ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන්

පියවර ගෙන තිබෙනවා.


මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාළව ඇයගේ නම නම ඈඳී තිබීම නිසා මෙලෙස රටින් පිටව යෑමට ඉඩ දී නොමැති බව යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ජැකලින් ෆර්නැන්ඩස් ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයකට  සහභාගී වීම සඳහා ඊයේ (5) ඉන්දියාවෙන් පිටව යාමට මුම්බායි ගුවන් තොටුපළට පැමිණි නමුත් එරට ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ඇයට රටින් පිටව යෑම තහනම් කරමින් පනවා ඇති නියෝග මත ආගමන විගමන නිලධාරීන් විසින් එම ගමන වළක්වා ඇත.

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ දී ප්‍රශ්න කිරීම සඳහා ඇය අවශ්‍ය විය හැකි බැවින් රටින් පිටව නොයන ලෙස ආගමන විගමන නිලධාරීන් විසින් ඇයට එම අවස්ථාවේ දී දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්