''දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සහාය දෙන්න මම ලෑස්තියි.'' යයි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

'අද' පුවත්පත කල විමසීමක දී ඔහු එබව සඳහන් කර තිබේ.

ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය (NPM) විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.

ජාතික ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි 'අද' පුවත්පත කළ විමසීමේදී හිටපු යුද හමුදාපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

'අපේක්ෂකත්වයට නීතිමය බාධාවක් නැහැ''

'අද' පුවත්පතේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් theleader.lkවැඩි දුරටත් කළ විමසීමේදී ජනරාල් මහේෂ් සේනානායක පැවසුයේ, ජාතික ජනතා ව්‍යාපාරය (NPM) ප්‍රධානියකු වන වෛද්‍ය වින්යා ආරියරත්න තමාගේ පාසල් සමයේ සිට මිතුරකු බවත් දේශපාලනට එන්නැයි ඔහු ඇතුළු එම සංවිධානය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතත්, එසේ එන්නේ ක්‍රියාකාරිකයකු ලෙස ද නායකයකු ලෙස ද හිතවතකු ලෙස ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ය.

විශ්‍රාමික හමුදා සාමාජිකයකුට දේශපාලනයට ඒමට යුධ හමුදා නීති රීති යටතේ කිසිඳු බාධාවක් නැතැයි ද ඔහු කියා සිටියේය. ''සක්‍රිය හමුදා සේවයේ නියුතුව සිටියත් මැතිවරණයක තරඟ කිරීමට හෝ මහණවීමට යම් හමුදා සාමාජිකයකු ඉල්ලීමක් කළහොත් එය ඉටුකිරීමට හමුදාව බැඳී සිටිනවා'' යයි ද ඔහු සඳහන් කළේය.

රටේ බරපතක දේශපාලන වෙනසක් සිදුවිය යුතු බවත් රටට දැයට ආදරය කරන ශ්‍රී ලාංකිකයකු ලෙස ඉදිරියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :
හිටපු හමුදාපති මහේෂ් දේශපාලන පිටියට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්