ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට හා දර්ශනයට හානිවන කිසිඳු වැඩපිළිවෙළකට එළැඹීමට තමා සූදානම් නොමැති බව ජනපති අවධාරණය කරයි.

හෙතෙම එබව කියා සිටියේ, අද (29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ, පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයින්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ද ඔහු කියා සිටියේය.

MS Kurunegala

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා, ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

 

පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට:

Sep 29 Texxt 2මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිඛෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සදහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි.  

තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා,  දූෂිත ප්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිඛෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැගීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිඛෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප්‍රතිපත්තිය අතර තිඛෙන ගැටුමක් බව ද ඔහු  පෙන්වා දුන්නේ ය. 

අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලූවක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අද මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

Madamulana

අශිලාචාර දේශපාලන චෝදනාවකට ලක් නොවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පක්ෂයේ අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය රැක ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ සේවයට කැපවන බව ද ජනාධිපතිවරයා සම්මේලනය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රීක් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රීක් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න ඇතුළු ආණ්ඩුකාවරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්