ජනාධිපතිවරණයට දැනට ඉදිරිපත් වී සිටින හා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් දෙස බලන විට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඒ අතරින් නියම සුදුස්සා බව උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් පවසයි.


අඩුපාඩුකම් කීපයක් දකින්න ඇතත් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයාවීම සම්බන්ධයෙන් තමන්ට පෞද්ගලිකව විශාල සතුටක් ඇතැයි මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු පෙරේදා (29) කියා සිටියේය.

සජිත් ප්‍රේමදාසගේ දැනුම උගත්කම හා පියාගෙන් ලද දේශපාලන ආභාෂය නිසා ඔහුට හොඳ පාලනයක් ගෙන යා හැකි බවට තමන් විශ්වාසකරන බවද විග්නේස්වරන් මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස දෙමළ විරෝධියකු බව තවමත් පෙනෙන්න නොමැතිකම නිසා තමන් ඒ ගැන සතුටු වන බව පැවසූ විග්නේස්වරන්, මේ රටේ 75 % ක් සිංහල බෞද්ධ ජනතාව වන අතර උතුරු- නැඟෙනහිර ජනතාවගෙන් 85%ක් ම දෙමළ ජනතාව බවද සජිත් ප්‍රේමදාස අවබෝධ කර ගත යුතුව ඇතැයි කීය.

සජිත් ප්‍රේමදාස නිවැරැදි හා කාලෝචිත තීරණයකට එළඹ ක්‍රියා කළහොත් උතුරු- නැඟෙනහිර සියලු දෙමළ ජනතාවගේ සහාය ඔහුට ලබා ගත හැකි බව කී විග්නේස්වරන් කීය.

සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධකම කරපින්නා ගෙන රට පාලනය කිරීමට සූදානම් බවක් පෙනෙන්නට තිබීමත් රණවිරුවන්ව ආරක්ෂා කිරීමට සහතික ලබා දීමත් ඔහුගේ අඩුපාඩු වශයෙන් දකින බවද විග්නේස්වරන් කීය.

'සජිත්ට සහාය දෙන්න එකග වූයේ නෑ'.- සුමන්තිරන්
 
එම්.ඒ සුමන්තිරන් 

image e9a6f09f99මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසන්නේ, ජනාධිපතිවරනයේදී සහය ලබා දෙන අපෙක්ෂකයා කව්රුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මන්ත්‍රී වරයා මේ බව පැවසුවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජනහමුවක් මුලතිව්හි කුමලමුනෙහි පැවත්වීමන් පසුව පැවත් මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ එම පක්ෂයේ මන්ත්‍රීනි ශාන්ති ස්‍රී ස්කන්දරාසා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

එහිදී මාධ්‍යවේදියකු කල ප්‍රශ්න කිරීමක දී පිළිතුරු දුන් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේපැවසිය.

''ජනාධිපතිවරණයේදී  අපේ පක්ෂය විසින් කාටද සහය ලබා දෙන්නේ කියල නිල අවසන් තීරණයක් මේ වන තුරුත් අරන් නැහැ. කාටද සහය පලකල යත්තේ කියලවත් අවසන් තීරණයක් අරන් නැහැ. අපි සියලු අපේක්ෂකයින් සමග ඔවුන් කැමතිනම් සාකච්ඡා කරමු කියලයි අපි තීරණයක් අරන් තියෙන්නේ. එවැනි සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පැවත්වෙමින් තියනවා. ඒ සාකච්ඡා සියල්ල අවසන් වූ පසු ඔවුන් ගන්නා තීරණයට අනුව අපි තීරණයක් ගන්නවා  කව්ද සුදුස්සා කියලා''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්