ස්පාඥ්ඥ ජාතික සිතුවම් ශිල්පී පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද "කවුළුවක් අසල වාඩිගෙන සිටින කත" නම් සිතුවම ඩොලර් මිලියන සියයකට වැඩි මුදලකට වෙන්දේසි වී තිබෙනවා.
 
 
ඒ, මිලියන 100කට වැඩි මිලකට අලෙවි වූ ඔහුගේ පස් වෙනි සිතුවම බවට පත්වෙමිනි.
 
ප්‍රංශ භාෂාවෙන් Femme Assise Pres d'Une Fenetre (මාරි-තෙරේස්) මැයෙන් නම් කළ මේ සිත්තම ඇඳීමට මුල්වූයේ පිකාසෝගේ තරුණ ප්‍රියාව, මාරි තෙරේස් වෝල්ටර් බව කියවේ.
 
බ්‍රහස්පතින්දා (13) දින ඇමරිකාවේ නිව්යෝක් නුවර ක්‍රිස්ටි වෙන්දේසි නිවසේ දී ඩොලර් මිලියන 103.4 මුදලකට වෙන්දේසි වූ මෙම චිත්‍රය පමණක් ඩොලර් මිලියන 90ක් වූ බවත් කොමිස් මුදල් ඇතුළු අනෙකුත් ගාස්තුවල එකතුවෙන් මුළු මුදල තීරණය වූ බවත් වාර්තා වේ. 
 
සිතුවම ඩොලර් මිලියන 55කට පමණ අලෙවි වේ යැයි වෙන්දේසි නිවස තක්සේරු කර තිබුණි. එය මින් වසර 8කට පමණ පෙර අලෙවි වී තිබුණේ ඩොලර් මිලියන 44.8කට ය.
 
1881 උපත ලබා 1973 දී මියගිය පැබ්ලෝ පිකාසෝ විසින් මෙම චිත්‍රය 1932 වසරේ ප්‍රංශයේ දී අඳින ලද බව පැවසේ.
 
(අවාරා)

 

 

 


 

THE LEADER TV 

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්