තුන්වැනි වරටත් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” ජාතික අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස නවයුගා කුගරාජාගේ කුළුඳුල්
සිනමා අධ්‍යක්ෂණය වන "පොට්ටු" ඉකුත් දා සම්මානයට පාත්‍ර විය.
කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද දින 11 පුරා මෙම සිනමා උලෙළ පැවැත්වුණි.
සුර්බි දේවන්ගේ "An open sky"
එහිදී ජාත්‍යන්තර අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දීය ජාතික සුර්බි දේවන්ගේ "An open sky" චිත්‍රපටය යි.
සිනමාපට 400කට අධික සංඛ්‍යාවක් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන් ලාංකේය සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය වන විශාරද ආචාර්ය සුජාතා අත්තනායක වෙත මෙවර යාවජීව සම්මානය පුද කෙරුණි.
සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළ” දෙසැම්බර් 6 වැනිදා නිමාවට පත්විය.
සබැඳි පුවත්:
සිනමාවේ කාන්තාව සමරමින් CIWFF දෙසැම්බර් 6 දක්වා
2021 කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලට චිත්‍රපට බාරගැනේ
නවයුගා කුගරාජාගේ 'පොට්ටු' අන්තර්ජාලයට
පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)
'පොට්ටු' මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළට
නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට
නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්!
බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන