ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6

අතරට සුදුසුකම් ලබා ඇති බවට ඊයේ (14) දින ප්‍රකාශයට පත් කෙරුණි.

A Passage North, "ක්‍රිෂාන්" නම් දමිළ තරුණයකු, දශක ගණනක් දිගු යුද්ධයේ කම්පනයෙන් තවමත් පීඩා විඳින උතුරුකරයට යන ගමනක් වටා ගෙතුණකි.

 

 120544098 vertical stack plain c the booker prizes

බුකර් ත්‍යාගයේ අවසන් වටයට නිර්දේශ වූ සෙසු කෘති මෙසේය,

 The Promise, Damon Galgut, (Chatto & Windus, Vintage, PRH)

 No One is Talking About This, Patricia Lockwood (Bloomsbury Circus, Bloomsbury Publishing)

 The Fortune Men, Nadifa Mohamed (Viking, Penguin General, PRH)

 Bewilderment, Richard Powers (Hutchinson Heinemann, PRH)

 Great Circle, Maggie Shipstead (Doubleday, Transworld Publishers, PRH)

 

headshots 1614627884458.0

මෙවර බුකර් ත්‍යාගය මූලික වටයෙන් නවකතා 13ක් සුදුසුකම් ලැබූ අතර එම කෘති අතරට 2017 දී සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එමෙන්ම 1989 දී බුකර් සම්මානය දිනූ ජපන් ලේඛක කසුඕ ඉෂිගුරෝගේ "Klara and the Sun" කෘතිය ද ඇතුලත් වී තිබුණි. කෙසේ වෙතත් එම කෘතිය අවසන් නිර්දේශ අතරට පැමිණ තිබුණේ නැත.


පාඨක සන්තානයේ නොමැකෙන සටහන්..


A Passage North, අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත දෙවැනි නවකතාව යි.

මෙම කෘතිය "පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්," බව විනිශ්චය මණ්ඩලයේ අදහස යි.  

ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අනුක්ගේ පළමු නවකතාව වන්නේ "The Story of a Brief Marriage" ය.

එම කෘතිය වෙනුවෙන් ඔහුට දකුණු ආසියානු සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන DSC ත්‍යාගය හිමිවූ අතර ඩිලන් තෝමස් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත විය.

"The Story of a Brief Marriage" මේ වනවිට භාෂා 7කට පරිවර්තන කර ඇත.

 



2021 බුකර් කෙටි ලැයිස්තුව

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

මෙවර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා නොවම්බර් 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය.

 

(අවාරා)

 


THE LEADER TV 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
හම්බන්තොට ස්පේෂල්?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්