මෙරට ප්‍රමුඛ පෙළේ සිනමාවේදීයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිත්තම "මිදුණු විශ්වය" (Frozen cosmos) එළඹෙන වසරේ දී රිදී තිරයට
පැමිණීමට නියමිත බවට වාර්තා වෙනවා.
ඒ, ලාංකේය කථානාද සිනමාවට වසර 75ක් සපිරෙන ජනවාරි මස 21 වැනිදා සිට ය.
උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවන අතර චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, දමිතා අබේරත්න, උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, දිමුතු චින්තක, දිලීප අබේසේකර ඇතුළු පිරිසක් සෙසු චරිතවලට රංගන දායකත්වය සපයා තිබේ.
මිදුණු විශ්වය කැමරාකරණය ප්‍රවීන් ජයරත්න වන අතර සංගීතය නවරත්න ගමගේ විසිනි. අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා ද සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් ෆ්‍රෑන්සිස්, සරත් සේනාරත්න හා තිස්ස ගුණතිලක ද නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන ද රේඛිය නිෂ්පාදනයෙන් නිමල් විජේසිරි සහ නිෂ්පාදනය රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ ද මෙම නිර්මාණය සඳහා දායක වී ඇත.
මෙම සිනමාපටය ජයන්ත චන්ද්‍රසිරිගේ හයවැනි සිනමා නිර්මාණය යි.