2020 වසරේ ජනප්‍රිය ටෙලිය, නළුවා සහ නිළිය යන සම්මාන උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ නිර්දේශ ලැයිස්තුව සංශෝධනය කිරීමට සුමති සම්මාන උළෙල සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
පසුගිය 21 වැනිදා Sumathi Awards නිළ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ නිර්දේශ ලැයිස්තු තුන ගැන පළ වූ ප්‍රේක්ෂක අදහස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යි ඔවුන් දන්වා තිබුණේ.
"ආදරණීය ප්‍රේක්ෂකයිනි, ඔබ සැමගේ වටිනා අදහස් අප අගය කරමු. 2020 ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි නාට්‍යයන් සඳහා පල කල නාමාවලිය ලබාගත්තේ අදාල මාධ්‍ය නාලිකා, අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකයින්ගෙන් ලද තොරතුරු මත බවත්, ප්‍රේක්ෂක ඔබගේ අදහස් සියල්ලට නිරතුරුව අවධානය යොමු කරමින් මෙම නාමාවලින් සඳහා අයත් සංශෝධිත නාමාවලියන් හෙට දින දහවල් වන විට පල කිරීමට නියමිත බවත් මෙයින් දැනුම් දෙමු."
කෙසේ වෙතත් සංශෝධිත නාමාවලියක් ඉදිරිපත් කරන බවට සඳහන් දැනුම් දීම මෙන්ම මින්පෙර පළ කර තිබූ නිර්දේශ ලැයිස්තු, Sumathi Awards නිළ ෆේස්බුක් පිටුවෙන් මේ වනවිට ඉවත් කර තිබෙනවා.
ප්‍රේක්ෂක විරෝධය
පසුගිය වසර තුලදී විකාශය වූ, වඩාත් කතාබහට ලක්වූ ටෙලිනාට්‍ය කිහිපයක් සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුවට ඇතුලත් කර නොතිබීම, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ විවේචනයට බඳුන් වී තිබුණි.
2019 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍ය වූ තණමල්විල කොල්ලෙක්, කැන් යූ හියර් මී, සත්‍යා, ඉන්ටර්නැෂනල්, සකල ගුරු, රාවණා වැනි නාට්‍ය සහ ධනුක දිල්ෂාන්, රොෂාන් රවින්ද්‍ර වැනි ශිල්පින් මෙම ලැයිස්තුවලට ඇතුලත් නොවීම බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණි.
නිර්දේශ 25ක්
ප්‍රේක්ෂක අදහස් සැලකිල්ලට ගෙන සංශෝධනය කළ නාමාවලි තුන ඊයේ (22) දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ අතර එහිදී, දකින්න ලැබෙන්නේ මින් පෙර ප්‍රසිද්ධ කර තිබූ නාමාවලි 3ට අලුතින් නිර්දේශ 5 බැගින් එක් කර ඇති බවයි.
ඒ අනුව, ටෙලිනාට්‍ය 25ක්, නළුවන් 25ක් සහ නිළියන් 25ක් සුමති ජනප්‍රිය සම්මාන ත්‍රිත්වය උදෙසා තරග වදියි.
25 වැනි වරට සංවිධාන කෙරෙන සුමති සම්මාන උළෙල මාර්තු මස අවසානයේ පැවැත්වීමට නියමිත ය.
(අවාරා)
මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?
සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !