ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනි සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය. 

ඒ අනුව ජනපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් 07 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා නාම යෝජනා භාරගනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම පිණිස එදින උදෑසන 9 සිට 11:30 දක්වා අවස්ථාව පවතින බවත් ඔහු කියා සිටියේය. 

මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද (18) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.


එජාප පාක්ෂිකයින් අනාතයි !

මෙසේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබියදී පවා එජාප නායකයා එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට ඉඩ නොතබා කල් මරමින් සිටීම එජාප පාක්ෂිකයින්ගේ බලවත් කෝපයට හේතුවී ඇති බවත්, මේ සති අන්තය වනවිට පක්ෂ නායකයා විසින් එජාප අපේක්ෂකයා නම් කිරීමට කටයුතු නොකළහොත් අරලියගහ මන්දිරය වටලා සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරන තෙක් උද්ඝෝෂණය කිරීමට තීරණය කර ඇතැයි එජාප රාජ්‍ය ඇමතිවරයකු theleader.lkවෙත පැවසිය.

මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී කියා සිටියේ, ලබන සිකුරාදා (20) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා අවසන් තීරණයක් ගැනීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්