සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් තුන්වැනි වරටත් සංවිධාන කෙරෙන

“කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල”ට නිර්මාණ බාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 
ඒ අනුව, කෙටි, වාර්තා සහ වෘතාන්ත චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට අවකාශය සලසා දී ඇත.
 
කෙටි චිත්‍රපට අංශයෙන් ජාතික සහ අන්තර්ජාතික ලෙසින් තරග දෙකක් පැවැත්වෙන අතර නිර්මාණකාරිනියන් සඳහා පමණක් විවෘත එම තරගයට 2019 ජනවාරි 1 වැනිදායින් පසුව නිෂ්පාදිත කෙටි චිත්‍රපට යොමු කළ හැකි ය. ඒවා විනාඩි 30 ක උපරිමයකට යටත් විය යුතු ය. 
 
ඉංග්‍රීසි භාෂිත නොවන චිත්‍රපට ඉංග්‍රීසි උපසිරසි සමඟ ඉදිරිපත් කළ යුතු අතර එක් අයදුම්කරුවකුට උපරිම සිනමාපට තුනක් යොමු කිරීමට ඉඩ ලබා දී ඇත.
 
එසේම, මින්පෙර සමාජ මාධ්‍යට මුදා හළ චිත්‍රපට උළෙලට සුදුසුකම් නොලබන බව සංවිධායකයින් පවස යි.
 
අයදුම්පත් යොමු කළ යුතු අවසන් දිනය මාර්තු 10 වැනිදා යි.
 
වැඩි විස්තර :
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයෙන් හෝ  +94 112 826 027 දුරකථන අංකයෙන් ලබා ගත හැකි ය.
 
 
 
(අවාරා)
 
Colombo International Womens 2021 

 

 

 


 

 

 

 

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්