එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තේරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ශක්තිමත් කිරීමක් බවත්,

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ කටයුතු කරන, සියලු ජනවර්ග නියෝජනය කරන දේශපාලන පක්ෂ එකට එකතුවී ගත් තීන්දුව තුළින්ම එය සනාථ වන බවත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි ආචාර්ය මහීම් මෙන්ඩිස් පවසයි.

ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ. එහි වැඩි දුරටත් මෙසේද දැක්වේ.
sep 27 Text 1
''බහුවාර්ගික, බහු භාෂාමය, බහු ආගමික සමාජයක පැවැත්ම තිර කිරීම, වර්තමානයේ සමාජ වගකීමකි. එය ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වයේ වගකීමකින් ඔබ්බට ගිය වගවීමකි.

එවැනි වගවීමක් ඉටු කළ හැක්කේ ගෝත්‍රික චින්තනයකින් යුතුව කටයුතු කරන කණ්ඩායමකට නොවේ. කෑම මේසයක අපේක්ෂකයා නම් කරන දේශපාලනය තුලද නොවේ.

රටේ සැබෑ අභියෝගයන් හඳුනාගනිමින්, එම අභියෝග සඳහා පිළිතුරු සැපයීමට හැකි දේශපාලන දැක්මක් සහ දර්ශනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට තීන්දු තීරණ ගන්නා පක්ෂවලට සහ නායකත්වයකට පමණි.

එක්සත් ජාතික පෙරමුණ රටේ ජනතාව ජයග්‍රහණය කරවීමට එකුවූ සන්ධානයකි. සජිත් ප්‍රේමදාස මැතිතුමා මන්දිරයක සිට, දුෂ්කර බිමකට සංක්‍රමණය වූ චරිතයකි. දුෂ්කර බිමක සිට  මන්දිරයකට පිවිසි අයවලුන්ගේ අපේක්ෂාව, ජනතා අභිලාෂයන් දිනවීම නොව. එක් පවුලක් සහ අන්තේවාසික පරපුරකගේ ජයග්‍රහණය තීරණය කිරීමයි.

රටේ ඇති වූ නිදහස, සාමකාමී වාතාවරණය ජනතාවගේ සුරක්ෂිත වෙමින් පවතින මානව හිමිකම් ඇතුලු සාධනීය ජයග්‍රහණ අපේක්ෂා කිරීමටත්, ඒකාධිපති, වැඩවසම් පාලනයක ප්‍රවේශය වැලැක්වීමත්, මේ මොහොතේ තීරණාත්මක කාර්යභාරය සඳහා සියලු ප්‍රගතශීලී බලවේගවල සහය එක්සත් ජාතික පෙරමුණට හිමිවිය යුතුයි.''

-ආචාර්ය මහීම් මෙන්ඩිස්
Mahims Letter

කාටුන්

නවතම පුවත්