ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම

වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට නීතිමය පදනමක් නැතැයි 'පිවිතුරු හෙළ උරුමය' නායක, නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

අද (30) දින පැවැති ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී ඔහු එබව කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ  'පිවිතුරු හෙළ උරුමය' නායකයා මෙසේද පැවසිය.

Sep 30 Texxt 5''එජාපයේ සාමාජිකයින් සජිත් ප්‍රේමදාස ඉල්ලන විට අපි සජිත්ට බය වුණේ නෑ.  අපිත් කිව්වේ සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කියලා. හැබැයි අනෙක් පැත්තෙන් අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨාභයව. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අය 'ගෝඨා භය' කියන රෝගයෙන් පෙලෙන නිසා ගෝඨාබය මේ මැතිවරණය තරගකිරීම නැවැත්වීම සදහා කළ හැකි සෑම දෙයක්ම මේ ආණ්ඩුව කරමින් ඉන්නවා.  

මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන්, 2015 පෙබරවාරි මස ඇවන්ට්ගාඩ් නැව අත්අඩංගුවට ගත් මොහොතේ ඉදන්, මේ දක්වා ආණ්ඩුවේ එකම ව්‍යාපෘතිය වුනේ 2019 ජනාධිපතිවරණයට ගෝඨාබය තරග කිරීම වලක්වා ගැනීමයි. ගෝඨාබයට නඩු දානවා.  දාන දාන නඩුව අධිකරණය ඉවත දානවා.  නැති නම් අත්හිටුවනවා.  නමුත් එජාපය නඩු දාන එක නම් නතර කරලා නෑ.

පසුගිය සිකුරාදා ගෝඨාබයට එරෙහිව තවත් නඩුවක් පැවරුවා.  අද (සැප්තැම්බර් 30)  අභියාචනා අධිකරණය විසින් එම නඩුව  දෙවැනිදා සහ තුන්වෙනිදා සවස්වරුවේ විභාග කිරීමට තීරණය කර තිබෙනවා. අපි දන්නවා හත්වැනිදා නාමයෝජනා. තුන්වෙනිදා හවස් වන තුරු නඩුව අහලා හතර වැනිදා තීන්දුවක් දුන්නොත් කියලා රටේ ජනතාවට බියක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. 

අපේ තෝරා ගැනීම වන, සමස්ත ජාතියේ සාතිශය බහුතරයේ තෝරාගැනීමවන ගෝඨාබයට ඡන්දය දෙන්න බැරි වේවි දැයි ජනතාව තුළ බියක් ඇති වෙන්නට පුළුවන්.

රාජිත සේනාරත්න ඇමැතිතුමා ඊයේ ප්‍රකාශ කළා මාධ්‍ය ඉදිරියේ මෙය එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක් බව. එක්සත් ජාතික පක්ෂය මේ නඩුව පවරන්නේ  ගෝඨාබය මැතිවරණයට ඉදිරිපත් වුණොත් සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කළ නොහැකි වන නිසා කෙසේ හෝ ගෝඨාබය නවත්වා ගත යුතුයි කියන බලාපොරොත්තුවෙන්.

 

''මේ නඩුව පදනම් විරහිත නඩුවක්''Sep 30 Texxt 6

මේ නඩුව පදනම් විරහිත නඩුවක් බව තමුන්නාන්සේලාට පැහැදිලි කිරීම අපේ පාර්ශවයේ වගකීමක් වෙනවා. 2003 වසරේ දී ගෝඨාබය ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා.  ඒ සමගම ලංකාවේ නීතියට අනුව ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා.  ඒ අනුව 2005 නොවැම්බර් 21 දින නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගන්නවා.  ඒ පුරවැසිකම ලබා ගත් සහතිකය තමා මේ තිබෙන්නේ.

2005 නොවැම්බර් 21 දින අමාත්‍යංශ ලේකම් වෙනුවෙන් අතිරේක ලේකම් වරයෙක් අත්සන් කර තිබෙනවා. රටේ ජනපති විදිහට මහින්ද රාජපක්ෂ මේ සහතිකයට අත්සන් තබා තියෙනවා. පෙත්සම්කරුවන් කියන්නේ 2005 වසරේ දී නව ඇමති මණ්ඩලය පත් කලේ නොවැම්බර් 22 දා.  ඇමතිවරු පත් කරන්න කලින් ලේකම්වරුන් පත් කරන්න කලින් ඇමතිගේ නිර්දේශය අරන් ලේකම් අත්සන් කරලා ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කලේ කොහොමද කියන එක තමයි මේ නඩුවේ පදනම.  ඒ අනුව ගෝඨාබය ලංකාවේ පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කරන මෙන් අධිකරණයෙන් ඉල්ලමින් මේ නඩුව ගොනු කර තිබෙන්නේ.

 

''ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පැවරුවේ නැති සෑම විෂයක්ම ජනාධිපති යටතේ..''

ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පැවරුවේ නැති සෑම විෂයක්ම ජනාධිපති යටතේ තිබෙන බව 19 වන සංශෝධනයට කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා.

“ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම  පවරා ගැනීම කළ හැකි අතර මේ  ව්‍යවස්තාවේ පළමුවන අනු ව්‍යවස්තාවේ විධිවිධාන යටතේ හෝ 45වන ව්‍යවස්තාවේ පළමුවන අනු ව්‍යවස්තාවේ විධිවිධාන යටතේ හෝ යම් අමාත්‍යවරයකුට පවරනු නොලැබූ යම්කිසි විෂයයක් හෝ කාර්යයක් භාරව සිටිය යුත්තේය. තත්කාරය සදහා තමා භාරයේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීම ද කළ හැක්කේය. ඒ අනුව එම විෂය හෝ කාර්ය පවරනු ලැබූ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් කිසි ලිඛිත නීතියක හෝ ඇති සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන්  ඇති සදහනක් එලෙස කියවා තේරුම් ගත යුත්තේය.”  ලෙසින් එහි සඳහන් වෙනවා.  

මින් මොකක්ද කියන්නේ. ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පත් කර නැතිනම් ඒ සියලුම අමාත්‍යංශයටික සියලුම විෂයයන්ටික හා සියලුම ආයතන ටික තියෙන්නේ ජනාධිපතිවරයා යටතෙයි.  ඒ නිසා 2005 නොවැම්බර් 21 දින වන විට සෑම අමාත්‍යාංශයකම ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ.  ඒ වගේම සෑම අමාත්‍යාංශයකම ලේකම් ජනාධිපති ලේකම්.  ඒ නිසා ලේකම් වෙනුවෙන් කියා අතිරේක ලේකම් අත්සන් කරන විට ඔහු අත්සන් කලේ ජනාධිපති ලේකම් වෙනුවෙන්.

 

'' 2005 නොවැම්බර් 21 දින සිට ගෝඨාබය ලංකාවේ පුරවැසියෙක්.''

ඇමෙරිකාවේ පුරවැසියෙකු වී සිටින විට ලංකාවේ ජනාධිපතිවරයා මෙන්න මේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරනවා.  එහෙම නම් 2005 නොවැම්බර් 21 දින සිට ගෝඨාබය ලංකාවේ පුරවැසියෙක්.

 2019 මැයි 3 දා මෙන්න මේ ඇමෙරිකානු පුරවැසිකම අහිමි වීමේ සහතිකය ඇමෙරිකානු ආණ්ඩුව නිකුත් කරනවා.  මේ සහතික දෙක ගෝඨාබයගේ ඉල්ලීම මත අද අපි මාධ්‍ය වලට නිකුත් කරනවා. එජාපය කිව්වෙ මෙහෙම සහතික නෑ කියලයි. එජාපයේ මේ සහතික නැතැයි නැතැයි කියලා හඬා වැටෙන මන්ත්‍රීවරුන්ටත් අනේ ඉල්ලුවොත් ලෝබ හිතන්නේ නැතුව මෙහි ඡායා පිටපතක් ලබා දෙන්න.

ඉහළ සිට පහළට පහල සිට ඉහලට අධ්‍යයනය කර බලලා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ ඥාණය කියලා තියනවානේ.  ඉන්ද්‍රියන්ගෙන් දැකලා තේරුම්ගන්න එජාපයේ අයටත් මේක ලබාදෙන්න.  එහෙම නම් 2019 මැයි 3 දින සිට එතුමා තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවේ.  ඇමෙරිකානු පුරවැසියෙකු නොවේ. පුරවැසිකම තිබෙන්නේ ලංකාවේ පමණයි.

 

ජනාධිපති උපදේශකගේ ප්‍රතිචාරය මෙන්න

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මෙසේ සඳහන් කර තිබේ.

''රටට ඉදිරිපත් කරපු ලියවිල්ල සනිටුහන් කරන්නෙ ක්‍රියාවලියේ අවසානය නොව ආරම්බයයි.
ගම්මන්පිල මහත්තයෝ අමරිකානු Nationality Act නිතියේ 501 වගන්තිය කියවන්න.''

Shiral Post

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්