පුරුෂයකු විසින් අධ්‍යක්ෂණය කරන සිනමාපටවල නිරුවත් දර්ශන සඳහා පෙනී නොසිටින බව ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි කෙයිරා නයිට්ලේ කියා සිටිනවා.
"මම සම්පූර්ණ තහනමක් (සිනමාපටවල නිරුවත් දර්ශනවලට පෙනී සිටීමේ දී) පනවාගෙන නැහැ, ඒත් පුරුෂ පාර්ශ්වයට නම් එහෙමයි." 
 
35 හැවිරිදි ඇය මේ බව සඳහන් කර තිබුණේ Chanel Connects සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.
 
2015 දී මව් පදවිය ලැබූ දා පටන් සිය චිත්‍රපට ගිවිසුම්වල "නිරුවත් දර්ශන සම්බන්ධයෙන් කිසිදු වාක්‍ය ඛණ්ඩයක්" ඇතුලත් කර නොමැති බව කෙයිරා නයිට්ලේ මින්පෙර දී හෙළිදරව් කර තිබුණි.   
 
ලිංගික දර්ශන රූගත කිරීම් අතරවාරයේ දී රංගන ශිල්පීන් සැලකුම් ලබන ආකාරය පිළිබඳව පසුගිය වසරවලදී විශේෂ අවධානයක් යොමු කෙරුණි. මේ පිළිබඳව වැඩි වශයෙන් අවධානයට ලක්වන්නට පටන් ගත්තේ, රැකියා ස්ථානවල දී සිදුවන ලිංගික හිංසනයට එරෙහිව #MeToo ව්‍යාපාරය ආරම්භ වීමෙන් පසුව ය. 
 
ලිංගික දර්ශන රූගත කිරීම් අතරවාරයේ රංගන ශිල්පින් අපහසුවට ලක් නොවන සහ ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි සැලකුම් ලබන බවට තහවුරු කරගනු පිණිස බොහොමයක් චිත්‍රාගාර විසින් ඊට අදාළ සම්බන්ධිකරණ නිලධාරියකු සේවයේ යෙදවීමට කටයුතු කරනු අද වනවිට දක්වන ලැබෙන්නකි.

Kiera Knightley new

 

 

 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක් 
 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්