ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්රියාකාරිකයින් දෙදෙනා අතුරුදන් කරවීම සම්බන්ධයෙන්
යාපනය මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර ඇති හබෙයාස් කොපූස් පෙත්සමට අදාළව සාක්ෂි ලබා දීමට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට මේ මස 27 දා යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටීමට කර තිබූ නියෝගයක් අත් හිටුවමින් අභියාචනාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කට ඇත.
ඒ, ''ගෝඨාබය මෙවරත් උසාවියට කට්ටිපනී ද!'' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk සැප්තැම්බර් 20 දා කල අනාවරණය සනාථ කරමිනි.
අභියාචනාධිකරණය විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ ගෝඨාබය රාජපක්ෂ විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුවය. කෙසේවෙතත් අචල වෙංගප්පුලි මෙම පෙත්සම විභාගයෙන් වැළැකී සිටින බව අධිකරණයට දැනුම් දුන්නාය.
ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය 2011 වර්ෂයේ සිට අතුරුදන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් සොයා දෙන ලෙසට පවුලේ අය විසින් හබෙයාස් කොපූස් පෙත්සමක් යාපනය මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර තිබිණ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට සැප්තැම්බර් මස 27 යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටීමට තමාට සිතාසි ලැබී ඇති බවත් ආරක්ෂක හේතූන් මත යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටීමට අපහසු බවත් ගෝඨාබය රාජපක්ෂ සිය පෙත්සමෙන් පවසා තිබිණ.
උතුරු නැගෙනහිර පළාත් වලින් පිට ප්රදේශයේ පැවැත්වෙන සාක්ෂි විමසීමට තමා සූදානම් බව ගෝඨාබය රාජපක්ෂ පවසා සිටියි.
සබැඳි පුවත්:
ලලිත්-කූගන් අතුරුදන් කිරීම: ගෝඨාබය මෙවරත් උසාවියට කට්ටිපනී ද!