ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් නඩුවට අදාළව

සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂට 2019 සැප්තැම්බර් මස 27 දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් එදිනද ඔහු ඊට සහභාගී නොවී කට්ටි පැනීමට සුදානම් වන බවට වාර්තා වී ඇතැයි  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ theleader.lk වෙත පැවසිය.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාබය රාජපක්ෂට බරපතල ජිවිත තර්ජනයක් පවතින හෙයින්, ඔහුට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත් ඒ අනුව මෙම නඩුව යාපනයෙන් ඉවත්කර කොළඹ දී විභාගයට ගැනීමට ඉඩසලසා දෙන ලෙසත් සැප්තැම්බර් මස 27 දා අදාල නඩුව විභාගයට ගත් විට මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉල්ලා සිටීමට ඔහුගේ නීතිඥයින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වී ඇතැයි ද පුබුදු ජයගොඩ තවදුරටත් කියා සිටියේය.

යාපනය දිසා විනිසුරු අන්තෝනීපිල්ලේ පීටර් පෝල් ඉදිරියේ අදාළ නඩුව පසුගිය ජුනි 21 වැනිදා කැඳවූ අවස්ථාවේදී ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්. අමරසිංහ කරුණු දක්වමින් කියා සිටියේ, ගෝඨාබය අසනීප වී විදෙස් රටක රෝහලක ප්‍රතිකාර ලබන බැවින් මෙම නඩුවට සාක්කි දීම සඳහා පැමිණ නොමැති බවයි. එම නිසා මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව සැප්තම්බර් 27 වැනිදා දක්වා කල් තැබිණි.sep 20 Text 1 

2011 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා දේශපාලන කටයුත්තක නියැලීම සඳහා ලලිත් හා කුගන් නැමති දේශපාලන ක්‍රියාධරයින් දෙදෙනා යාපනයට ගොස් සිටියදී අතුරුදන් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව විභාග වෙමින් පැවති අවස්ථාවේදී පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන්ද යාපනය අධිකරණය විසින් මීට පෙර සාක්කි සටහන් කරගෙන තිබුණි.

 නඩුව විභාග වෙමින් පැවතියදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව ගෝඨාබය රාජපක්ෂගේ නමද සඳහන් වූ නිසා ඔහුද අධිකරණයට කැඳවීම අවශ්‍ය වූ හෙයින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට සිතාසි යවා තිබුණි.

එවක ආරක්ෂක මණ්ඩලය ඇතුළු ආරක්ෂක අංශ භාරව කටයුතු කළ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ගෝඨාබය රාජපක්ෂයි.

Lalith kugan Dadmom 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයකු වූ ලලිත් එම රැකියාව අත්හැර දමා වමේ දේශපාලනයට පුර්ණ කලිකයකු ලෙස එක්වුවකු වන අතර 2009 වසරේ අගභාගයේ දී උතුර බලා ගිය දේශපාලන ක්‍රියාකාරිකයන් අතර ඔහු ඉදිරියෙන්ම සිටියේය.

කුගන් මුරුගානන්දන් සිය තරුණ අවධියේම ජනතාව පෙළන යුද්ධය නිසා ඇති තරම් බැට කෑ අයකු විය.

 

පැහැරගැනීමේ පසුබිම:

# 2011 මාර්තු 25 වැනිදා මන්නාරම නගරයේ පෝස්ටර් අලවමින් සිටිය දී ලලිත් කුමාර් පැහැරගැනීමට ලක් විය. උතුරෙ පැහැරගත් අයගේ තොරතුරු හෙළිකරන ලෙස ආණ්ඩුවට බලකරමින් එම පෝස්ටරය අලවා තිබිණි. කළු රෙදිකඩකින් ඇස් බැඳ පැහැරගෙන ගිය පිරිසක් විසින් ඔහු යෙදී සිටින කටයුතුවලින් ඉවත් වී නිවසට යන ලෙස තර්ජනය කරන ලදී. පසුදින පේසාලේ හන්දිය ළඟ ඔහු දමා ගොස් තිබිණි.

# 2011 අප්‍රේල් 10 වැනිදා වවුනියාවේ පෝස්ටර් අලවමින් සිටිය දී ලලිත් සහ තවත් සගයෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එම පෝස්ටර් ඇලවුණේ උතුරේ අතුරුදන් වූවන් නිදහස් කරන ලෙස ඉල්ලමිනි. පොලිසිය එම පෝස්ටර් ඉරා දමා ඔවුන්ට තර්ජනය කර තිබුණේ මින් පසු වවුනියාවේ පෝස්ටර් ඇලවුවොත් වෙඩිතබා මරා දමන බව කියමිනි.

# 2011 ජූනි 23 වැනිදා ලලිත් කිලිනොච්චිය වෙත ගියේ 'අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ විරෝධතාවක් සංවිධානය කිරීමටය. ඔහු සමඟ තවත් අයකු ඩිපෝ හන්දිය හමුදා කඳවුර අසල දී පැහැරගත් යුද හමුදා නිලධාරීහු, අත්හැර දැමූ අයිස්ක්‍රීම් කම්හලක රඳවාගෙන පැය 6ක් පමණ ප්‍රශ්න කළහ. එපමණක් නොව ඔහු නිදහස් කරන්නට පෙර හමුදා නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ඔහුගේ ඡුයාරූපයක් ද ගෙන තිබිණි.

# 2011 නොවැම්බර් 14 වැනිදා යාපනය බස් නැවතුම ඉදිරිපිට දී ලලිත් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල විය. අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් සම`ග විරෝධතාවක යෙදී සිටිය දී එවන් ප්‍රහාරයක් මහ දවාලේ එල්ල වන විට යුද හමුදාවේ හා පොලිසියේ නිලධාරීහු කිසිවක් නොකර බලා සිටියහ.

# 2011 දෙසැම්බර් 9 වැනිදා ලලිත් හා කුගන් පැහැරගැනීමට ලක් වන්නට පෙරාතුව එනම් පෙරවරු 11ට පමණ ලලිත්ගේ පියාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. එහිදී කතා කළ පුද්ගලයා තර්ජනය කර ඇත්තේ පුතා වහාම යාපනයේ සිට නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. එසේ නොකළොත් තමන් විසින් එය කරන බව කතා කළ තැනැත්තා ලලිත්ගේ පියාට තර්ජනය කර තිබිණි.

# 2011 දෙසැම්බර් 10 වැනිදා යාපනය පොලිසියෙන් දන්වා සිටියේ ලලිත් කුමාර් හෝ මුරුගානන්දන් පොලිස් භාරයේ නොමැති බවයි.

# 2011 දෙසැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ලලිත් හා කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

# 2011 දෙසැම්බර් 15 වැනිදා ආණ්ඩුවේ ඇමැති මණ්ඩල ප්‍රකාශකයකු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍යවේදීන් අමතමින් කීවේ, ‘‘ලලිත් කුමාර් සහ මුරුගානන්දන් මහත්වරු අතුරුදන් වෙලා නෙවෙයි. ඒ අය ඉන්නවා.’‘ යන්නයි. ඔවුන් නීති විරෝධී ලෙස රඳවා නැති බවත් පොලිසිය හෝ ආරක්ෂක හමුදාව විසින් හෝ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර නීත්‍යනුකූලව කටයුතු කෙරෙනු ඇති බවත් ඇමැතිවරයා පවසා සිටියේය.

Related image

 
පැහැරගැනීමේ සිදුවීම:

ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වූයේ දෙසැම්බර් 09 වැනිදා සවස 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ සවස 5.00ට පමණය. ඔවුන් යාපනය බලා ගියේ පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනයේ ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය සාකච්ඡුාවක් සඳහා කටයුතු සූදානම් කිරීමටය.

කුගන්ගේ අසල්වැසියන් පවසන පරිදි ඔවුන් සවස 5.00ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිය විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය පවසන කරුණු හා ගම්වැසියන් පවසන කරුණු අතර පැහැදිලි පරස්පරයක් තිබේ.

කුගන්ගේ බිරිය අච්චුවේලි පොලිසියට යද්දී මෙම යතුරු පැදිය දැක ඒ ගැන විමසා තිබේ. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි.

කෙසේ වෙතත් මෙම යතුරු පැදිය ගැන නිර්වේලි ගම්වැසියන් විසින් ෂන්මුගන් වඩිවේල් නමැති ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 9 වැනි දාමය. එහිදී ඇසින් දුටු සාක්ෂි ඇති බවත් ඒ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.

ඒ සාක්ෂිකරුවන් අධිකරණය වෙත පැමිණ සත්‍ය හෙළිකිරීමට මැලිවන්නේ බිය නිසාය. ඇසින් දුටු බව කියන පිරිසක් හෙළිකරන කරුණු අනුව, යාපනේ සිට පේදුරුතුඩුව දෙසට දිවෙන මාර්ගයේ නිර්වේලිහිදී කුගන්ගේ යතුරු පැදිය නවතා ඇත්තේ යතුරු පැදි දෙකකින් හා වෑන් රියකින් පැමිණි පිරිසකි.

එම ස්ථානයට කුගන්ගේ නිවසේ සිට ඇති දුර කිලෝමීටර් 5ක් පමණය. යතුරු පැදියක් හරස්කර ඇති නිසා කුගන්ගේ යතුරු පැදිය නවතා ඇති අතර වෑන් රියෙන් පැමිණි පිරිස ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන්ම වෑන් රියට නංවා ගෙන ඇත. කියැවෙන කරුණු අනුව මේ වෙලාව සවස 5.30 පමණ වන්නට පුළුවන.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්