සිනමාවේ, වේදිකාවේ මෙන්ම පුංචි තිරයේ ද දැක්වූ රංගන කුසලතාවයෙන් රසික හදවත් දිනූ රංගන ශිල්පී
කුමාර තිරිමාදුරගේ කලා දිවියට 35 වසරක් පිරීම නිමිත්තෙන් සිනමා උළෙලක් සංවිධාන කර තිබෙනවා.
”ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර” නමින් පැවැත්වෙන මෙම උළෙලේදී, ඔහු රංගනය සහ තිර රචනය උදෙසා සම්මානිත වූ චිත්‍රපට 5ක් තිරගත කිරීමට නියමිත ය.
එම සිනමාපට වන්නේ ධර්ම යුද්ධය, ටවුමේ ඉස්කෝලේ, ගාමණී, තණ්හා රතී රඟා සහ ද නිවුස් පේපර් ය.
මාර්තු 31න් පටන් ගන්නා මෙම චිත්‍රපට උළෙල අප්‍රේල් 04 දක්වා කොල්ලුපිටිය ලිබර්ට් සිනමා ශාලාවේ දී පැවැත්වේ. ඒ දර්ශන වාර 10:30 | 02:30 | 06:30 වශයෙනි.
උළෙල සංවිධානය උපුල් නිශාන්ත විසිනි.
මාර්තු 31 – චෙයියාර් රවීගේ "ධර්මයුද්ධය"
අප්‍රේල් 01 – සුනිල් ප්‍රේමරත්නගේ "ටවුමේ ඉස්කෝලේ"
අප්‍රේල් 02 – සරත් වීරසේකරගේ "ගාමණී"
අප්‍රේල් 03 – නිලේන්ද්‍ර දේශප්‍රියගේ "තණ්හා රතී රඟා"
අප්‍රේල් 04 – සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ "ද නිවුස්පේපර්"
(අවාරා)
සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.
සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ