තමා කොන්දේසියකට යටත්ව එජාපෙ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.


සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟවී ඇත්තේ කොන්දේසි යටතේ බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේද පැවසිය.

''එහෙම කොන්දේසි පැනවීමක් ගැන මේ දක්වා මට දැනුම් දීමක් කර නැහැ. එත් එක දෙයක් ගැන පැහැදිලිව කියන්න ඕන.  මම කිසිම දෙකට රටේ ආත්ම ගෞරවය, පක්ෂයේ හෝ පෙරමුණේ ආත්ම ගෞරවය, ඒවගේම මගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකකට විකුනලා වාසි ගන්න කෙනෙක් නෙමෙයි. ඉතිහාසයේ එහෙම අය ඉන්න ඇති. එත්, මේ සජිත් ප්‍රේමදාස එහෙම කෙනෙක් නෙමෙයි. 

කිසිම කොන්දේසියකට යටත්වෙන බාල වැඩ කරන්නේ නැහැ. එනිසා කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්න සජිත් ප්‍රේමදාස සුදානම් නැහැ. එක ස්ථිරයි.''

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (25) පෙරවරුවේ කතානායක කරු ජයසුරිය හමුවීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සංහිඳියාවක් ඇති කරලිම 
සඳහා මේවනවිට අතරමැදියකු ලෙස කටයුතු කරන්නේ කරු ජයසුරිය කතානායකවරයාය.

ජනාධිපති ධුරය ලැබුනොත් ඉවත් වෙන්නේ කවදාද?     Sajith text 2019 25

මේ අතර රාජපක්ෂවරුන්ගේ සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත්කර ඇති කොන්දේසි වලට අනුව, ''රනිල් මාස හයෙන් විධායක අගමැති කරන්න සජිත් එකඟවෙයි'' යනුවෙනි.

මේ සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමකදී අනාවරණය වුයේ එය මුළුමනින්ම පදනම් විරහිත කාරණයක් බවයි.

සජිත් ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් පසුදා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසා ඇත්තේ ''ඔබතුමා අගමැතිකමෙන් අස්වෙන්නේ කවද්ද, එදාට මම ජනාධිපතිකමෙන් ඉවත්වෙලා අගමැතිකම බර ගන්නම්'' කියාය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එහිදී කිසිඳු විරෝධයක් දක්වා නොමැත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්