ඩයලොග් රිදී ටීවී ඔස්සේ අසාධාරණ ලෙස කපා හැර දමා තිබූ විජය කුමාරතුංග වෙනුවෙන් චිත්‍රපටි උළෙලක් පැවැත්වීමට ඩයලොග් ටීවී කළමනාකාරිත්වය අවසානයේ පියවර ගෙන තිබේ.
 
මේ අනුව මාර්තු මස 02 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා විජය කුමාරතුංග රඟපෑ චිත්‍රපටි පෙළක් ඩයලොග් ටීවී චැනල් අංක 18 ඔස්සේ විකාශය කෙරෙනු ඇත.
 
 චැනල් අංක 18 ඔස්සේ විකාශය කෙරෙන ඩයලොග් රිදී ටීවී වඩාත් ජනප්‍රිය වී ඇත්තේ පැරණි සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම නිසාය.
 
රිදී ටීවී ඔස්සේ ජනප්‍රිය නළු නිළියන් වෙනුවෙන් සිනමා සති නම් කර ඔවුන් රඟපෑ චිත්‍රපටි කලින් කල ප්‍රදර්ශනය කරයි.
 
බොහෝ නළු නිළියන් වෙනුවෙන් සිනමා සති අවස්ථාවන් ගණනාවකදී නම් කෙරුණද සිංහල සිනමාවේ සිහින කුමරා වූ විජය කුමාරතුංග වෙනුවෙන් සිනමා සතියක් නම් කෙරෙන්නේ නැති තරම් යැයි 'ද ලීඩර්' පෙබරවාරි 10 දා වාර්තා කළේය.
 
සබැඳි පුවත් :

 

 


 

 
 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්