අරගලය- අපේක්ෂාවේ සත්‍යක්‍රියාව වැඩසටහනේ කෙල්ලෙක් මල් දීපු එක වැරදි නම්

ඒ වරද මං ගෞරවයෙන් බාරගන්න වරදක්. සාමූහික වැඩකදි තනි පුද්ගල අයිතීන් නැති වුනත් ඔරිජිනල්කාමී පොරවල් විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ මේක මං කරපු වැඩක් වග කියන්නෙ ආඩම්බරෙන්.

අප්‍රේල් 21 දාට යෙදෙන මංගලගෙ උපන්දිනය වෙනුවෙන් 'රැඩිකල් මැද සාමූහිකයෙන්' සැමරුමක් තිබුන. මංගල ප්‍රාර්ථනා කරපු නව දේශපාලනය දිශාවට එක පියවරක් හෝ තියන්න උත්සාහයක් එතන තිබුන. ඒ තමයි වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් වෙනුවෙන් සම්මුතියක් ඇති කරගැනීම.

අපේ රටේ ඇතිවුනු සුවිශේෂීම නාගරික අරගලයේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉස්මතු වුනු අපේක්ෂාවන් තිබුන. ඒ වගේම ඒ අපේක්ෂාවන් පදනම් කරගෙන විවිධ සිවිල් සංවිධාන විසින් තවත්‍ යෝජනාවලීන් ඉදිරිපත් කළා.



මේ සියලු යෝජනා අතර තිබුණු මිසින්ග් ලින්ක් එක වුනේ මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශ්ව එක්ක සම්මුතියක් අහිමි වීම.  අපේක්ෂාවේ සත්‍යක්‍රියාව සිද්ද වුනේ ඒ වෙනුවෙන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ විරෝධී පිරිස් එක පෙරමුණකට ගැනීමත්, අරගලය සමග සමගාමී දේශපාලන සටනකට අවතීර්ණ කිරීමත් මෙහි අරමුණ වුනා.



ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ සාමාජිකයන් හැරෙන්නට අන් බහුතරයක් පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මේ සම්මුතියට එකඟ කරගන්න අපිට පුළුවන් වුනා. අරගලයේ ආදරය සංකේතවත් කරමින් මේ මල් බෙදීම සිද්ද වුනේ ඒ සම්මුතියේ දිගහැරුම අතරයි.

sdfgf

මේ ලෝකෙ තියෙනවා මීම් කියල දෙයක්. මොකක් හරි විශේෂ දෙයක් සිද්ද වුනාම ඒකෙන් මීම් හැදෙනවා. මීම් එක කවදාවත් ඔරිජිනල් එක වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. ඒක හරියටම ජෙහාන් කුරුසිය කරගහගෙන එන එකෙන් ජේසු වගේ වෙන්න හදන්නෙ නෑ වගේමයි. ඒක මීම්කරණය වෙනවා.

අරගලයේ දරුවෙක් අතින් වඩාගෙන රාත්‍රියේ මිරිහානට පැමිණි ගැහැණිය මේ අරගලයේ රූපය හැටියෙන් අපි යොදාගත්තා. ඒ වගේම බැරියර් එක උඩ නැගලා සොල්දාදුවෙකුට මලක් දීපු (වියට්නාම් යුද්දයට එරෙහි හිපි ව්‍යාපාරයේ සංකේතය කොපි කිරීම - ෆ්ලවර් චිල්ඩ්රන්) ඒ අවස්ථාවත් මේ සම්මුතිය වෙනුවෙන් යොදාගත්තා.

අරගලයේ මූල අවස්ථාව වුනු නිහඩ විරෝධයත් යොදාගත්තා. අරගලයේ සටන් පාඨ පාවිච්චි කළා.

ඒ සියල්ලෙහි අරමුණ වුනේ දේශපාලකයන් හට පිටත පවතින අරගලය මෙබන්දක් යැයි සන්නිවේදනය කිරීමයි.

ඒ කෙල්ල හරීන්ට මලක් දුන්නා. සජිත්ට, රනිල්ට, සුමන්තිරන්‍ට, හකීම්ට, පාඨලීට වගේම එතන හිටපු නමක් නොදන්නා තව ගොඩක් අයට මල් දුන්නා. ‍හමුදාවෙ අයටත් පොලිසියෙ අයටත් මල් දුන්නා.

උතුරේ මෙන්ම දකුනේදීත් උඩින් එන අණකින් කාගේ හෝ ජීවිත අහිමි කළ සොල්දාදුවන්ට මලක් දිය හැකි නම් මන්ත්‍රී කෙනෙකුට මලක් දිය නොහැකි ඇයි කියල මට ප්‍රශ්නයක්. සොල්දාදුවාට වගේම මන්ත්‍රීටත් මලක් දීලා අරගලයට එක්වන්නැයි යෝජනා කරන්න මං කැමතියි.

dferaw

ඒ මල පිරිනැමීම එතනදි කරන්නෙම ඒ මුල් අවස්ථාවෙ සොයුරියට ගෞරවයක් පිනිසයි.


යම් පක්ෂයක් තමන්ගේ ව්‍යාපෘතියකට බාධා වේ යැයි හිතනවා නම් මිස ඒකෙන් වෙන්න පුළුවන් අගතිය මට තේරුම් ගන්න අමාරුයි. අරගලයේදීත් අපි කොපිරයිට් ක්ලේම් කරන්න දඟලනවා කියන්නෙ තරමක් විහිලුසහගතයි.



ම‍ගේ යෝජනාව මීම් තේරුම් ගන්න කියන එකයි. ඒ මීම් ගල් විදිහට නැතුව මල් විදිහට බාරගන්න කියන එකයි. මේක ඒ වැඩේට ආදරෙන් කරපු දෙයක් මිස වැ‍ඩේ ගැන වෛරයෙන් කරපු දෙයක් නෙමෙයි.

සොල්දාදුවාත්, සිවිල් ක්‍රියාකාරිකයාත්, වෙලෙන්දාත්, දේශපාලකයාත්, ලිංගික ශ්‍රමිකයාත්, බේබද්දාත් සියල්ලන්ම අරගලයේ කොටස්කරුවන් කියන එකයි අපේ විශ්වාසය.

Chinthana D(චින්තන ධර්මදාස)
'රැඩිකල් මැද සාමූහිකය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image