සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සුදනම් බවක්
අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ එජාප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හට පවසා ඇතත්, හෙට (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකු ලවා ඔහුට එරෙහිව විරෝධයක් මතු කිරීමේ සුදානමක් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.
අගමැතිවරයා මෙම විරෝධතාවය සඳහා යොදාගෙන ඇත්තේ, ජනාධිපතිවරණයේදී සහයදීම සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් විවිධ තනතුරු හා වරප්‍රසාද ඉල්ලා ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම ගැන කනස්සල්ලට පත්ව සිටින ඇමතිවරුන් කිහිප දෙනෙකු බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට එක් ඇමතිවරයකු නියෝජ්‍ය නායක ධුරය ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් තිබු අතර, තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු සජිත්ගේ ආණ්ඩුවක ප්‍රබල අමාත්‍යධුර ඉල්ලා තිබිණ.
මෙසේ රනිල් පාර්ශවයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පසුගිය දින කිහිපයේ හි තනි තනිව සාකච්ජා පැවැත්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, කොන්දේසිවලට යටත්ව සහය ලබාගැනීමට තමා සුදානම් නොමැති බවත් එහෙත් තම රජයක් යටතේ පක්ෂයේ කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවටත් සහතික වී ඇතැයි පැවසේ.