කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද මාලාවෙහි පළමුවැන්න, ජූනි 2 වැනිදා රාත්‍රී 8.30ට Zoom මාධ්‍යය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
"ඇයි මට මගේ ෆිල්ම් එක හදාගන්න බැරි?" තේමාව යටතේ පැවැත්වෙන මෙම සංවාදය කොළඹ සිනමා පාසලේ අධ්‍යක්ෂ, ප්‍රවීන සිනමාවේදී සුදත් මහදිවුල්වැව මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිත ය.
නිර්මාණකරුවෙක් හට තම ප්‍රකාශනය සිනමාපටයකට නැගීමට තිබෙන ප්‍රායෝගික අභියෝගයන් පිළිබඳව එහිදී මූලික අවධානය යොමු කෙරේ.
එදින සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ චමිල් ජයනෙත්ති විසිනි.
කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.
පහත සබැඳිය ඔස්සේ ඔබටද මෙම සංවාදයට ලියාපදිංචි විය හැකි ය.
(අවාරා)
###############
THE LEADER TV
සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව
ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්!