින් පවතින අකාබනික තාක්ෂණ ක්‍රියාවලියත් අතර එක වෙනසක් ඇත. එයනම් මේ ස්ලිවර්-මැට්‍රික්ස් චිත්‍රපට නියෝජනය කරන්නේ, ඒ අවදියේ තවමත් කාබනික මනුෂ්‍යයෙකු විසින් අකාබනික තාක්ෂණය පිටුපස හිඳ නායකත්ව මෙහෙයුම් කටුයුතු සිදුකිරීම යි.

 

නමුත් එදා හෙළිකල මනුෂ්‍යයෙක් සහිතව ක්‍රියාත්මක වූ අකාබනික-තාක්ෂණය දැන සිටීමෙන්, අද පවතින මනුෂ්‍යයෙක් රහිතව ක්‍රියාත්මක විය හැකි අකාබනික තාක්ෂණයේ ස්වභාවය හඳුනා ගැනීම ලෙහෙසි වෙයි.

හරියට හෙගල්ව දැනං හිටියොත් මාක්ස්ගේ දාර්ශනික අක්ෂය ගැඹුරින් තේරුම් ගන්න ලේසි වෙනවයා වගේ තමයි ඒක. එ

හෙමත් නැතිනම් කාර්මික විප්ලවය හොඳින් හදාරා තිබුණොත්, මේ යුගයේ  කූඨප්‍රාප්තියට පත්වෙමින් පවතින තාක්ෂණික විප්ලවය තේරුම් ගන්නට ලේසි වෙනවා වගේ තමයි ඒක.  

අනික් පැත්තෙන් “මැට්‍රික්ස්” සිනමාපටයෙන් සේ ම “ස්ලිවර්” සිනමාපටයෙන් රූපිකව (metaphorically) පෙන්වා දෙන එක් වැදගත් විෂය කරුණක් තමයි අද ජීවත්වන කොදෙව් වැසියාට වැදගත් වෙන්නේ.

මේ සිනමා පටි දෙක බිහිවූ යුගයන්හිත්, ගෝලීය දේශපාලනාර්ථිකය මෙහෙයවන අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් ලොව පාලන බලය පතුරුවන මේ යුගයේ දීත් කරමින් සිටින ක්‍රියාව අදාළ වන්නේ ගෝලීයකරණයේ  උප-අවදි දෙකකට යි. එකක් මේ අපි ගෙවවන අවදිය ගැන අනාගතවාක්‍ය කියන මැට්‍රික්ස්-ස්ලිවර් ප්‍රදර්ශනය කෙරුණු සංක්‍රාන්ති අවදිය නම්, අනික මේ ගෙවෙන අකාබනික ඇල්ගෝ-රිදමයන් පූර්ණ ලෙස දියත්වෙමින් පවතින යුගය යි.

 

ඉතිං අපි මේ වන විට ස්වභාවික යැයි විශ්වාස කරගෙන ඉන්න සිතිවිලි මොඩල් එක ම ස්වභාවික නොවන ව්‍යුහයක් (Structure) බවත්, ඒ ව්‍යූහයට අවිඥනික වන, ඒ ව්‍යූහය පසුකර යන පසු-ව්‍යුහයක් (Post-Structure) දරාගත් අති-දැවැන්ත සයිබර් පද්ධතියකින් අපිව මෙහෙයවුන ලබන බවත් අපි තේරුම්ගත යුතුව පවතී.

 

තව විදිහකින් කිව්වොත් කාර්මික විප්ලවයෙන් පසුව බිහිවූ නූතන-ලෝක-පද්ධතිය (Modern World System) අපි දන්නා(සවිඥානක) ව්‍යූහික( Structural) දෙය බවත්, තාක්ෂණික විප්ලවයෙන් බිහිකරගෙන පවතින වත්මන් ඇල්ගෝ-රිදම සිය දහසකින් නිමි නව-නූතන-පද්ධතිය යනු අප දන්නා සියළු මනුස්ස භව පහුකරගෙන යන්නා වූ ව්‍යූහවලින් එපිට(beyond structure ) හිඳ ව්‍යූහය දරාගත් පද්ධතියක් බවත් තේරුම්ගත යුතුව පවතී.

ඒ නිසා පක්ෂ හෝ කන්ඩායම් කැඩී බිඳී ගිය පසු ඒ බිඳුනු පිඟානේ කෑල්ලකින් අටවාගන්නා දේශපාලනිකව අසරණ වූ ඇබිති කූඩාරම් අපට හෙළිදරව් කර දෙන්නේ, ව්‍යූහ ශක්තිමත් වූ නූතන ජාතික රාජ්‍යයක් තුළ තවත් එක් ව්‍යුහයක් නොවේ.

ගෝලීය පද්ධතියේ ඇල්ගෝ-රිදමයන් විසින් ඒ ජාතික රාජ්‍යවාදී ව්‍යූහය කඩා දමා එය-පසුකර ගොඩනගන පසු-ව්‍යූහයන් ය. ව්‍යූහය තුළ රහසිගත දේශපාලන තොරතුරු තිබිය හැකි මුත්, කැඩී බිඳෙන මොහොතේ ම පසු-ව්‍යූහය තුළ සියලු තොරතුරු ඇල්ගෝ-රිදමයන් විසින් ගෝලීය දේශපාලනාර්ථික පද්ධතියට උරාගෙන හමාර ය.

iokjl

ඒ අනුව ජවිපෙ කඩාගෙන ගිය විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම්ලා ද, ඒල්ටීටිය කඩාගෙන දකුණට ආපු කරුණා ද, නව-සමසමාජ පක්ෂය කඩන් ගිහින් මහින්දගෙ රෙද්දඅස්ස ඇතුළෙ ලාංකීය විප්ලවය හොයන වාසුදේව ද, එජාපය කඩන් ඇවිත්  දේශපාලනය තුළ ආතක්පාතක් නැතිව ක්ෂයව යන සජිත් ද, එක්ස් කණ්ඩායම කඩන් ආපු කොහෙද යන්නේ මල්ලෙ පොල් නිර්මාල් රංජිත් දේවසිරි ද යන මෙකී නොකී නොනිල ජුදාස්ලා විසින් අවිඥානිකව ජාතික දේශපාලනය තුළට බිහිකර ඇත්තේ මොනවාද?


කිසිවක් නැත.


එයාල යමක් කියන්නට හූමිටි තියද්දී ම මහේක්ෂ දේශපාලනය ඔවූන් පසුකර හැල්මේ දුවගොස් හමාර ය.

 

ඒ නිසා කැබලිතිකරණයට (scaterism) හසුවුණු සියළු සමාජ සංවිධාන හෝ පක්ෂ එක්කෝ පවතින නව-නූතන ධනවාදයේ කොටස් බවට පත්වී ඇල්ගෝ-රිදමයන්ගේ සෝදිසි පරීක්ෂාවට හසුවෙමින් සිස්ටම් එකට සෙට්විය යුතුය නැතිනම් සදා අජනප්‍රිය වී ප්‍රධාන ප්‍රවාහයෙන් පරිවාරගත ස්වයං-වින්දනාත්මක දෘෂ්ටිමය-අසපුවන් බවට පත්විය යුතුය.

 

මේ පක්ෂ හෝ සංවිධාන යනු කැඩී බිඳී පාවෙන කැබලි ලෙස, ගෝලීය ධනවාදී දේශපාලනාර්ථිකයේ ඇල්ගෝ-රිදමයන්ට පක්ශග්‍රාහීව තොරතුරු අනාවරණය වන පරිදි රෙද්ද පල්ලෙන් තොරතුරු හැලෙන පසු-ව්‍යූහයන්(Post-Structures) හෙවත් බිඳුනු පිඟන් කැබලි ය. අන්තිමට මේ ජුදාස්ලා තම-නූතනවාදී පක්ෂ ව්‍යූහයන්ගෙන් ගැලවිලා ගොස් කරපු මොන කෙන්ගෙඩියක්වත් නැත්තේ ඒක ය.


ඒ නිසා වමක් කියා දෙයක් නැත. ඇත්තේ වමක් කියා සිතාගෙන ඇති පරිකල්පිත වූ සුළු-තාවකාලික මිනිස් ගොණුවීම් පමණි. ඊට හ්තුව මේ “වම” යැයි කියාගත් ඒ කැබලිතිවලට, වත්මන් අකාබනික ඇල්ගෝ-රිදමියන් ප්‍රධාන නව-නූතන ධනවාදී සිස්ටම් එකට අභියෝග කරනු තියා, ඒ නව-නූතන ඇල්ගෝ-රිදමයන් යනු මොනවාද කියා දැනගැනීමට ද ලැබී නැත. ඒ නිසා වමේ සාමාජිකයින් උද්ඝෝෂණයකදී වමේ ය. නැවත උද්ගෝෂණය අහවර කර ගෙදර එන්නට ප්‍රථමයෙන් ම අයිෆොන් එකෙන් අන්තර්ජාලයට ලොග් වූ සැනින් නව-නූතන ධනවාදී සිස්ටම් එකේ ය.


මේක ඉන්දියාව හැරුණුකොට අනික් සියළු දකුණු ආසියානු දේශයන්වලට අදාළ තත්වයකි.

ඒ නිසා ඒ රටවල් සියල්ලේ ම පවතින ජාතික රාජ්‍යයේ සිස්ටම් එක නව-නූතන අයිටී තාක්ෂණයෙන් ගෝලීය මට්ටමේ තත්වයක් අත්පත්කරගන්නා තුරු, ඒ රටවල වම යනු පවතින නව-නූතන පද්ධතිය තුළ දියවී යන හෝ ඉන් හුදෙකලාවී යන කල්ලි කණ්ඩායම් ලෙස කාලය කා දමන හෝ පසු-ව්‍යූයන් ය. මන්ද වාමාංශික දේශපාලනයක් ගොඩනගා ගන්නට නම් නව-නුතන ධනවාදී පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වන බව සවිඥානක විය යුතුය.

නව-නූතන පද්ධතියක් රට තුළ ගොඩනැගෙන්නට නම්, රට ගෝලීය අයිටී තාක්ෂණය තුළ ඉම් පදෙසක් අත්කරගෙන තිබිය යුතුය.

 

ධනේෂ්වර සතුරා ගොඩනැගෙන්නේ අයිටී තාක්ෂනය හරහා නම්, පළමුව එම තාක්ෂණය හා එය මෙහෙයවන වෘත්තිකයින්ගෙන් ගොඩනැගුණු පද්ධතියක් සතුවිය යුතුය. එබඳු ගෝලීය පද්ධතියක් ඇත්තේ ඉන්දියාවට පමණය. ඒ නිසා ඊළඟ නව නූතන වම ගොඩනැගෙන්නේ ජාතිකව නොව කලාපීය වය. එහි නායකත්වය ගනු ඇත්තේ අයිටී තාක්ෂණය තුළ ලොව ඉම් පෙදෙසක් හිමිකරගෙන සිටින ඉන්දියාව ය.

 

ඉන්දියාවේ නිදහස් සටන පවතින අවධියේ ජේ.ආර්. ජයවර්ධන වැනි බුද්ධිමය දේශපාලකයින් ඉන්දියාවට ගොසින් ඒ නිදහස් සටනට සහෝයගය දෙන ක්‍රියාවලීන්වල නියැලුනේ ඉන්දීය නිදහස් සටනින් “නැගෙනහිර ඉන්දීය කොම්පැනිය” (East Indian Company) ඉන්දියාව හැරමා ගියහොත්, ලංකාව ද හැරදමා යන බයව කල් තියා දැන සිටි නිසාවෙනි.

එලෙසම වසර හැත්තෑ ගණනක් පාමුල දකුණු ආසියානු රටවල් ඇතුළු ලක් කොදෙව්වේ වාමාංශිකයින් ද ඉන්දීය වාමාංශික ව්‍යාපාරයන් සමඟ ගොණු ගත වී ක්‍රියාශීලී දේශපාලනයේ නියත වුවහොත්, එයින් ඉන්දීය ජාතිකත්වය ද ඉක්මවූ  කලාපීය වාමාංශයක් ගොඩනැගෙනු ඇත.

එතෙක් දකුණු ආසියාවේ පවතින ඉන්දීය නොව රටවල බිහිවෙන වාම යැයි පවසන සියළු සංවිධානවලට වෙන්නේ පාවාදීමට ලක්වී, එකිනෙකට එදිරිවාදී බිඳුණු සංවිධාන කැබලි නඩත්තු කිරීමට ය.

ඉන්දීය වාමාංශික සංවිධාන ද තම අයිටී තාක්ෂණ පදනමිකව සහෝදර දකුණු ආසියාතික දේශයන්හි වාමවාදී සංවිධාන වෙත තම මිත්‍රත්වයේ හස්තය දිගු නොකළහොත් ඔවුන්ට අත්වන්නේ ද ඒ ඉරණම ම ය.


කුමක්ද ඒ ඉරණම?


තම අරගලවල ඵලය ගෝලීය ධනවාදී පද්ධතියේ ඇල්ගෝ-රිදමයන්හි උවමනාව ඉටුකිරීමට බිලි දී බලා සිටීමට ය.

 

ලක් කොදෙව්ව තුළ මාසෙකට අධික කාලයක් කරපු අරගලයක ඵලදාව ධනේෂ්වර නායකයෙකු වූ රනිල්ට නෙලාගන්නට ඉඩ දී හිරගෙවල් ගානෙ බලුවෙමින් ඇප හිඟාකෑමේ යන්නට සිද්ධවී ඇත්තේ ඒ නිසා ය. ඒ නිසා සෘජුව හෝ වක්‍රව ගෝලීය ඇල්ගෝ-රිද්මයයන්ගේ නායකත්වයෙන් 
ගොඩනැගෙමිවන් පවතින නව-නූතන පද්ධතියේ ම කොටසක් වෙනවා හැරුණුකොට මොන විකල්ප සංවිධානයටවත් රට තුළ ස්වාධීන වාමාංශික පැවැත්මක් නැත.

 

ඉතින් ඉදිරියේදී තවදුරටත් යටකී ඊනියා විකල්ප හෝ වාම සංවිධාන වඩ වඩා කැබලිතිකරණයට ලක් වෙනවා නොඅනුමාන ය.


ඉතින් අර පාවාදීමට ලක්වූවන්, ජීවිතේ ආර්ථිකව ගැට ගහගන්නට උවමනා නිසා, අර කැඩුණු පිඟානෙන් පිඟන් කෑල්ලක් අරන් ඒ අති-සුළුතර සාමාජිකයින්ට න්‍යාය පොජ්ජක් දෙසා බා, කොහේ හරි කූඩාරමක් අටවාගෙන අහිකුණ්ටකවී, අංගවිකල වී  නව-නූතන ධනාවදයට විවෘත පසු-ව්‍යූහයන් බවට පත්වී, මේ ගෙවෙන මොහොතේත් තව තවත් ඇබිතිකරණයට ලක්වෙමින් පවතී.

එනම් වෙන විකල්පයක් නැති නිසාවෙන් අවිඥානිකව ගෝලීය ඇල්ගෝ-රිදමයන් ඉල්ලා සිටින කැබලිත්තක් (Scattered Part) ම බවට පත්වී බොල්-පිළිමකාර අදේශපාලනික පෞර්ෂ අතලොස්සක් නිර්මාණය කරගත් ලදරංව ඛැලී ශෑත්‍ලණ පසු-ව්‍යූහ බවට පත්වී පවතී.

නමුත් ලාංකේය වරිග මාන්නක්කාරකොම නිසා ම තමන් ඉන්නේ අර කලින් හිටපු නූතන දේශපාලන ව්‍යූහයේම කියා ඔළුවෙන් හිතාගනිමින් නොස්ටැල්ජීය ෆැන්ටසියකට ගොදුරුවී, කටේ නරිවාදං රෙද්දපල්ලෙන් ඇදවැටෙන මතිභ්‍රමික පිරිසක් ද ලක් රටේ ශේෂ වී ඇත. ඒත් එයාලගෙන් සමාජයට මරණාධාර සංගමයක තරංවත් දෙයක් වෙන්නේ නැත.

මේ පසු-ව්‍යූහයන් රටේ ප්‍රධාන ධාරාවේ චන්ද දිනන මහේක්ෂ ආණ්ඩු පක්ෂවලට හෝ පුද්ගලයින්ට පැනල දෙන්නට පොරකන ආකාරය බැලුවහම, ආයෙමත් එයාලා පාවාදීමට ලක්වූ ජේසුලාද, නැත්තං පාවාදීමෙන් පසුව නැවත පාවාදෙන්නන් බවට පත්වූ ජුදාස්ලා ම ද බවව සොයාගත යුතුව ඇත.

Rishi Arana 11 1

භාෂා කිහිපයක් දන්න සාපේක්ෂව ස්ථිතික ගුණය වැඩි විජේවීර හදපු පක්ෂ ව්‍යූහය නිසා ජවිපෙ මේ කැබලිතිකරණීය තත්වය සියයට 60ක් පමණ ඔරොත්තු දුන්නත් අනික් ව්‍යූහවලට නිකං වැලේ වැල් නැති ගාණට කෙලවුණා.

බලන්න යූඇන්පිය දිහා. වැලේ වැල් නැතිවුණා. සජිත් හිතුවෙ එයාගෙ මාර දේශපාලනික හයියකට තමයි යූඇන්පියේ හුලං ගියේ කියල. ඉතිං එයා කකුළුව හොද්ටෙද නටනව වගේ තමයි හිටියෙ.
 
 
සමහර දේශපාලනඥයින් ඇල්ගෝ-රිදමයන් කරදෙන දේවල් තමන්ගේ පෞර්ෂ ගිණුමට බැර කරගන්නවා. ඒකට ඇල්ගෝ-රිදමය ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මොකද ඇල්ගෝ-රිදමය මිනිස් හැඟීම් ඇවිස්සිලා පිස්සු කෙලින කාබනික ක්‍රියාන්විතයක් නෙවෙයි. එය අකාබනික ක්‍රියාන්විතයක්.
 
 
දැන් පේනව ද සජිත් සහ එයාගෙ අනුගාමිකයෝ සුළුතරය බවට පත්වෙමින් යන විදිහ. මේක කළේ රනිල්ගේ කපටි මොළයද? නැත්තං බැසිල්ගේ කපටි මොලය ද? ඓහමත් නැත්තං මකුළුදැල් බැඳල තියෙන සිරිකොත එජාප ව්‍යූහය ද? මෙය සිදුකළේ ගෝලීය ප්‍රාග්ධන තර්කයට අනුව කටයුතු කරණ නව-නූතන තාක්ෂණයට අයත් ඇල්ගෝ-රිදමයන්.

ඇල්ගෝ-රිදමයන් පැත්තකින් තියමුකෝ. අවම තරමින් සජබය ඇබිතිකරණයට ලක් කරන ආඥාව එන්නේ ඉන්දියාව දිසාවෙන් ද කියලවත් මේක බලන උදවිය හිතන්න උත්සහ කරන්නකෝ ...

අධි-තාක්ෂණ උපකරණ සහ ආම්පන්නත්, විමසුම් බැලුම් හෙලන නව කැමරා ඇස් රොත්තත් සපුරාලන්නේ නැරඹුම්කාමියාගේ අනවරත ආසාව යි.

sliver screenshot

ස්ලිවර් චිත්‍රපටයේ නිවාස-සංකීර්ණ-ගොඩනැගිල්ලේ සිටින මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය නරඹන නිවාස පද්ධතිය හිමිකරුවූ සෘංගාරකාමී තරුණයාට එම නැරඹුම්කාමය ඉටුකරගැනීම සඳහා නව-නූතන තාක්ෂන උපකරණ මිලදී ගැනීමට මූල්‍ය ප්‍රාග්ධනයක් තිබිණි.

නමුත් ලංකාවේ කුණු සොයන උපාසකම්මා කොලිටි ධර්මපාල-ඕල්කට් අධ්‍යාපනය අනුගාමී සිංහල ඔන්ලි ගොදුරක් මෙගා රණනාතයාට එතරම් දෙයක් මිලදී ගැනීමට මාර්ගයක් නැත. එනිසා අවම තරමින් ඊටත් වඩා පූර්ව යුගයක පවති ඇල්බර්ටෝ මොරේවියාගේ පන්නයේ “යතුරු සිදුරෙන් එබී බැලීම” පවා හරියට සිදුකර නැති සෙයකි.  


ලක් කොදෙව්වේ සියළු ජාතික දෙශ්පාලන පක්ෂවල උදවියට තම විරුද්ධවාදියෙකුගේ දුර්වලතා ඉතා ලෙහෙසියෙන් රූගත කරදෙන ඇල්ගෝ-රිදමයක සේවය ලබාගන්නා දිනය වැඩි ඈතක නැත.  

දේශපාලනාර්ථික තත්වය එසේ තියෙද්දී තම හිතට එන මනංකල්පිත තොරතුරක් මත රඳා දේශපාලනය කරන මෙගා රණනාථ වැන්නවුන් දේශපාලන මිතියන් වසතුමූලික සත්‍ය තොරතුරු අහිමි නිසාවෙන් රොඩු කැබැල්ලක් සේ ඉදිරි දශකය තුළ හැඳී ගෑවී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරය.




ඉදින් ඔබ ජාතික තලයේ දේශපාලනය තුළ ඔබේ විරුද්ධවාදියකුගේ හෝ අන් අයෙකුගේ දේශපාලන ක්‍රියාවක් හෝ ව්‍යාපෘතියක් රහස් තාක්ෂණයක් ඔස්සේ නරඹනවාද එය අයත් වන්නේ නැරඹුම් ව්‍යූහය (Voyeristic Structures) ප්‍රවර්ගයට ය.

ජාතික දේශපාලනයේ නියුතු දේශපාලකයින් වන ඔබ මෙසේ නරඹත්දී, ඒ ජාතික දේශපාලකයා වන ඔබට අවිඥානිකව තවත් ගෝලීය පාර්ශවක් විසින් ඔබ  නරඹන බව නරඹමින්, ගවේශනය කරගනිමින් සහ විශ්ලේෂණය කරගනිමින් සිටීම අයත් වන්නේ නැරඹීමේ පසු-ව්‍යූහය (Post-Voyeristic Structures) ප්‍රවර්ගයටයි.
 
 
එම පසු ව්‍යූහය වන්නේ ගෝලීය දේශාපලනය කරන අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් ජාතික දේශපාලනයේ නැරඹීම් සමස්තය ම නොපෙනී හිඳ නැවත නරඹා පසුකර යාම යි.
 
 
ස්ලිවර් චිත්‍රපටයේ තම කුලී නිවසට එන වසර 35ක තරුණියට ඇගේ ජනේලයෙන් පිටත බලන්නට නිවාස සංකීර්ණ අයිතිකරු විසින් ඇගේ ජනේලය අබියස නූතන දුරේක්ෂයක්( Modern Telescope) තබා ගොස් ඇයව නැරඹුම්කාමයට පොළඹව යි. ඇය එයින් අවට වෙනත් ගොඩනැගිලිවල වල සිදුවන දේවල් නරඹන්නට පටන් ගනියි. එය අයත් වන්නේ නැරඹුම් ව්‍යූහ (Voyeristic Structures) ප්‍රවර්ගයට ය.

නමුත් ඇය නරඹමින් සිටින බව නව-නූතන තාක්සණය ඔස්සේ නැවත වරක් නරඹන, ගවේශනය කරන සහ විශ්ලේෂණය කරන නිවාස සංකීර්ණ අයිතිකාර තරුණයාගේ නව-නූතන තාක්ෂණික ඇස අයත් වන්නේ එම නැරඹීමේ පසු-ව්‍යූහය (Post-Voyeristic Structures) නැමති ප්‍රවර්ගයට යි.



අරගලයට පසු වදනක් - (අරවින්ද හෙට්ටිආරච්චි)(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්