ඊයේ (28) නිමාවට පත්වූ 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය ලෙස සැලකෙන හොඳම සිනමාපටයට (නාට්‍ය) හිමි සම්මානය Nomadland චිත්‍රපටයට හිමි විය.
හොඳම අධ්‍යක්ෂණය උදෙසා සම්මානය හිමි කරගත්තේ "Nomadland" සිනමාපටය වෙනුවෙන් ක්ලෝයි සාඕ ය.
ඒ අනුව, දශක ගණනක දිගු ඉතිහාසයකට හිමිකම් කියන ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ බාබරා ස්ට්රෙසන්ඩ්ට(1983) පසුව එම සම්මානය දිනාගත් දෙවැනි කාන්තා අධ්‍යක්ෂවරිය ඇය යි.
මෙවර හොඳම අධ්‍යක්ෂණය උදෙසා පිරිනැමෙන සම්මානයට නිර්දේශ වූ පස්දෙනා අතරට අධ්යක්ෂවරියන් තිදෙනකු නිර්දේශ වීම විශේෂත්වයකි.
හොඳම රංගන ශිල්පිනිය ලෙස The United States VS. Billie Holiday සිනමාපටයේ රඟපෑ ඇන්ඩ්‍රා ඩේ සම්මාන දිනාගත් අතර හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය හිමිවුයේ Ma Rainey’s Black Bottom සිනමාපටයේ රඟපෑ නැසී ගිය රංගන ශිල්පී Chadwick Boseman හට ය.
සංගීතමය හෝ ප්‍රහසන අංශයෙන් හොඳම සිනමාපටයට හිමි සම්මානය හිමිකරගත්තේ Borat Subsequent Moviefilm චිත්‍රපටය යි.
එම අංශයේ හොඳම රංගන ශිල්පියා ලෙස සාචා බැරන් කෝන් Borat Subsequent Moviefilm සිනමාපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර හොඳම රංගන ශිල්පිනිය ලෙස රොස්මුන්ඩ් පයික් I Care a Lot සිනමාපටය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා ය.
ලොව නන් දෙස රැඳී සිටින හොලිවුඩ් සිනමා, ටෙලි තරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී කරගනිමින් මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්වුණි.
සෙසු සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
සිනමා නිර්මාණ
හොඳම සිනමාපටය (ත්‍රිමාණ)
SOUL (Walt Disney Pictures / Pixar Animation Studios; Walt Disney Studios Motion Pictures)
හොඳම සිනමාපටය - විදෙස් භාෂිත
MINARI (USA) (Plan B; A24)
හොඳම සහාය රංගනය - කාන්තා (Motion Picture-drama)
JODIE FOSTER THE MAURITANIAN
හොඳම සහාය රංගනය - පිරිමි (Motion Picture-drama)
DANIEL KALUUYA JUDAS AND THE BLACK MESSIAH
හොඳම තිර රචනය (Motion Picture-drama)
AARON SORKIN THE TRIAL OF THE CHICAGO 7
හොඳම සංගීත අධ්‍යක්ෂණය
TRENT REZNOR, ATTICUS ROSS, JON BATISTE SOUL
හොඳම ගීතය
“IO SÌ (SEEN)” — THE LIFE AHEAD
Music by: Diane Warren
ටෙලි නිර්මාණ:
හොඳම ටෙලි මාලාව - නාට්‍ය
THE CROWN - NETFLIX (Left Bank Pictures / Sony Pictures Television)
හොඳම රංගනය - කාන්තා (නාට්‍ය)
EMMA CORRIN THE CROWN
හොඳම රංගනය - පිරිමි (නාට්‍ය)
JOSH O'CONNOR THE CROWN
හොඳම ටෙලි මාලාව - සංගීතමය හෝ ප්‍රහසන
SCHITT'S CREEK - POP TV (Not A Real Company Productions / Canadian Broadcast Company / Pop TV)
හොඳම රංගනය (කාන්තා) - සංගීතමය හෝ ප්‍රහසන
CATHERINE O'HARA SCHITT'S CREEK
හොඳම රංගනය (පිරිමි) - සංගීතමය හෝ ප්‍රහසන
JASON SUDEIKIS TED LASSO
(අවාරා)
සබැඳි පුවත් :
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා - මොළයක් නැති විපක්ෂයකින් රටට වැඩක් නෑ
පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?