ගීතය ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. සමාජ මතයක් ඉපැද්දවිමට වීමට හෝ ඇති මතයක් නැති කිරීමට ඊට හැකි ය.

 

එවන් සර්වකාලින ගීත එකල මෙන්ම මෙකල ද බිහිවන්නී ය.

කලකදී ගුවන්විදුලියේ ප්‍රචාරණය තහනම් වූ "රට බල්ලට ගියාදෙන්" ගීතය එවන් සර්වකාලින ගීතය කි.

බී.ටී මෙන්ඩිස්ගේ පද රචනයකට අනුව ලක්සෙට කොඩිය චිත්‍රපටය සදහා නිර්මාණය වූ මෙම ගීය එදා සිට අද දක්වා රටකරවූ ඇත්තන් රටට සිදු කර ඇති විනාශය ගැන නැවත නැවතත් අපට මතක් කරවයි.

 

රට බල්ලට ගියාදෙන්
ඇත්ත නැත්ත කියන කලට
කට කන්නද අපේ දැන්
මගේ වැඩෙත් හරියානම්
උඹේ වැඩෙත් හරියානම්
කල්ලියටම හරියානම්
ලොක්කො බක්කො හුඟ දෙනෙක්ම
උන්ගෙම මඩි තර කරන්නේ
ඉතින් අපේ නායකයොත්
උන් උන්ගෙම බෙලි කපන්නේ
අපිත් කියල නිකන් ඉදලා
වෙන මොනවද දැන් කරන්නේ
ඉතින් එහෙම රට කාලා
අප කෙරුවෝතින් ඇත්තට
අපොයි අමාරුවේ නේද
දරු මල්ලන් හැම මත්තට
ඒ හින්දම අප විහින්ම
නස්පැත්තිය ළඟා නොකර
මේ රටේම සුබ සිද්ධිය
ඇති කරවමු නොගා කෙකර
රට සරු වී වැඩීයන්
ලොවට නිවට නොවන ලෙසට
කිරි පැණියෙන් පිරීයන්
මගේ වැඩෙත් හරියාදෙන්
නුඹෙ වැඩෙත් හරියාදෙන්
කොයි කාටත් හරියාදෙන්
රට කන හැතිකර රොත්තම
කොනක ඉදන් වඳ කරන්න
පිටත් කරමු අවීචියට
කල්ප ගණන් වධ විඳින්න


පද රචනය :- බී.ටී මෙන්ඩිස්
තනුව සහ සංගීතය :- පණ්ඩිත් අමරදේව සූරීන්
ගායනය :- අයිවෝ ඩෙනිස් , සී.ටි ප්‍රනාන්දු ඇතුලු පිරිස

 


 

THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

  

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්