ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විරෝධය පල කරයි.

ගෝඨාබයගේ මාධ්‍ය ප්‍රකාශකයා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති සොෆා සහ ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ එම ගිවිසුම් සළකා බැලීමට වත් සුදුසු නැති බවත් ඇතැම් පුද්ගලයන් එවන් ප්‍රකාශ කරන්නේ ගිවිසුම් ගැන කිසිදු අවබෝධයක් නැතිව බවයි. අදාළ ගිවිසුම් දෙකම මේ රටට ඉතා අහිතකර ඒවා යයි වීරවංශ අවධාරණය කර සිටියි.

වීඩියෝ 

                        


අගෝස්තු 11 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයෙදී එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ, තමා කිසිඳු විදෙස් රටකට ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය පාවා දීමට සුදානම් නැතැයි පවසමින්, ඒකාබද්ධයේ ජාතිකවාදී බලවේග දිනා ගැනීමට උත්සහ කල ද මින් ඉදිරියට ඇමරිකාව සමග සොෆා සහ ඇක්සා වැනි ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ ද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම ද විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ කනස්සල්ලට හේතුවී ඇතැයි ද 'theleader.lk' වෙත වාර්තාවේ.

ගෝඨාබය රාජපක්ෂ සිය කතාවේදී අමෙරිකානු ආරක්ෂක ගිවිසුම් ප්‍රතික්ෂේප නොකළේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් මේවනවිටත් නොවිසඳි ඇති ගැටළු නිසා විය හැකි යයි ද සමාජ මාධ්‍ය සැකමතු කරයි.

ගෝඨාබය රාජපක්ෂගේ ආණ්ඩුවක් යටතේ අදාළ ගිවිසුම් අත්සන් කර ගැනීම සඳහා ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය නිදහස් කිරීමට ඇමරිකානු රජය කටයුතු කරන්නේ ද යන සාධාරණ සැකයක් මතුව Gota text 29ඇතැයි ද එවැනි සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන්වේ.

ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන් මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු  මන්ත්‍රී නලින්ද ජයතිස්ස මිට ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසීය. 2007 වසරේ ජූලි මාසයේ අත්සන් කළ එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියොජනය කරමින් අත්සන් තැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මේ වන විටත් ඇමෙරිකානු ‍යුද නැව් පැමිණෙන්නේ එම ගිවිසුම අනුව විය හැකි බව කී මන්ත්‍රීවරයා, මේවනවිට එම නැව් ගැන කතාකරන මන්ත්‍රීවරුන් ගිවිසුම අත්සන් කළ කාලයේ නිහඬව සිටි බවද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම ගිවිසුම අත්සන් කළ සමයේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගෙන්  තමන් ඒ ගැන විමසීමක් කළ බවයි.

එම ගිවිසුමට තමන් අත්සන් නොකරන නිසා කලබල නොවන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිවරයකු අත්සන් කරන එම ගිවිසුම වලංගු එකක් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසූ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.


වීඩියෝ 


මේවනවිට කල් ඉකුත්ව ඇති එම ඇමරිකානු ගිවිසුම් යළි අත්සන් කිරීමට ඉඩක් තිබේදැයි කියන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයකු වන ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.

''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''


සබැඳි පුවත්:
සොෆා සහ ඇක්සා ගිවිසුම් ගැන ගෝඨාගේ නිහැඬියාව ගැටළුවක් වෙලා!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්