1200 x 80 DMirror

ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂණය කළ ''මම නෙවෙයි වෙන කෙනෙක්'' නාට්‍යයේ විශේෂ දර්ශනවාර දෙකක් ජුනි 09 සවස 3.30 ට හා 6.45 ට

බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත වේ.



"රේ කූනිගේ run for your wife නාට්‍යානුසාරයෙන් නිර්මාණය කළ අනුවර්තන නාට්‍යයක් වන 'මම නොවෙයි වෙන කෙනෙක්' ‍ප්‍රහසන නාට්‍ය ඛණ්ඩයට අයත් නාට්‍යයක්. අධිවේගී මාර්ග සංකල්පය ලංකාවට අලුත් එකක් වුණත් ලෝකය පුරා කලක් තිස්සේ ක්‍රියාත්මක වන සංකල්පයක්. මෙම නාට්‍යයෙන් කියවෙන්නේ අධිවේගී මාර්ග ලංකාවට හඳුන්වාදීමත් සමඟ ජීවිතය ද අධිවේගී කරගත් මිනිසෙක් පිළිබඳ කතාන්දරයක්. නාට්‍යමය වශයෙන් බොහොම සුන්දර සහ රසවත් සිදුවීම් කිහිපයක් ඔස්සේ මෙම නාට්‍ය දිගහැරෙනවා."

rasanduna 02 2

"ජයනි සේනානායක විසි වසරකට වඩා වැඩි කාලයක් පුරා වේදිකාවේ දන්නා හඳුනන හිතවතියක් සහ අතිදක්ෂ රංගන ශිල්පිනියක්.  එවැනි දක්ෂ රංගන ශිල්පිනියක් ඇතුළුව,  සම්පත් ජයවීර, කුසල් මධුරංග, කෝරලගේ සමන්, පසන් රණවීර, තෙරුණි ආශිංසා සහ බෙත්මින් ගම්සික වැනි ප්‍රවීණ සහ නවීන රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා." අධ්‍යක්ෂක ධර්මප්‍රිය ඩයස් පැවසීය.

rasanduna 02 3

‘මම නෙවෙයි වෙන කෙනෙක්‘ සඳහා සංගීතයෙන් රුවන් වල්පොළ, ආලෝකකරණයෙන් සහ ශබ්ද පරිපාලනයෙන් රංග සමරකෝන්, අරුණ ජයසේන වේදිකා පරිපාලනයෙන් ද, දායකත්වය දී ඇත. 'මම නෙවෙයි වෙන කෙනෙක්' ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.


JW
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය