"අන්තර්ජාතික බුකර් ත්‍යාගය" 2021 සඳහා කෙටි ලැයිස්තුගත කෘති හය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.    
 
 ඉංග්‍රීසි බසට පරිවර්තිත, "ලොව පුරා විශිෂ්ට ප්‍රබන්ධ කෘති" ඇගයීම උදෙසා පිරිනැමෙන මෙම ත්‍යාගයේ මෙවර කෙටි ලැයිස්තුවට ප්‍රංශ ලේඛකයින් දෙදෙනකුගේ කෘති ඇතුලත් වීම විශේෂත්වය කි.
 
ඒ අනුව සුදුසුකම් ලැබූ කෘති 6 වන්නේ,
 
 
 
David Diop විසින් රචිත "At Night All Blood is Black"
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Anna Mocschovakis, ප්‍රකාශනය Pushkin Press
 
Mariana Enríquez විසින් රචිත "The Dangers of Smoking in Bed"  ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Megan McDowell, ප්‍රකාශනය Granta Books
 
Benjamín Labatut විසින් රචිත "When We Cease to Understand the World"
ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Adrian Nathan West, ප්‍රකාශනය Pushkin Press
 
Olga Ravn විසින් රචිත "The Employees"
ඩෙන්මාර්ක භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ Martin Aitken, ප්‍රකාශනය Lolli Editions
 
Maria Stepanova විසින් රචිත "In Memory of Memory"
රුසියානු බසින් පරිවර්තනය කරන ලද්දේ Sasha Dugdale, ප්‍රකාශනය Fitzcarraldo Editions
 
Éric Vuillard විසින් රචිත "The War of the Poor"
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Mark Polizzotti, ප්‍රකාශනය Pan Macmillan, Picador
 
 
 
ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත කෘති 'අන්තර්ජාතික බුකර් සම්මානයට සුදුසුකම් ලබන අතර මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් සම්මානය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 125 ක් බව සංවිධායකයෝ පවසති.
 
2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ. ජයග්‍රහණය කළ කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගයක් හිමිවන අතර එම මුදල කතුවරයා සහ පරිවර්තකයා අතරේ සමසේ බෙදී යයි.
 
"මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගය" දිනා ගන්නා කෘතිය ජූනි 2 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 
(අවාරා)

 

 

 


 

 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්