ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති රිට් පෙත්සම ඔක්තෝබර් මස 2, 3, 4 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම කළේය.

ගෝඨාබය රාජපක්ෂ 2005 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ ක්‍රමවත් පිළිවෙළකට නොවන බැවින් ඔහු තවමත් අමෙරිකානු පුරවැසියකු වන බව සඳහන් කරමින්, 'සිවිල් සංවිධාන එකමුතුව' වෙනුවෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ප්‍රවීන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ගෝඨාබය රාජපක්ෂ පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ, 2005 වසරේ නොවැම්බර් මස වන විට එම විෂයයට අදාළ ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටි බවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි කවුරුන් හෝ අත්සන් කර ඇති බවත් ඒ කවුරුන්දැයි පැහැදිළි නොමැති බවත් සඳහන් කරයි.

මේ කරුණු මත ගෝඨාබය රාජපක්ෂ ගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය වලංගු නොවන බවද පෙත්සම්කරුවෝ සඳහන් කරති.

මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ ගෝඨාබය රාජපක්ෂ නීත්‍යානුකූල ලෙසට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

තුත්තිරි ගහෙත් එල්ලෙනවා - ගෝඨාබයගේ නීතිඥයා කියයි 

මෙම පෙත්සම සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති ගෝඨාබය ගේ නීතිඥ මණ්ඩලයේ ප්‍රධානි, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මෙසේ සඳහන් කර තිබේ.

නඩුව අවුල් නම් මන:කල්පිත තාක්ෂනික දොෂ පස්සේ යනවා!
ඡන්ද අවුල් නම් තුත්තිරි ගහෙත් එල්ලෙනවා!
ජනාධිපති තේරිය යුත්තේ ජනතාව!

Screen Shot 2019 09 30 at 12.23.42 PM
සබැඳි පුවත් :

ගෝඨාබය ශ්‍රී ලාංකික පුරවැසියෙක්දැයි සැකය අභියාචනාධිකරණයට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්