2019 වසරේ දී අදායම් වාර්තා තබමින් තිරගත වූ ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25
නම් මලයාලම් සිනමාපටය මුල් කරගනිමින් ප්‍රති නිර්මාණය කෙරෙන "ගූගල් කුට්ටප්පන්" නම් කොලිවුඩ් සිනමාපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් මෙරට රංගන ශිල්පියෙක් සහ රංගන ශිල්පිනියක් තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා.
 
ඒ අනුව ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයන්නේ මෙරට නළු, නිළි දෙපලක් වන ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්‍යාගරාජා ය. 
 
ඔවුන් දෙදෙනාම දකුණු ඉන්දීය ජනප්‍රිය රියලිටි වැඩසටහනක් වන බිග් බොස් හි තුන්වැනි අදියර නියෝජනය කළ තරගකරුවන් වේ. 
 
ප්‍රවීන අධ්‍යක්ෂ කේ.එස්. රවිකුමාර් "ගූගල් කුට්ටප්පන්" වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වන බවත් එසේම ඔහු සිනමාපටයේ චරිතයකට රංගනයෙන් එක්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර යි.
 
රතිශ් බාලක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටයට ජනප්‍රිය රංගන ශිල්පින් වන යෝගී බාබු සහ  මනෝබාලා ද එක්වීමට නියමිත ය.

 

tharsan losliya

Google Kuttappan Movie Launch Stills 4 1024x682

tyqrawhjym2lvath 1611911389

Capture 4

Capture1

Capture2

 


 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්