ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම

වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරක වික්ටර් අයිවන් පවසන්නේ, ''ගෝඨාබය ජනාධිපතිවරණයට පෙර 'අවුට්' විය හැකියි'' කියාය.

එම පෙත්සම හා එයින් මතුකර ඇති කරුණු කාරනා සම්බන්ධයෙන් විග්‍රහයක් කරමින් ඔහු සිය FB පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන්ගේ චෝදනාව වී තිබේ.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවෝ එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති.

Sep 30 Texxt 3'රාවය' පුවත්පතේ උපදේශක වික්ටර් අයිවන්ගේ FB සටහනේ තවදුරටත් මෙසේද දැක්වේ. 

''ගෝඨාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බලපත්වලට අදාලව පරීක්ෂණ වාර්තාද මා හොදින් හැදෑරුවා. මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නැති බවය.

තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය පමණක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි. ඔහු පුරවැසි  නීති උල්ලංඝනය කර තිබෙනවා. ආගමන විගමන නීති උල්ලංඝනය කර තිබෙනවා. කුඨ ලේඛන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

ඔහු පරන හැදුනුම්පත ලබාගෙන තිබෙන්නේ 1976 දෙසැම්බර් 21වනදා. එහි අන්කය 491724021 V විදේශ ගමන් බලපත් අංකය N 5384975. ඔහුට ඇමරිකන් පුරවැසිභාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකුගෙ ලංකාවේ පුරවැසිභාවය ස්වයංක්‍රිය ලෙස අහිමිවනවා. 2005 ජනාධිපති මැතිවරනයෙදී ඔහු ලංකාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 2005 නොවැම්බර් 18 වන සිකුරාදාය. ගෝඨාබයට ද්වීත්ව පුරවැසිභාවය  ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය. සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.

ද්වීත්ව පුරවැසිභාවය සඳහා ඉදිරිපත්කළ අයදුම්පතේ ගෝඨාබය තමන් හදුන්වා ගෙන ඇත්තේ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි. ඒ නිසා එම අයදුම්පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කුඨ ලේඛනයක් වශයෙනි.

 

චේතනාන්විතව කරන ලද බරපතල වරදක් !

ඔහු අලුත් ජාතික හැදුනුම්පත (194917210010) ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසිභාවය තිබියදීය. නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017, 2018 හා 2019 යන වර්ෂ සඳහා මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු  පරන හැදුනුම්පත යොදාගෙනය.

එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.

ගෝඨාබය තමන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය (N 192600594) ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුරවැසිභාවය තිබිය දීය. ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කර තිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝඨාබය සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය. නීතියට අනුව නම් ඔහුට ජනාධිපතිවරණයට තරග කල නොහැකිය. ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක්විය හැකිය.''

සබැඳි පුවත් :
ගෝඨාබය ශ්‍රී ලාංකික පුරවැසියෙක්දැයි සැකය අභියාචනාධිකරණයට! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්