ෆියෝදර් දොස්තයේව්ස්කි වෙනුවෙන් වෙන් කෙරුණු මෙවර රුසියානු සාහිත්‍ය උලෙළේ දෙවන භාගය අද (27) සවස 6 සිට 8 දක්වා මාර්ගගත (online) ක්‍රමයට

පැවැත්වීමට නියමිත ය.


ඒ අනුව, පැවැත්වෙන සාහිත්‍ය කතිකාව සිදු කෙරෙන්නේ 'පුෂ්කින්, ගොගොල්, දොස්තයෙව්ස්කි, තොල්ස්තෝයි: ශ්‍රේෂ්ඨතමයා කවුද?' යන තේමාව යටතේ ය.

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජගත් කීර්තිධර සිනමාවේදී ප්‍රසන්න විතානගේ සහ සාහිත්‍ය පර්යේෂක ෆීලික්ස් ප්‍රනාන්දු මෙහිදී කෙටි දෙසුම් පවත්වන අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ දොස්තයෙව්ස්කි පර්යේෂිකා ඩිල්ෂානි චතුරිකා දාබරේ තම අදහස් දක්වමින් සංවාදයට එකතුවීමට නියමිතය.

දොස්තයෙව්ස්කි පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපටයකින් ආරම්භ වන මෙම සාහිත්‍ය කතිකාව, දොස්තයෙව්ස්කිගේ 'සෞම්‍යා' කතාව පදනම් කරගනිමින් නිර්මිත ප්‍රසන්න විතාන‍ගේ සිනමාවේදියාගේ 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් නිමා කෙරේ.

කතිකාව 'සූම්' අන්තර්ජාල යෙදුම සහ 'මුහුණු පොත' ඔස්සේ සජීව ලෙස විකාශනය කෙරේ.

මේ සඳහා සම්බන්ධ වන ලෙස රුසියානු සාහිත්‍යකාමී සියලු දෙනාගෙන් කොළඹ රුසියානු මන්දිරය හා ඊට අනුබද්ධිත රුසියානු සාහිත්‍ය කවය ආරාධනය කර සිටී.

246375464 4626225294066020 7497504854989284547 n

 


THE LEADER TV 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 
 
කක්කුස්සි පෝර නැව හම්බන්තොටට ! | අද ගොසිප් එක
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්