සමහර කලා නිර්මාණ අපේ හිත් රිද්දනවා.

ගීතයක් වේවා, සිනමාපටයක් වේවා, නවකතාවක් වේවා, වේදිකා නාට්‍යයක් වේවා... ඒ නිර්මාණය අහන එක, බලන එක නැත්නම් කියවන එක හිත් රිදුනට අපි නවත්තන්නේ නැහැ. ඒවායෙන් දැනෙන වේදනාව අපි ආයෙ ආයෙම විඳින්න කැමති යි. ඒ එවැනි නිර්මාණ අපේ හිත්වලට එතරම් සමීප නිසා යි.    


දහස් ගණනකගේ හදවත් එලෙස රීද්දවූ ගීතයක් මෑතකදී අපට අසන්න ලැබෙනවා. ගීතයේ නම "අන්සතු ඔබ".

රුෂාන් සිල්වාගේ පද බැඳුමට අනුව ළහිරු ද කොස්තාගේ සංගීතයෙන් සහ තිසර වීරසිංහගේ හඬින් අපට අසන්නට ලැබෙන මෙම ගීතය මේ වනවිට සටහන් කර ඇති නැරඹුම් වාර ගණන ලක්ෂ 20කටත් එහා ගිහින්.

සරල වීඩියෝ නිර්මාණයක් වුණත් එයින් දැනවෙන හැඟීම ප්‍රභල කිරීමට සම්මානිත රංගන ශිල්පී සේවියර් කනිෂ්ක සහ නිපුනි ගුණවර්ධනගේ දායකත්වය නොඅඩුව ලැබී ඇති බව කිව යුතුම ය.

 

 

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා 
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී 
මම තව තව ඔබ වෙත පෙම් කරමී
 
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී 
මම තව තව ඔබ වෙත පෙම් කරමී
 
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා 
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී 
මම තව තව ඔබ වෙත පෙම් කරමී
 
 
 
Song Title - Ansathu Oba ( අන්සතු ඔබ )
Artist - @Thisara Weerasinghe 
Melody - Thisara Weerasinghe 
Lyrics - Rushan Silva
Music - @Lahiru De Costa 
Guitar Arrangements - Buddhika Perera 
Mix & Mastered - Lahiru De Costa @ LAV Studio 
 
Cast - @XAVIER KANISHKA / Nipuni Poojitha Gunawardhana
Directed by Nimna Dewpura
DOP - Nerun Kalpajith
Editor & Colorist - Nerun Kalpajith @ @Jeeth  Studios
Costume Design - Dithri @ Warna Saree
Acting Choreography - Nalin Lusena
 
Assistant Director - Kasun Thivanka
Production Manager - Dinuka Lakshan
Camera Assistant - Udara Vithanage
Transportations - Nishantha Basnayake
 
Special Thanks - @Prauda Buwaneka  / Suranga Salinda / Gihan Silva / Akalanka Prabashwara / Stefan Thrimanne / Prince Gunawardana

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්