"ජීව විද්‍යාත්මක කාරණයකට විරෝධය පළ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයක්"

ජනාධිපතිවරණය: ඓතිහාසික තීන්දුවක්
හාවි බර්නාඩ් මිල්ක් යනු හැත්තෑව දශකයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ සමකාමී ප්‍රජාව වෙත සමාන අයිතිවාසිකම් දිනා දෙනු වස් හඬ නැගූ දේශපාලනඥයෙකි.

1972 වසරේදී ඔහු නිව්යෝක් සිටි (New York City) සිට සැන් ෆ්‍රැන්සිස්කෝ (San Francisco) හි කැස්ත්‍රෝ දිස්ත්‍රික්කය (Castro District) වෙත පදිංචිය සඳහා පැමිණියේ සමරිසි (Gay) සහ ද්විලිංගික (Bisexual) පුරුෂයන් විශාල වශයෙන් එම ප්‍රදේශය වෙත සංක්‍රමණය වෙමින් සිටියදීය.

එවක සමරිසි පුරුෂයන් පොලිසියේ වධ හිංසාවලට ලක් වූ අතර රාත්‍රී කාලයේ උද්‍යාන තුළ පෙම් සුව විඳි පුරුෂයන් අත්අඩංගුවට ගනු ලැබිණි. කතෝලික භක්තිකයන්ගේ ඡන්දය ලබා ගැනීමේ අටියෙන් ප්‍රාදේශීය දේශපාලනඥයෝ සමරිසි ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබා දීමට එරෙහිව පෙනී සිටියහ.                              LGBT text 1

එකී වකවානුව වනාහි, සමරිසි තරුණයන්ට මානසික ප්‍රතිකාර ලබා දීමට ඇතැම් දෙමව්පියන් කටයුතු කළ යුගයකි.

හැටේ දශකයේ අග භාගය වන විට පොලිසිය ද ඇතුළුව අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් වෙතින් සමකාමී පුරුෂයන් වෙත එල්ල වූ වධ හිංසා සහ අපරාධ නීතියට එරෙහිව සමරිසි ප්‍රජාව තුළින් සිවිල් ව්‍යාපාර බිහි විය. හතලිස් ඇඳිරියේදී දේශපාලනික වශයෙන් ක්‍රියාශීලී වූ හාවි ඇතුළු කණ්ඩායම ද ඒ අතර වූහ.
පරාජයන් කිහිපයකට අනතුරුව සමකාමී ප්‍රජාවගේ මෙන්ම සෙසු ජනතාවගේ ද සහාය ඇතිව හාවි ප්‍රාදේශීය අසුනක් දිනා ගනු ලැබුවේ 1977 වසරේදීය.


Havi and barnad                                          හාවි මිල්ක් සහ ජෝර්ජ් මොස්කෝන්
ලිංගික දිශානතිය (Sexual orientation) මත පදනම්ව නවාතැන් දීම, නිවාස සහ රැකියා සම්බන්ධයෙන් සමරිසි ප්‍රජාවට කෙරුණු වෙනස් ලෙස සැලකීම් (Discrimination) වළකාලන පනතක් ගෙන ඒමට ඔහු කටයුතු කළේය. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 11 ලැබුණු අතර ඊට එරෙහිව ලැබී තිබුණේ ඡන්ද 1 ක් පමණි. ඒ අනුව නගරාධිපති ජෝර්ජ් මොස්කෝන්ගේ අත්සනින් එය නීතියක් බවට පත් විය.

නාගරික අධීක්ෂකවරයෙකු (City supervisor) වශයෙන් මහජන සේවය නිරත වූ හාවිගේ ධුර කාලය මාස 11 ක් වැනි කෙටි කාලයකට සීමා වූයේ තවත් නාගරික අධීක්ෂකවරයෙකු විසින් ඔහු සහ නගරාධිපති ජෝර්ජ් මොස්කෝන් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම හේතුවෙනි.

හාවි ඝාතනය වී පනස් වසරක් ගතව ඇති අතර සමරිසිභාවය "රෝගයක් ලෙස" සැලකූ එවක ඇමරිකානු සමාජය අද වන විට සමරිසි ප්‍රජාවට සම අයිතිවාසිකම් දීම විවාහය දක්වාම ඉදිරියට ගොස් ඇත.

ශ්‍රී ලංකාව
Freddy Murcury 6ෆ්‍රෙඩී මර්කරි

2018 වසරේ අගභාගයේ සති අන්ත දිනක මා, බිරිඳ සමග කොළඹ පිහිටි සිනමා ශාලාවක් වෙත පිය නැගුවේ එදා මෙදා තුර රොක් සංගීත ක්ෂේත්‍රයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ගායකයකු වන ෆ්‍රෙඩී මර්කරි සහ ඔහු ඇතුළු 'Queen' සංගීත කණ්ඩායම ඇසුරින් නිෂ්පාදනය කෙරුණු 'Bohemian Rhapsody' චිත්‍රපටය නැරඹීම සඳහාය.

ඒ වන විටත් සිනමා ශාලාව ඉදිරිපිට සැලකිය යුතු පිරිසක් රැඳී සිටියහ. අව් කන්නාඩි හිස මත රඳවා ගත් තරුණයන් සහ නවීන විලාසිතාවෙන් සැරසුණු තරුණියන් මෙන්ම වැඩිහිටියන් ද ඒ අතර වූහ. වැඩි වශයෙන්ම කණ වැකුණේ ඉංග්‍රීසි බසින් කෙරෙන කතා බස්ය. ආගිය කතාය.

ෆ්‍රෙඩී මර්කරිගේ සමරිසිභාවය කාටත් නොරහසකි. චිත්‍රපටය අතරතුර අසහාය ගායකයා සහ තවත් පුරුෂයකු අතර ලිංගිකත්වය පෙන්නුම් කරන රූප රාමුවක් දර්ශනය වන අවස්ථාවේ අප අසල ඉඳ සිටි තරුණියක් ඊට ප්‍රතිචාර දක්වමින් "ඊයා" යනුවෙන් තරමක් උස් හඬින් කෑගැසුවාය.                                                                                              LGBT text2

එවැනි රූප රාමු දර්ශනය වන සෑම අවස්ථාවකදීම ඇය ද ඇතුළුව එහි සිටි තරුණ තරුණියන්ගෙන් යම් පිරිසක් ඊට සිය අකමැත්ත හැඟවෙන ඉහත කී ආකාරයේ ශබ්ද පිට කළහ. (කෙසේ නමුත් බලධාරීන් විසින් ඉහත කී චිත්‍රපටයේ ඇතැම් කොටස් වාරණය කරනු ලැබ තිබිණි.)

මේ, බහුතරය ගතානුගතික අදහස් දරන රටක සමලිංගිකත්වය සම්බන්ධයෙන් දරන ආකල්පය පිළිබිඹු කළ එක් අවස්ථාවකි.

ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය පදනම් කර ගත් නොසලකා හැරීම්වලට තිත තබමින් එම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රතිඥා දුන්නේ මෙවන් පසුබිමකදීය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික විද්වත් සංවිධානය එක්ව සකස් කර ඇති "රට ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙල" තුළ සමරිසි අයිතිවාසිකම් ද ඇතුළත්ය.

ඓතිහාසික තීන්දුවක්
LGBT 2019
ශ්‍රී ලංකා සමාජය ඊට සුදානම්ද? සමකාමීත්වය අනුමත නොකරන බහුතරය වෙසෙන සමාජයකින් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණයේදී සහාය හිමි වේද?

"ඒ ඒ පුද්ගලයාගේ ලිංගික දිශානතිය තීරණය වෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු මතයි. ඒ නිසා ජීව විද්‍යාත්මක කාරණයකට විරෝධය පළ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයක්. එහෙම නැතිනම් පසුගාමී සමාජයක්," යනුවෙන් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ පැවසීය.

"කාන්තාවක් පිරිමියෙකුට ඇලුම් කරන එක, පිරිමියෙක් කාන්තාවකට ඇලුම් කරන එක වගේම තමයි කාන්තාවක් කාන්තාවකට ඇලුම් කිරීම සහ පිරිමියෙක් පිරිමියෙකුට ඇලුම් කිරීම. ඒක සිදු වෙන්නේ එකිනෙකාගේ කැමැත්ත මත. ඒක තව කෙනෙකුගේ ප්‍රශ්නයක් කර ගැනීම සාධාරණ නැහැ. එය පිළිනොගැනීම අයිතිවාසිකම් කඩ කිරීමක්."

සමරිසි පුද්ගලයන්ටත් සෙසු පුද්ගලයන් මෙන් සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය පිළිනොගැනීම හෝ සමලිංගික භීතියට හේතුව "ඒ ඒ පුද්ගලයාගේ නොදන්නාකම" බව ඔහු පවසයි.

"තම තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම ඔහුට හෝ ඇය සතු මූලික මිනිස් අයිතිවාසිකමක් බව අපේ පක්ෂය පිළිගන්නවා. ඒ වගේම ඒක රටක දියුණුව සහ අධ්‍යාපන මට්ටම ගැන තවත් සාධකයක්."

ශ්‍රී ලංකාව වැනි "පසුගාමී ආසියාතික රටවල" ඒ සම්බන්ධයෙන් පවතින සාකච්ඡාව "ඉතාම පොඩි" යයි කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ "මේ සාකච්ඡාවට සමහරු බයයි. සමාජය තුළ ඒකට විරෝධයක් නැගෙන්නේ ඒ නිසයි." යනුවෙන් සඳහන් කළේය.

"අපි ඇත්ත කතා කරන්නයි, බිම ඉඳ ගන්නයි බය වුණු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. ඒ නිසා මේ සමාජය නිවැරදි දිශාවට ගෙන යාම වෙනුවෙන් ඒ පිළිබඳ සංවාදයට ලක් කළ යුතුයි. මැතිවරණය ඉලක්ක කරලා ඊට එරෙහිව යමෙක් කතා කරනවා නම් ඒක මේ කාරණය ගැන ඒ පුද්ගලයාගේ තිබෙන අල්ප දැනුම සහ නොදැනුවත්කම පිළිබඳ ප්‍රකාශනයක් පමණයි."

වැඩවසම් නීති
colombo Pride                          2017 'කලම්බෝ ප්‍රයිඩ්' සමරිසි පාගමනේ ගත් ඡායාරූපයක් 

ලොව ඇතැම් ආසියානු රටවල් සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කර ඇති අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේ සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවය.

ශ්‍රී ලංකාව තුළ සමකාමීත්වය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මීට වසර 130 කට පමණ ඉහත දී හඳුන්වා දෙනු ලැබූ නීතියයි. (දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති)

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් සමරිසි අයිතීන් පිළිගැනීම සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන නීතිඥ රදිකා ගුණරත්න විසින් හඳුන්වනු ලැබුවේ "ඉතාමත් සාධනීය මුල් පියවරක්" ලෙසය.

"මුල් පියවරක් කියන දේ අවධාරණය කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුළත් කිරීම ආරම්භක පියවරක් පමණයි. දේශපාලනික වශයෙන් එවැනි ධෛර්යක් තිබුණු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි," යනුවෙන් ඇය කියා සිටියාය.

LGBT Indiyaඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව තීන්දු කළේ 2018 වසරේදීය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යම් පුද්ගලයකුට ලිංගිකත්වය මත (ස්ත්‍රී පුරුෂ භාවය) වෙනස් ලෙස සැලකීමකට ලක් නොකළ යුතු බවය.

නමුත් ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නොවන බව නීතිඥ රදිකා ගුණරත්න පෙන්වා දෙයි.

"හැත්තෑ හතේ ඉඳන් ව්‍යවස්ථාවේ සංශෝධන විස්සකට කිට්ටු වෙන්න ඇවිල්ලත් එය නීතියක් වශයෙන් ගෙන එන්න බැරි වී තිබෙනවා. මේක තවමත් සාපරාධී වරදක්."

සමරිසි ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ බහුතර සමාජයේ පවතින "සමරිසි භීතිය" (Homophobia) නිසා බව ඇයගේ අදහසය.

"ඒ තත්ත්වය බිඳින්න දේශපාලනඥයන්ට ලොකු වගකීමක් තිබෙනවා. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් දේශපාලන කැමැත්තේ (Political will) බරපතල අඩුවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ මෙය සාපරාධී වරදක් නොවේ කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන තැනට ආවත් ලංකාව කිසිඳු විදිහකින් ඒ ගැන හඬ අවදි කරන්නේ නැහැ."

"මෙවැනි තත්ත්වයක් තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ අයිතිය පිළිගන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුළත් කළ පමණින් එය යථාර්තයක් වෙන්නේ නැහැ. නමුත් අපි කොහෙන් හරි මේක පටන් ගන්න අවශ්‍යයි."

අධ්‍යාපනය

155සමරිසිභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජයේ පවතින දැනුම අල්පද? මෙය අධ්‍යාපනය පිළිබඳ කාරණයක්ද?

පෙන්ගුයින් පැටවකු උස්මහත් කරන සමරිසි පෙන්ගුයින් යුවලක් පිළිබඳ කතාන්දරයක් මෑතකදී එක්සත් රාජධානියේ කනිටු පෙළ පොතකට ඇතුළත් කිරීම ඇතැම් ආගම්වලට අයත් දෙමව්පියන්ගේ විරෝධයට හේතු වී තිබුණි.

දිය කිඳුරියකගේ වෙස් ගැනීමට කැමති පිරිමි ළමයකු සහ සමරිසි කාන්තා යුවලක් (ලෙස්බියන්) ඇතුළු ඔවුන්ගේ දරුවා පිළිබඳ කතන්දර අවුරුදු හතර සහ පහ වයසේ පසුවන දරුවන් සිටින පංති කාමර තුළ ඉගැන්වේ.

වාර්ගිකත්වය, ආගම, වයස සහ අබාධිත පුද්ගලයන් පිළිබඳ මාතෘකා ද පෙළපොත්වලට ඇතුළත්ය.          LGBT text 3

සමරිසි සමානාත්මතාව එක්සත් රාජධානියේ නීතිගත කර ඇති අතර 2020 සියලුම පාසල් එය සිය විෂය නිර්දේශයට ඇතුළත් කර ගත යුතුය.

සමරිසිභාවය පිළිබඳ කරුණු පෙළ පොත්වලට ඇතුළත් කිරීම, සිය ආගම් සහ සංස්කෘතීන්වල අඩංගු හර පද්ධතිවලට අනුකූල නොවන බවට ඊට විරෝධය පෑ දෙමව්පියන් තර්ක කරද්දී අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ දරුවන්ට රටේ නීතිය ඉගැන්විය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ සමරිසිභාවය පිළිබඳ දරුවන්ට සිය දෙමව්පියන්ගෙන් අධ්‍යාපනයක් නොලැබේ නම් එහි වගකීම පාසලට පැවරෙන බවය.

"නමුත් පාසල් අධ්‍යාපනය තුළිනුත් නිසි ලෙස ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ. ඇතැම් ගුරුවරු මේ සම්බන්ධයෙන් පුහුණු වී තිබුණත් සම්ප්‍රදායට කොටු වෙලා ඒ දේවල් උගන්වන්නේ නැහැ. මේ පුද්ගලයන් අපරාධකරුවන් විදිහට දකින්නේ. මේ දේවල් උගන්වන්න තරම් ගුරුවරුන්ටත් පෞරුෂයක් නැහැ," යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.


"ආකල්පමය වෙනසක්"

                                                                                                                                                                                                               
පාසල් විෂය නිර්දේශය තුළ විෂම ලිංගික කරුණු ඇතුළත් කර තිබුණ ද ඒ තුළ 'LGBTIQ' ප්‍රජාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.Liga text

"විෂය නිර්දේශ හදන ජ්‍යෙෂ්ඨ ගුරුවරුත් ආකල්පමය වශයෙන් වෙනස් වෙලා නැති නම් ඔවුන් මේ දේවල් ඊට ඇතුළත් කරන්න කැමති නැහැ."

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ලිංගික කැමැත්ත (Sexual consent) දීමේ වයස අවුරුදු 16 ලෙස දැක්වුවත් ඒ පිළිබඳ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව ඇය කියා සිටී.

"ගොඩක් දෙමව්පියන් හිතන්නේ දරුවෝ විවාහ වුණාට පස්සේ මේ දේවල් දැන ගන්න ඕනි කියලා. නමුත් මේ දේවල් පාසලෙන් ඉගැන්නුවා නම් අවුරුදු 16 පසු ළමයා දන්නවා තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද, අනික් අයට ගරු කරන්න ඕනි ඇයි කියලා."

නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් සමරිසි පුද්ගලයන් දෙස උපහාසයෙන් බැලීමට සමාජය හුරු වී ඇති බවත් ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.

"උදාහරණයක් විදිහට සංක්‍රාන්ති ලිංගික (Transgender) පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන තැන්වලදී පවා වෙනස් ලෙස සැලකීමට ලක් වෙනවා (Discrimination). ඒ අය පැමිණිල්ලක් කරන්න ගිහාම හිනා වෙනවා, අමුතු විදිහට බලනවා කියල කාන්තා කටයුතු අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබනවා."

"මේ දේ වෙනස් කරන්න අධ්‍යාපනයට විශාල කාර්යයක් කළ හැකියි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


(සුනෙත් පෙරේරා BBC සිංහල සේවය)

කාටුන්

නවතම පුවත්