ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන සන්නිවේදන කතිකාවේ මීළඟ වැඩසටහන "ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුනිදාස" මැයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
පෙබරවාරි 21 වැනිදා යෙදී තිබුණු ජාත්‍යන්තර මව් භාෂා දිනයත්, මාර්තු 2 වැනිදාට යෙදෙන කුමරතුඟු සමරු දිනය හා සිංහල භාෂා දිනයත් නිමිත්තෙන් මෙම කතිකාව සංවිධානය කෙරේ.
මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ ශ්‍රීනාත් ගනේවත්ත එදින අදහස් දැක්වීමට එක්වනු ඇත.
කතිකාව පැවැත්වෙන්නේ මාර්තු 3 වැනිදා පස්වරු 3ට ඔන්ලයින් මාර්ගයෙනි. (Zoom app).
වැඩසටහන් මෙහෙයවීම ගාමිණී කන්දෙපොළ විසින් සිදු කෙරේ.
වැඩි විස්තර - ගාමිණී කන්දෙපොළ 071 4774507
(අවාරා)
ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා
පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?