ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනි යොහානි ද සිල්වා විසින් ගායනා කරන, අප අසල්වැසි ඉන්දියාවේ පවා ජනප්‍රියත්වයට පත් "මැණිකේ මගේ හිතේ" ගීතය වටා

බැඳෙන පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

මුල් ගායනය සතිෂන් රත්නායකගේ වන මෙම ගීතයට අද වනවිට ගීත කවර විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම Tiktok සමාජ මාධ්‍යයේ ද "මැණිකේ මගේ හිතේ" ගීතය අතිශයින් ජනප්‍රියයි.

ඇමරිකානු ළමා වයලින් වාදන ශිල්පිනියක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් මෙම ගීතයට වයලින වාදනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුල මේ වනවිට ජනප්‍රිය වෙමින් තිබෙනවා.


කැලිෆෝනියාවේ ශාන්ත මොනිකා හි වීදිවල සිට ඇය විසින් වාදනය කරන ජනප්‍රිය ගීත කණ්ඩවල වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා.

යුක්රේන සංගීත පවුලක උපත ලැබූ කැරොලිනා සහ ඇගේ පවුල ඇමරිකාවට සංක්‍රමණය වන්නේ 2015 දී ය. ඒ වනවිට අවුරුදු 6ක් වූ ඇය වයලීන වාදනයට අත්පොත් තබන්නේ ද අවුරුදු 6 දී ය.


THE LEADER TV 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්