ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ කොළඹ සිනමා පාසල විසින් සංවිධාන කරන "Cinematheque" මාසික සිනමා කතිකාවේ පළමු වැඩසටහන පෙබරවාරි 25 වැනිදා සවස 3ට පදනම් ආයතන සිනමා පාසල්
චිත්‍රාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
 
ඇකඩමි සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ මිලොස් ෆෝමන්ගේ One Flew Over The Cuckoo's Nest (1975) සිනමාපටය එදින ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. 
 
"සිනමා අභ්‍යාසයක නිර්මාණාත්මකව රංගගත කෙරුණු දේශපාලන නාටකය" මැයෙන් එදින දේශනය ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී විසිනි. සුදත් මහදිවුල්වැව එදින සාකච්ඡාව මෙහෙයවනු ලබ යි.

2015 02 14 ent 6847210 I1 

නවකතාවක් ඇසුරින් නිෂ්පාදිත One Flew Over The Cuckoo's Nest හොඳම සිනමාපටය, රංගන ශිල්පියා, රංගන ශිල්පිනිය, අධ්‍යක්ෂණය සහ තිර රචනය උදෙසා වූ ඇකඩමි සම්මාන පහම 1976 දී දිනාගැනීමට සමත්විය. 1934 දී It Happened One Night චිත්‍රපටයෙන් පසු මෙම ප්‍රමුඛ සම්මාන පහම දිනාගත් දෙවැනි සිනමාපටය මෙය වේ.   
 
එසේම, ගෝල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා උළෙලවලදී ද මෙම සිනමා කෘතියට සම්මාන 6 බැගින් හිමිව්ය.
 
ජැක් නිකල්සන්, ලුයිස් ෆ්ලෙචර්, මයිකල් බෙරිමන්, විල් සැම්සන්, ඩැනි ඩෙවිටෝ ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගනයෙන් එක්වූ One Flew Over The Cuckoo's Nest සිනමාපටය සංස්කෘතික, ඓතිහාසික හෝ සෞන්දර්යාත්මක වශයෙන් සුවිශේෂී සිනමාපටයක් ලෙසින් 1993 දී එක්සත් ජනපද ජාතික පුස්තකාලය වන The Library of Congress විසින් නම් කරනු ලැබී ය. 
 
(අවාරා)
 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්