යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අනුෂා සිවලිංගම් සහභාගි වන

‘අනුන්ගේ සපත්තු’ සංවාදශීලී කතිකාවත අද (නොවැම්බර් 12 සිකුරාදා) ප.ව. 5.00-6.00 දක්වා සූම් ඔස්සේ පැවැත්වේ.

 ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සංවිධානය කරන මෙම සංවාදය මෙහෙයවන්නේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර විසිනි.

මෙම සාකච්ඡාවට පාදක වන්නේ නාට්‍යවේදිනියක හා ලේඛිකාවක වන සුනිලා ගලප්පත්තිගේ ‘අනුන්ගේ සපත්තු: සිය කතන්දරය කියන්නැයි කිසිවකුට බල නොකරමු’ යන රචනයයි.

එය අතීත සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ගැටුම් සහ කැලඹිලි සහිත සිදුවීම්වලදී දුක් විඳි, ආදරණීයයන් අහිමි වූ සහ කම්පනයට පත් වූවන්ගේ කථාවලට සවන් දීමේ දේශපාලනය සහ එවැනි පුද්ගලයින්ට ඔවුන්ගේ කම්පන සහ හානි පිළිබඳ කථා නැවත කියන්නට ඉල්ලා සිටීමේ ගැටලු ගවේෂණය කරයි.

සංවාදය සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර දෙමළ භාෂාවෙන් එයට සවන්දීමේ පහසුකම ද සැලසේ. සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම සංවාදයට එක් විය හැකිය.

"අනුන්ගෙ සපත්තු" ලිපියෙන් කොටසක්

 

 WhatsApp Image 2021 11 12 at 08.41.59

WhatsApp Image 2021 11 12 at 08.42.00


You are invited to a Zoom webinar.
When: Nov 12, 2021 05:00 PM Colombo
Topic: Webinar on "Anunge Sapaththu"

Please click the link below to join the webinar:
https://us02web.zoom.us/j/84941081919?pwd=OVd3Y2ZneC9SM3pNWEJqeEREVGkzUT09

Webinar ID: 849 4108 1919
Passcode: Anu@sap12>

 

 


 

THE LEADER TV

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්