දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.

යුද්ධය සමාජ පරිවර්තනය ආර්ථික සහ දේශපාලනික හේතු නිසා මදෝ.. සෙසු රටවල මෙන් සුවිශේෂීව වරප්‍රසාදයන්ට උරුමකම් නොලබන මේ වෙරබඩ වැදි ප්‍රජාව ගේ ජීවන තත්ත්වය ඛේදජනකය. සත්‍යය හා ප්‍රවාදයන් සමග එකිනෙකට වෙලී, ඉන් නැගෙන පරස්පරතාවයන් නිසාම ඔවුන් ගැන නිවැරදිව අතීත තතු සෙවීම අතිශය වෙහෙසකර ක්‍රියාවකි.

එකී අභියෝගය ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා ලද මහන්සියක කාචමය සාක්ෂි සටහනක පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැනල් 31 නාලිකාව ඔස්සේ SL tv වෙතින් සමාජ මාධ්‍ය අවකාශයට මුදාහැර ඇත.

මෙම වැඩසටහන ඉංග්‍රීසි උපසිරැසි සහිතව sltv.com.au වෙබ් අඩවියෙන් නැරඹීමට පහසුකම් සපයා තිබේ.

පිටපත, ඉදිරිපත් කිරීම සහ අධ්‍යක්ෂණය  කිංස්ලි රත්නායකගෙනි.


JW


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image