රංගන ශිල්පී ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා.
 
 
ඒ සිය කුළුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වන "කොඩි ගහ යට" ටෙලි නාට්‍යය සමඟින්.
 
දිල්හානි ඒකනායක, සේවියර් කණිෂ්ක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, කළණ ගුණසේකර, සුරාජ් මාපා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයන මෙම ටෙලිය දුෂ්කර ගම්මානයකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටා ගෙතෙයි.
 
"කොඩි ගහ යට" සම අධ්‍යක්ෂණය ලසන්ත ප්‍රැන්සිස්, තිර රචනය අරුණ ප්‍රේමරත්න, කැමරාකරණය චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න, සංගීතය විහඟ විජේසේකර, වේෂ නිරූපණය නාරද ධනංජි තොටගමුව, සංස්කරණය සංඛ මල්වත්ත, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, නිෂ්පාදන කළමනාකරණය රාජා රණසිංහ සහ  ප්‍රචාරණ සැලසුම් red pen event  විසිනි.
 
දේශමාන්‍ය අනිල් බණ්ඩාරගේ නිෂ්පාදනයක් වන "කොඩි ගහ යට" මුහුරත් උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. 

 

Under the flag tree 4

Under the flag tree 5

Under the flag tree 1

Under the flag tree 6

Under the flag tree 3

Under the flag tree 2

 


 

 

 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image