ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටු' පක්ෂයේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ , ඔහුගේ ලේකම්වරයකු හරහා ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන්
'පොහොට්ටුව' ලකුණින් ජනාධිපතිවරණය සඳහා ඊයේ (20) දිනයේ දී ඇප මුදල් තැන්පත් කිරීම ඒකාබද්ධයේ අනෙකුත් පක්ෂ මුළුමනින්ම හැල්ලුවට ලක්කිරීමක් බවට එම පක්ෂවල නායකයින්ගෙන් චෝදනා එල්ලවෙමින් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් සන්ධාන ගතවීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ එම සන්ධානයේ අපේක්ෂකයා ලෙස පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරන බවට පසුගිය 11 වැනිදා බැසිල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හරහා විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයින්ට දැනුම් දී තිබුන ද ඊයේ දිනයේ මෙසේ ඇපමුදල් තැම්පත් කර ඇත්තේ සන්ධානයක් පිහිටුවීමේ කතා කිසිඳු ලෙසකින් හෝ මායිම් නොකරමිනි.
ඒ අනුව සන්ධානය හැදීමට සහ සෙසු පක්ෂ සමග එකගතාවයකට එළඹීමට පෙර ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඇප බැදීම මගින් පොහොට්ටුවේ නායකයින් විසින් සෙසු පක්ෂ හෑල්ලුවට ලක්කොට ඇති බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන lankaleadnews.com වාර්තා කරයි.
බැසිල්ගේ අමරේත් ඇප මුදල් තැම්පත් කරයි :
මේ අතර බැසිල් රාජපක්ෂගේ විශ්වාසවන්තම ක්‍රියාදරයකු වන සිරිපාල අමරසිංහ ද පෙරේදා දිනයේ දී ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීනව ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැම්පත් කරනු ලැබිය.
මේ වනවිට බැසිල් රාජපක්ෂ වෙනුවෙන් උතුරේ මැතිවරණ මෙහෙයුම බාරව සිටින සිරිපාල අමරසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
වියත්මගට සමගාමිව 'වියත් පවුරක්' !
බැසිල් රාජපක්ෂ විසින් මෙසේ ගෝඨාබයගේ 'වියත්මඟ' සංවිධානය ද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පක්ෂ ද නොසලකා හරිමින් සිටියදී ඔවුන් විසින් ගෝඨාබය රාජපක්ෂට සහය පළකිරීම සඳහා 'ජාතික වියත් පවුර' නමින් නව සංවිධායනක් ආරම්භකර ඇති අතර ඒ හරහා සැම දිස්ත්‍රීක්කයකම මැතිවරණ සංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
එම සංවිධානය තරැණ විද්වතුන්, ව්‍යාපාරිකයින්, වෘත්තිකයන්, ගුරැවරැන් සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු උගත් තරැණ පිරිසකගෙන් සමන්විත බව ද වාර්තා වේ.
පසුගිය 15 වැනි ඉරිදා කුරැනෑගලදි එම සංවිධානයේ රැස්වීමක් සංවිධානය කර තිබුනේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජාතික වියත් පවුර ජාතික සංවිධායක දිනේෂ් වික්‍රමසිංහ, ජාතික වියත් පවුර කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අජිත් කුලතුංග, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායිකා හසංගි වීරසේකර ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී තිබිණ.
සබැඳි පුවත් :
ගෝඨාගේ බලපෑම් හමුවේ බැසිල් පසුබසි :විමල්-ගම්මන්පිල සන්ධානයට!