එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම වළකාගෙන ආණ්ඩු කළ හැකි නායකයා ලෙස ගෞරවය හිමිකර ගනිමින්,

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි ආපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව පිළිගන්නැයි එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම කෙරෙහි රනිල් වික්‍රමසිංහ පළමු වතාවට අවධානය යොමු කර ඇති බව 'රාවය' පුවත්පත අද (22) වාර්තා කර ඇත.

ඒ අනුව, ලබන සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කළද ඡන්දයකට නොගොස් ප්‍රශ්නය බේරා ගැනීමට අගමැතිවරයා කටයුතු  කරනු ඇතැයි එජාප රනිල් හිතවාදී අමාත්‍යවරයෙක් 'රාවයට' පවසා ඇත.

කතානායක කරු ජයසුරියගේ කැඳවීමක් අනුව, අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද පෙරවරුවේ කතානායක නිල නිවසේ හමුවූ අවස්ථාවේදී ද ඉහත කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්