නේපාල සිනමා සහ සංස්කෘතික ඇකඩමිය විසින් සිව්වැනි වරටත් සංවිධාන කෙරෙන නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ නිළ තරගකාරී වටයට මෙරට සිනමාපට දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා.
 
 
ඒ අනුව, සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රිස්ටි ෂෙල්ටන් ෆර්නැන්ඩුගේ අධ්‍යක්ෂණයක් වන "යාත්‍රා" සහ නිල්මිණි පෙරේරාගේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වන "තව මාස දෙකයි" යන චිත්‍රපට යි.
 
උළෙලේ ප්‍රමුඛතම අංශය ලෙස සැලකෙන World Panorama-Feature Films (අන්තර්ජාතික) යටතේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, තුර්කිය, චීනය, පෘතුගාලය, නේපාලය, හොංකොං යන රටවලින් ඉදිරිපත් කෙරුණු සිනමාපට 8ක් සමඟ "යාත්‍රා" සිනමාපටය තරග වැදීමට නියමිත ය. ඒ හොඳම වෘතාන්ත සිනමාපටය වෙනුවෙන් පිරිනැමෙන ගෞතම බුද්ධ සම්මානය (Gautama Buddha Award) සහ IFFS දොන් කිහොටේ (Don Quixote Award) සම්මාන වෙනුවෙනි.
 

Two Months

 
 
Live Action Short Films (අන්තර්ජාතික) අංශය යටතේ සුදුසුකම් ලැබූ "තව මාස දෙකයි" කෙටි චිත්‍රපටය භාග්මති සම්මානය වෙනුවෙන් තරග වැදීමට නියමිත ය. ඒ ඊශ්‍රායල්, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, කැනඩාව, ජර්මනිය, පේරූ, චීනය, සිංගප්පූරුව, බංග්ලාදේශය, ඉරානය, ස්පාඥ්ඥය, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, එක්සත් රාජධානිය, පිලිපීනය යන රටවලින් යොමු කර ඇති චිත්‍රපට 20ක් සමඟිනි.
 
රටවල් 52ක් නියෝජනය කරමින් සිනමාපට 450කට වැඩි ප්‍රමාණයක් මෙවර උළෙලට ඉදිරිපත් කර තිබූ බවත් එයින් රටවල් 31ක් නියෝජනය කරමින් සිනමාපට 63ක් පමණක් නිළ වශයෙන් උළෙල නියෝජනයට තෝරාපත් කරගෙන ඇති බවත් සංවිධායකයෝ නිවේදනය කරති. වෘතාන්ත චිත්‍රපට 9ක්, වාර්තා චිත්‍රපට 11ක් සහ කෙටි චිත්‍රපට 35ක් ඒ අනුව උළලේ තරග වදියි.
 
නේපාල අන්තර්ජාතික සිනමා උළෙල මැයි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැත්වෙනු ඇත.
 
 
"යාත්‍රා"
 
Yathra
 
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන “යාත්‍රා” අරුණ ජයවර්ධනගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ, මෙරට දී මෙන්ම නේපාලයේ ද රූපගත කළ අපූරු සිනමා සිත්තමකි.
 
ශ්‍රියානි අමරසේන ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා ලක්ෂ්මන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, සඳුන් විජේසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, උදාරි පෙරේරා, පබෝධා සන්දීපනී, රොෂාන් පිලපිටිය, කුමුදු නිශාන්ත, ඉන්දික මදුරගේ, ලිලානි පෙරේරා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා ඇත.
 
“යාත්‍රා” කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල්, සහාය අධ්‍යක්ෂණය අජිත් ලොකුගේ, අංග රචනය ඉන්දික උදාරලංකා, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ගීත රචනය බණ්ඩාර ඇහැළියගොඩ සහ වසන්ත කුමාර කොබවක, ගායනය නෙලූ අධිකාරී සහ ඉන්දිකා උපමාලි, සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ, ශබ්ද සැලසුම් ඩිරාන් විජේසිංහ, නිෂ්පාදන කළමණාකරණය සෝමදාස මල්දෙණිය, නිෂ්පාදනය ශ්‍රියානි අමරසේන, රුවන් ජයසිංහ, ලිලානි පෙරේරා සහ නිරංජලා සරෝජනී විසිනි.
 
 
 
"තව මාස දෙකයි"
 
 
නිල්මිණි පෙරේරා විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක් වන "තව මාස දෙකයි" සඳහා රංගනයෙන් බිම්සරා ප්‍රේමරත්න, ශ්‍යාම් ෆර්නැන්ඩු සහ චරින්ද්‍ර චන්ද්‍රසේන එක්වී තිබේ.
 
මෙම චිත්‍රපටයේ සහය රචනය චරින්ද්‍ර චන්ද්‍රසේන, කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජයරත්න, සංගීතය සංජීව් නිල්ස්, සංස්කරණය චාරිත ධීරසිංහ, කලා අධ්‍යක්ෂණය සරත් චන්ද්‍ර ජයවීර, අංග රචනය තරිඳු පතිරණ, නිෂ්පාදන කළමනාකරණය ගයාන් දේශප්‍රිය, සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් රාජපක්ෂ, ශබ්ද සැලසුම් සහ සංකලනය ටර්නින්ග් පොයින්ට් ස්ටුඩියෝ, නිෂ්පාදනය චරින්ද්‍ර චන්ද්‍රසේන, නිල්මිණි පෙරේරා සහ චාරිත ධීරසිංහ විසිනි.

 

 

 


 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්