සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත "මැරීන් ඩ්‍රයිව්" කෙටිකතා සංග්‍රහය ගැන සජීවී, විවෘත සහෘද කතාබහක් අද (07) දිනයේ දී පැවැත්වීමට නියමිත ය.
අද රාත්‍රී 8.00 ට Zoom අන්තර්ජාල සබැඳිය ඔස්සේ පැවැත්වෙන මෙම කතාබහ මෙහෙයවනු ලබන්නේ ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි.
මැරීන් ඩ්‍රයිව්, අනුරසිරි හෙට්ටිගේ ලියූ සිව්වැනි කෙටිකතා සංග්‍රහය වන අතර රාජ්‍ය සම්මාන හිමිවූ "සිංහබාහු එනකං", "කොළඹ ළමයි" සහ "දිමියා", "රන්සිරිමල්", "කළුවරයි පුරහඳ", "බැද මාරිය", "පණ්ඩක පුත්‍ර වස්තුව" ආදිය ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනේ.
මෙම සංවාදයට පහත සඳහන් සබැඳි ඔස්සේ එක්වෙන මෙන් ඔබ සැමට ඇරයුම්!
Youtube : https://youtu.be/2kh9mb8CkZM
(අවාරා)
THE LEADER TV
හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!
ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?