ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමා‍වෙන්න.

 

නමුත් පහන්තුඩාව අපට අනුව අපේ රටේ සංස්කෘතික සංධිස්ථානයක් වෙනවා.

විශේෂයෙන්ම ලංකාවෙ පෝර්න් කර්මාන්තයේ බිහිවීම, පැවැත්ම සහතික කරන තැන වෙනවා.

ලංකාවේ පාදඩ පණත, අසභ්‍ය පණත ප්‍රශ්න කරන්න විවෘත වුනු වේදිකාවක් වෙනවා.

ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුවෙන සංස්කෘතික කතිකාව තව ඉස්සරහට ගෙනියන්න අපි කල්පනා කරනවා.


උදාහරණයක් විදිහට පොලිසිය කියන හැටියට මේ නිසා ලංකාවට වුනා කියන අපහාසය වෙනුවට කලාත්මක සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමේ කතිකාවක ආරම්භයක් විදිහට පහන්තුඩාව සලකුනු කරන්නයි අපේ උත්සාහය.


ඒ වෙනුවෙන් පහන්තුඩාව සිතුවම් සැනකෙලියක් අපි පටන් ගත්තා.

හරියට ගෝටාබය රාජපක්ෂ ජනාදිපති වුනාම ගෝටා ෆෑන්ස්ලා තාප්පවල චිත්‍ර ඇන්දා වගේ පහන්තුඩාව ෆෑන්ස්ලා එකතු කරගෙන කරන වැඩක් මේක.

අපි නරඹන ඕනම පෝර්න් එකක් වෙනුවෙන් ඒක නිර්මාණය කරන පිරිසට ගෞරවයක් හිමිවිය යුතුයි කියන එකයි අපේ විශ්වාසය.

රටෙන් ලක්ෂ පනහකට වඩා නැරඹූ වීඩියෝවක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.

ඒ හරහා ජනාධිපති, පොලිස්පති ඉඳන් පැය 48ක ලංකාවෙ වේගවත්ම බුද්ධි මෙහෙයුමක් සිද්ද වෙලා තියෙනවා.

වෙනත් යුවළකගේ රූපයක් ෂෙයාර් කිරීම හරහා සයිබර් බුලින්ග් පිළිබඳ දරුණු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. මේවා සියල්ල පහන්තුඩාවේ ආශ්චර්යයන්.

ඉතින් අපි පහන්තුඩාව නමින් ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. විවිධ සිත්තරුන් එක්ක අපි මේ වෙනුවෙන් වැඩ කරනවා.

ඔයගොල්ලොන්ටත් පුළුවන් කැමති නම් පහන්තුඩාව වෙනුවෙන් චිත්‍රයක් එකතු කරන්න. මේ ප්‍රදර්ශනයේ චිත්‍ර අන්තර්ජාතික අවධානයට ලක්කරන එකයි අපේ බලාපොරොත්තුව.

ඒ හරහා පහන්තුඩාවට තිබුනට වඩා හොඳ සංචාරක ආකර්ශනයක් දිනාගන්න පුළුවන් බවයි අපේ ස්ථාවරය.

මේ චිත්‍ර ඒ ප්‍රදර්ශනයේදී අලෙවි කරන්නත් ඒ මුදල් පහන්තුඩාවේ යුවල සිදුවු සමාජ අලාභය වෙනුවෙන් සංකේතීය වන්දියක් හැටියෙන් පිලිගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

පහන්තුඩාව නරඹපු හැමෝටමත් පුළුවන් ඒ වෙනුවෙන් තමන් යම් දායකත්වයක් ලබාදිය යුතුයි කියල හිතනවා නම් එකතු වෙන්න.


(facultyofsex.com)



කියවන්න

පහන්තුඩාවේ SEX කරමුද ? - මහේෂ් හපුගොඩ

'අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න' – මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

පහන්තුඩාවෙ SEX වීඩියෝව හාමුදුරුවොත් බලලා !

පහන්තුඩාව 'බ්ලූ ෆිල්ම්' : 2021 ට ශ්‍රී ලංකාවෙන් SEX වාර්තාවක්

 

 


 

THE LEADER TV 
 
 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
 
බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්